Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
52 : 5

فَتَرَی الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ یُّسَارِعُوْنَ فِیْهِمْ یَقُوْلُوْنَ نَخْشٰۤی اَنْ تُصِیْبَنَا دَآىِٕرَةٌ ؕ— فَعَسَی اللّٰهُ اَنْ یَّاْتِیَ بِالْفَتْحِ اَوْ اَمْرٍ مِّنْ عِنْدِهٖ فَیُصْبِحُوْا عَلٰی مَاۤ اَسَرُّوْا فِیْۤ اَنْفُسِهِمْ نٰدِمِیْنَ ۟ؕ

අහෝ දූතය, විශ්වාසය දුර්වල වී ගිය කුහකයින්, යුදෙව්වන් හා කිතුනුවන් සමග මිතුදම් පාන්නට යුහුසුලු ව කටයුතු කරනු ඔබ දකිනු ඇත. ඔවුන් මෙසේ පවසති: "මොවුන් ජය ලබා රාජ්ය බලය ඔවුනට හිමි වූ විට අප ගැන ඔවුනට පිළිකුලක් ඇතිවනු ඇතැයි අපි බියවන්නෙමු." ඇතැම් විට එම ජය අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන්හට දිය හැක. එසේ නැතහොත් ඔහු වෙතින් යම් කරුණක් පැමිණ යුදෙව්වන් හා ඔවුනට මිතුදම් පෑ අයගේ බලය හීන කළ හැකිය. එවිට ඔවුන්ගේ සිතෙහි සඟවා සිටි කුහකත්වය මත ඔවුන් සමග මිතුදම් පෑමට යුහුසුලු වීම ගැන ඔවුහු පසුතැවිලි වෙති. එය, ඔවුන් වටහාගෙන සිටි පරිදි සිදු විය යුතු හේතු සාධක නිෂ්පල වී ගිය බැවිණි. info
التفاسير:
Benefits of the Verses on this page:
• التنبيه علي عقيدة الولاء والبراء التي تتلخص في الموالاة والمحبة لله ورسوله والمؤمنين، وبغض أهل الكفر وتجنُّب محبتهم.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ටත් දේව විශ්වාසී ජනයාටත් ආදරය කිරීමේදී හා ඔවුන් සමග සම්බන්ධ ව කටයුතු කිරීමේදී පක්ෂපාතීත්වය හා නිර්දෝෂීභාවය පිළිබඳ ප්රතිපත්තිය අවදි කරවීම හා දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රෝධය හා ඔවුන් සමග ලෙන්ගතු ව කටයුතු කිරීමෙන් වැළකී සිටීම පිළිබඳ ව අවදි කරවීම. info

• من صفات أهل النفاق: موالاة أعداء الله تعالى.
•අල්ලාහ්ගේ සතුරන් සමග මිතුදම් පෑම කුහකයින්ගේ ගුණාංගයකි. info

• التخاذل والتقصير في نصرة الدين قد ينتج عنه استبدال المُقَصِّر والإتيان بغيره، ونزع شرف نصرة الدين عنه.
•ආගමට උදව් කිරීමේදී අඩුපාඩුකම් දැක්වීම සහ නොසැලකිලිමත්කම හේතුවෙන් ඒ වෙනුවට අඩුපාඩු ඇති දෑ හුවමාරු කිරීමත් ඒ හැර වෙනත් දෑ ගෙන ඒමත් එමගින් ඇති වන්නේය. එමෙන්ම දහමට උදව් කිරීමේ මහිමය ඔහුගෙන් ඉවත් ව යන්නේය. info

• التحذير من الساخرين بدين الله تعالى من الكفار وأهل النفاق، ومن موالاتهم.
•අල්ලාහ්ගේ දහමට අපහාස කරන දේව ප්රතික්ෂේපකයින් හා කුහක ජනයාගෙන් ප්රවේශම් වීම හා ඔවුන් සමග සමීප මිත්රත්තවය පැවැත්වීමෙන් ප්රවේශම් වීම. info