Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (176) Surah: Āl-‘Imrān
وَلَا یَحْزُنْكَ الَّذِیْنَ یُسَارِعُوْنَ فِی الْكُفْرِ ۚ— اِنَّهُمْ لَنْ یَّضُرُّوا اللّٰهَ شَیْـًٔا ؕ— یُرِیْدُ اللّٰهُ اَلَّا یَجْعَلَ لَهُمْ حَظًّا فِی الْاٰخِرَةِ ۚ— وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟
අහෝ! දූතය, කුහකයින් අතුරින් නැවතත් තම පැරණි දහම මත හැරී යමින් දේව ප්රතික්ෂේපය තුළ යුහුසුළු ව කටයුතු කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුන් ශක්තිය නොලබති. අල්ලාහ් ව විශ්වාස කිරීම ඔහුට අවනත වීම යනාදියෙන් ඔවුන් දුරස් වීමෙන් ඔවුන් ඔවුන්ටම හානිපමුණුවා ගනිති. මතු ලොව සැපසම්පත් වලින් හිමි කොටස ඔවුනට හිමිකර නොදී ඔවුන්හට ආශිර්වාද ලබා නොදී ඔවුන් අවමානයට පත් කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. ඔවුනට නිරා ගින්නේ මහත් වූ දඬුවම් ඇත.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• ينبغي للمؤمن ألا يلتفت إلى تخويف الشيطان له بأعوانه وأنصاره من الكافرين، فإن الأمر كله لله تعالى.
•දෙවියන් විශ්වාස කරන්නා ෂෙයිතාන්ගේ බිය ගැන්වීමට බිය නොවිය යුතුය. ඒ දෙස හැරී නොබැලිය යුතුය. දේව ප්රතික්ෂේප කරන්නන් අතරින් ඔහුට උදව් උපකාර කරන ඔහුගේ ගෝලයින් සිටිති. සියලු කරුණු සතුවන්නේ උත්තරීතර අල්ලාහ්ට පමණක් බව දැන ගත යුතු වේ.

• لا ينبغي للعبد أن يغتر بإمهال الله له، بل عليه المبادرة إلى التوبة، ما دام في زمن المهلة قبل فواتها.
•ගැත්තාට අල්ලාහ් දුන් කාල අවකාශය තමන්ටම රැවටීමක් බවට පත් කර ගැනීම සුදුසු නොවන්නේය. එම කාල අවකාශය අවසන් වීමට මත්තෙන් එම කාලය පිහිටනා තුරු පාප ක්ෂමාව අයැද සිටීම සඳහා ඔහු පෙරටුගාමී විය යුතුය.

• البخيل الذي يمنع فضل الله عليه إنما يضر نفسه بحرمانها المتاجرة مع الله الكريم الوهاب، وتعريضها للعقوبة يوم القيامة.
•තමන්ට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද වළක්වා ගන්නා මසුරා ඔහු හානි කර ගනුයේ ඔහුටමය. මහා දානපති ගෞරවනීය අල්ලාහ් තිළිණ වශයෙන් පිරිනමා ඇති ඒවා ඔහු තහනම් කර ගනියි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම සඳහා ඒවා ඉදිරිපත් කරනු ලැබේ.

 
Translation of the meanings Ayah: (176) Surah: Āl-‘Imrān
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close