Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
100 : 6

وَجَعَلُوْا لِلّٰهِ شُرَكَآءَ الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُوْا لَهٗ بَنِیْنَ وَبَنٰتٍ بِغَیْرِ عِلْمٍ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یَصِفُوْنَ ۟۠

ජින්වරුන් සෙත සලසනු ඇතැයිද හානි පමුණුවනු ඇතැයිද දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස කළ අවස්ථාවේ නැමදුම විෂයයෙහි ඔවුහු අල්ලාහ් සමග ඔවුන්වද පත් කර ගත්තෝය. ඔවුන් මැව්වේද අල්ලාහ්මය. ඔහු හැර වෙනත් කිසිවෙක් ඔවුන් මැව්වේ නැත. එහෙයින් නැමදුම් ලබන්නට වඩාත් සුදුස්සා වන්නේ ඔහුය. යුදෙව්වන් උසෙයිර් අල්ලාහ්ගේ පුත්රයාණන් යැයි ද කිතුනුවන් ඊසා ඔහුගේ පුත්රයාණන් යැයි ද දේව ආදේශකයින් මලාඉකාවරු ඔහුගේ දූවරුන් යැයි ද පවසන්නාක් මෙන් ඔවුහුද ඔහුට දරුවන් ඇති බව ගොතා පවසති. එම අසත්යවාදීන් කවර දෙයක් අල්ලාහ් ගැන වර්ණනා කර සිටියේද ඔහු එයින් පිවිතුරුය. පාරිශුද්ධය. info
التفاسير: |
Benefits of the Verses on this page:
• الاستدلال ببرهان الخلق والرزق (تخليق النبات ونموه وتحول شكله وحجمه ونزول المطر) وببرهان الحركة (حركة الأفلاك وانتظام سيرها وانضباطها)؛ وكلاهما ظاهر مشاهَد - على انفراد الله سبحانه وتعالى بالربوبية واستحقاق الألوهية.
මැවීමේ හා පෝෂණයේ සාධක (එනම් පැළෑටි මැවීම ඒවා වැඩීමට සැළැස්වීම එහි ස්වරූපය හා ප්රමාණය වෙනස් කිරීම වර්ෂාව පහළ කිරීම යනාදී සාධක) සහ චලනයේ සාධක (ග්රහයන්ගේ චලනය එවායෙහි ගමන් මාර්ගවල පිළිවෙළ හා පිළිවෙත යනාදී සාධක) දෙක පෙන්වා දෙනුයේ පරිපාලනය අල්ලාහ්ට පමණක් සතු බව හා දේවත්වයට ඔහු පමණක් සුදුසු බවය. info

• بيان ضلال وسخف عقول المشركين في عبادتهم للجن.
ජින්වරුන්ට වන්දනාමාන කිරීමේදී බහු දේවවාදීන්ගේ මනසෙහි පවතින විකාරය සහ මුළාව පැහැදිලි කිරීම. info