Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
95 : 3

قُلْ صَدَقَ اللّٰهُ ۫— فَاتَّبِعُوْا مِلَّةَ اِبْرٰهِیْمَ حَنِیْفًا ؕ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟

අහෝ! නබිවරය, යඃකූබ් තුමාණන් ගැන කවර තොරතුරක් දන්වා සිටියේ ද ඒ ගැනත් අල්ලාහ් පහළ කළ එමෙන්ම ආගමානුගත කළ සියල්ල ගැනත් අල්ලාහ් සත්යයම පවසා ඇත. එහෙයින් නුඹලා ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාගේ දහම අනුගමනය කරනු. එතුමාණන් අන් සියලු දහම්වලින් දුරස් වී ඉස්ලාම් දහම වෙත නැඹුරු වූහ. කිසිවිටෙක එතුමාණන් අල්ලාහ් සමග කිසිවකු ආදේශ නොකළහ. info
التفاسير:
Benefits of the Verses on this page:
• كَذِبُ اليهود على الله تعالى وأنبيائه، ومن كذبهم زعمهم أن تحريم يعقوب عليه السلام لبعض الأطعمة نزلت به التوراة.
•යුදෙව්වන් අල්ලාහ් හා ඔහුගේ නබිවරුන් කෙරෙහි බොරු පැවසීම, ඇතැම් ආහාර යඃකූබ් තුමාට තහනම් කර තිබීම තව්රාතයේ පහළ කර ඇතැයි යන ඔවුන්ගේ සිතුවිල්ල එම බොරුවලින් එකකි. info

• أعظم أماكن العبادة وأشرفها البيت الحرام، فهو أول بيت وضع لعبادة الله، وفيه من الخصائص ما ليس في سواه.
•නැමදුම් කරන ස්ථාන අතුරින් වඩාත් උසස් මෙන්ම වඩාත් ශ්රේෂ්ඨ වනුයේ බයිතුල් හරම් වේ. එය අල්ලාහ් ව නැමදුම් කිරීම සඳහා ඉදි කරන ලද මුල්ම දේවස්ථානයයි. වෙනත් දේවස්ථානවල නොමැති විශේෂයන් බොහෝමයක් එහි දක්නට ඇත. info

• ذَكَرَ الله وجوب الحج بأوكد ألفاظ الوجوب تأكيدًا لوجوبه.
•‘වුජූබ්’ යන අරාබි පදයෙන් අර්ථවත් වන ‘අනිවාර්යය’ යන පද යෙදුමෙන් හජ් ඉටු කිරීම අනිවාර්යය කටයුත්තක් බව මෙහිදී අල්ලාහ් සිහිපත් කර ඇත. info