Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (2) Surah: Al-Hashr
هُوَ الَّذِیْۤ اَخْرَجَ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ مِنْ دِیَارِهِمْ لِاَوَّلِ الْحَشْرِ ؔؕ— مَا ظَنَنْتُمْ اَنْ یَّخْرُجُوْا وَظَنُّوْۤا اَنَّهُمْ مَّا نِعَتُهُمْ حُصُوْنُهُمْ مِّنَ اللّٰهِ فَاَتٰىهُمُ اللّٰهُ مِنْ حَیْثُ لَمْ یَحْتَسِبُوْا وَقَذَفَ فِیْ قُلُوْبِهِمُ الرُّعْبَ یُخْرِبُوْنَ بُیُوْتَهُمْ بِاَیْدِیْهِمْ وَاَیْدِی الْمُؤْمِنِیْنَ ۗ— فَاعْتَبِرُوْا یٰۤاُولِی الْاَبْصَارِ ۟
අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව බොරු කළ බනූ නළීර් නම් ගෝත්රය මදීනාවේ සිට එහි පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් සිරියාව දක්වා ප්රථම වරට පිටුවහල් කළේ ඔහුය. ඔවුන් තව්රාතය හිමි යුදෙව් පිරිසක් විය. ඔවුන් ඔවුන්ගේ ගිවිසුම කඩ කිරීමෙන් හා දෙවියන්ට ආදේශ කරන්නන් සමග එක් ව කටයුතු කිරීමෙන් පසුව, ඔවුන්ව සිරියා දේශයට ඔහු පිටුවහල් කළේය. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! ඔවුන් සතු උඩඟුකම හා සම්පත් හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වී යනු ඇතැයි නුඹලා නො සිතුවෙහුය. එමෙන්ම ඔවුන් ශක්තිමත්ව ඉදි කළ ඔවුන්ගේ බලකොටු අල්ලාහ්ගේ දඬුවමින් හා විනාශයෙන් ඔවුන් වළක්වනු ඇතැයි නුඹලා සිතුවෙහුය. නමුත් අල්ලාහ් ඔවුන් සමග සටන් කරන මෙන් ද ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කරන මෙන් ද ඔහුගේ දූතයාණන්ට නියෝග කළ අවස්ථාවේ එම දඬුවම ඔවුනට සැලසුම් කරනු නොලැබූ තත්ත්වයේ ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දැඩි බියක් ඇති කළේය. ඔවුන් ඔවුන්ගේ දෑතින් මුස්ලිම්වරුන් ඔවුන්ගේ නිවෙස් තුළින් ප්රයෝජන නොලබන පරිදි එහි ඇතුළත තිබූ ඔවුන්ගේ නිවෙස් කඩා බිඳ දැම්මෝය. මුස්ලිම්වරු එහි පිටත ඇති දෑ විනාශ කර දැම්මෝය. අහෝ දැක්මක් ඇත්තනි! ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ ඉරණමෙන් නුඹලා උපදෙස් ලබනු. එහෙයින් නුඹලා ඔවුන් මෙන් නොවනු. එවිට ඔවුන් කවර දඬුවමකින් දඬුවම් කරනු ලැබුවේ ද ඔවුන්ගේ එම දඬුවම හා ප්රතිවිපාකය නුඹලා අත් කර ගනු ඇත.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• المحبة التي لا تجعل المسلم يتبرأ من دين الكافر ويكرهه، فإنها محرمة، أما المحبة الفطرية؛ كمحبة المسلم لقريبه الكافر، فإنها جائزة.
•දේව ප්රතික්ෂේකයාගේ දහමින් නොමිදී, එය පිළිකුල් නොකරන ආදරයක් මුස්ලිම්වරයා ඇති කර නොගනී. එය තහනම් කරන ලද්දකි. නමුත් මුස්ලිම්වරයකු තම සමීපතම මුස්ලිම් නොවන කෙනෙකුට දක්වන සහජ ආදරය සැබැවින්ම එය අනුමතය.

• رابطة الإيمان أوثق الروابط بين أهل الإيمان.
•දේව විශ්වාසයේ බැඳීම් දේව විශ්වාසීන් අතර පවතින බැඳීම් අතරින් වඩාත් බලවත් වන්නේය.

• قد يعلو أهل الباطل حتى يُظن أنهم لن ينهزموا، فتأتي هزيمتهم من حيث لا يتوقعون.
•සැබැවින්ම තමන් පරාජයට පත් නොවන්නේ යැයි සිතන තරමට ව්යාජත්වයේ සිටින්නෝ උදම් අනති. ඔවුන් අපේක්ෂා නොකළ තත්ත්වයේ ඔවුන්ගේ පරාජය ඔවුන් වෙත පැමිණෙනු ඇත.

• من قدر الله في الناس دفع المصائب بوقوع ما دونها من المصائب.
•ව්යසනයන් වැළැක්වීම සඳහා ඊට වඩා සුළු ව්යසනයක් ඇති කිරීම අල්ලාහ්ගේ නියමයකි.

 
Translation of the meanings Ayah: (2) Surah: Al-Hashr
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close