Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Surah: Ar-Rahmān   Ayah:

අර් රහ්මාන්

Purposes of the Surah:
تذكير الجن والإنس بنعم الله الباطنة والظاهرة، وآثار رحمته في الدنيا والآخرة.
අල්ලාහ්ගේ අභ්යන්තර හා බාහිර ආශිර්වාදයන් පිළිබඳ මිනිස් වර්ගයා හා ජින් වර්ගයාට මෙනෙහි කිරීම. මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ඔහුගේ ආශිර්වාදයේ බලපෑම.

اَلرَّحْمٰنُ ۟ۙ
විශාල කරුණා ගුණයෙන් යුත් මහා කාරුණිකය.
Arabic explanations of the Qur’an:
عَلَّمَ الْقُرْاٰنَ ۟ؕ
අල් කුර්ආනය පාඩම් කිරීමට හා එහි තේරුම වටහා ගැනීමට පහසු අයුරින් මිනිසාට ඔහු එය ඉගැන්වීය.
Arabic explanations of the Qur’an:
خَلَقَ الْاِنْسَانَ ۟ۙ
මනා සැකැස්මකින් හා අලංකාර ස්වරූපයකින් යුතුව මිනිසා ව ඔහු මැව්වේය.
Arabic explanations of the Qur’an:
عَلَّمَهُ الْبَیَانَ ۟
ඇතුළත ඇති දෑ පැහැදිලි කරනුයේ කෙසේදැ?යි කතාවෙන් හා ලිවීමෙන් ඔහු ඔහුට ඉගැන්වීය.
Arabic explanations of the Qur’an:
اَلشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ ۟ۙ
හිරු හා සදුට නියමිත ගණන් පිළිවෙතක් ඇති කළේය. වර්ෂ ගණන් හා කාලවේලාවන් මිනිසා හඳුනා ගනු පිණිස ඒ දෙක ඉතා සූක්ෂම ගණන් විලාසයකට අනුව ගමන් කරයි.
Arabic explanations of the Qur’an:
وَّالنَّجْمُ وَالشَّجَرُ یَسْجُدٰنِ ۟
කඳන් නොමැති පැළෑටි (හේ තරු) හා ගස් ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ට අවනතව යටහත්ව සුජූද් - සිරස නමස්කාර - කරති.
Arabic explanations of the Qur’an:
وَالسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ الْمِیْزَانَ ۟ۙ
අහස මහපොළොවට ඉහළින් එහි වියනක් සේ ඔසවා තැබුවේය. මහපොළොවේ යුක්තිය ස්ථාපිත කළේය. එය තම ගැත්තන්හට නියෝග කළේය.
Arabic explanations of the Qur’an:
اَلَّا تَطْغَوْا فِی الْمِیْزَانِ ۟
අහෝ ජනයිනි! නුඹලා වැරදි නොකරනු පිණිසත් කිරුම් මිණුම්වල වංචා නොකරනු පිණිසත් ඔහු යුක්තිය ස්ථාපිත කළේය.
Arabic explanations of the Qur’an:
وَاَقِیْمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِیْزَانَ ۟
නුඹලා අතර සාධාරණ අයුරින් තුලනය ක්රියාත්මක කරනු. නුඹලා වෙනත් අයට කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ එම කිරුම් මිනුම් හි අඩුපාඩු නොකරනු.
Arabic explanations of the Qur’an:
وَالْاَرْضَ وَضَعَهَا لِلْاَنَامِ ۟ۙ
මහපොළොව මත ඇති මැවීම් පවතිනු පිණිස එය සූදානම් කර තබා ඇත්තෙමු.
Arabic explanations of the Qur’an:
فِیْهَا فَاكِهَةٌ وَّالنَّخْلُ ذَاتُ الْاَكْمَامِ ۟ۖ
පලතුරු හට ගන්වන ගස් ද එහි ඇත. ඉඳි හටගන්නා කොපු සහිත ඉඳි ගස් ද එහි ඇත.
Arabic explanations of the Qur’an:
وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّیْحَانُ ۟ۚ
තවද එහි බාර්ලි හා තිරිඟු වැනි පිදුරු සහිත ධාන්යය ද නැවුම් සුවද ලබා දෙන පැළෑටි ද ඇත.
Arabic explanations of the Qur’an:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
Arabic explanations of the Qur’an:
خَلَقَ الْاِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ ۟ۙ
පුච්චන ලද මැටි මෙන් දඟලන හඩක් ඇසෙන වියළි මැටියෙන් ඔහු ආදම් (අලයිහිස් සලාම්) තුමාව මැව්වේය.
Arabic explanations of the Qur’an:
وَخَلَقَ الْجَآنَّ مِنْ مَّارِجٍ مِّنْ نَّارٍ ۟ۚ
පිරිසිදු ගිනි දැල්ලෙන් ඔහු ජින්නුන්ගේ පියාව මැව්වේය.
Arabic explanations of the Qur’an:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
Arabic explanations of the Qur’an:
رَبُّ الْمَشْرِقَیْنِ وَرَبُّ الْمَغْرِبَیْنِ ۟ۚ
ශීත ඍතුවෙන් හා ග්රීෂ්ම ඍතුවෙන් හිරු උදාවන නැගෙනහිරවල් දෙකෙහි හා එය අවරට යන බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
Arabic explanations of the Qur’an:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• كتابة الأعمال صغيرها وكبيرها في صحائف الأعمال.
•ක්රියාවන් අතරින් සුළු හා මහා සියලු ක්රියාවන් ක්රියා ලේඛනයන්හි සටහන් කෙරේ.

• ابتداء الرحمن بذكر نعمه بالقرآن دلالة على شرف القرآن وعظم منته على الخلق به.
•අල් කුර්ආනයේ මහිමය පෙන්වා දෙන පරිදි හා ඔහු තම මැවීම්වලට පිරිනමා ඇති දායාදවල ඉමහත්කම පෙන්වා දෙන පරිදි අල් කුර්ආනය තුළින් එම ආශිර්වාද හා දායාද මෙනෙහි කරමින් මහා කාරුණිකයාණන් ආරම්භ කර ඇත.

• مكانة العدل في الإسلام.
•ඉස්ලාමය තුළ සාධාරණත්වයේ ස්ථාවරය.

• نعم الله تقتضي منا العرفان بها وشكرها، لا التكذيب بها وكفرها.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඒවා මැනවින් වටහා ගෙන ඒවාට කෘතවේදී වන ලෙසත් ඒවා බොරු කර ප්රතික්ෂේප නොකරන ලෙසත් අපගෙන් ඉල්ලා සිටියි.

 
Translation of the meanings Surah: Ar-Rahmān
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close