Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Surah: At-Talāq   Ayah:

අත් තලාක්

Purposes of the Surah:
بيان أحكام الطلاق وتعظيم حدوده وثمرات التقوى.
දික්කසාදය පිළිබඳ නීති පැහැදිලි කිරීම, එහි සීමාවන්ට ගරු කිරීම හා දෙවියන් පිළිබඳ වූ සවිඥානකත්වයේ ඵල.

یٰۤاَیُّهَا النَّبِیُّ اِذَا طَلَّقْتُمُ النِّسَآءَ فَطَلِّقُوْهُنَّ لِعِدَّتِهِنَّ وَاَحْصُوا الْعِدَّةَ ۚ— وَاتَّقُوا اللّٰهَ رَبَّكُمْ ۚ— لَا تُخْرِجُوْهُنَّ مِنْ بُیُوْتِهِنَّ وَلَا یَخْرُجْنَ اِلَّاۤ اَنْ یَّاْتِیْنَ بِفَاحِشَةٍ مُّبَیِّنَةٍ ؕ— وَتِلْكَ حُدُوْدُ اللّٰهِ ؕ— وَمَنْ یَّتَعَدَّ حُدُوْدَ اللّٰهِ فَقَدْ ظَلَمَ نَفْسَهٗ ؕ— لَا تَدْرِیْ لَعَلَّ اللّٰهَ یُحْدِثُ بَعْدَ ذٰلِكَ اَمْرًا ۟
අහෝ නබිවරය! නුඹ හෝ නුඹේ සමූහයා අතරින් කිසිවෙකු හෝ තම බිරිය දික්කසාද කරන්නට සිතුවේ නම්, ඇයගේ පළමු ඉද්දා -පොරොත්තු- වාරය සඳහා ඔහු ඇයව දික්කසාද කළ යුතුයි. එම දික්කසාදය, ඇය සමග සංසර්ගයේ නිරත නොවූ පිරිසිදු කාලයක විය යුතුය. නුඹලාගේ එම බිරියන් නැවතත් කැඳවා ගන්නට නුඹලා සිතුවේ නම් එසේ ගෙන්වා ගැනීමට පහසුවන පරිදි නුඹලා ඉද්දා -පොරොත්තු කාලය- සුරක්ෂිතව පිළිපැදිය යුතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරනු. දික්කසාද කරනු ලැබූ කාන්තාවන් පදිංචිව සිටින නිවෙස්වලින් නුඹලා ඔවුන් බැහැර නොකළ යුතුය. ඔවුන් ද ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වන තුරු ඉන් පිටතට නො යා යුතුය. නමුත් ඔවුන් අපචාරය වැනි අශීලාචාර කටයුත්තක් සිදු කර ඇත්නම් හැර. මෙම නීති අල්ලාහ් තම ගැත්තන් හට සීමා කළ ඔහුගේ සීමාවන් වේ. කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නේ ද, තම පරමාධිපතිට ඔහු පිටුපෑම හේතුවෙන් විනාශයේ හේතුකාරණා ගෙනැවිත් ඔහු ඔහුටම අපරාධ කර ගනී. අහෝ දික්කසා කළවුනි! එම දික්කසාදයෙන් පසුව නුඹ නොසිතන කරුණක් සිදු වී පසුව නුඹ ඇයව නැවත ගෙන්වා ගත හැක.
Arabic explanations of the Qur’an:
فَاِذَا بَلَغْنَ اَجَلَهُنَّ فَاَمْسِكُوْهُنَّ بِمَعْرُوْفٍ اَوْ فَارِقُوْهُنَّ بِمَعْرُوْفٍ وَّاَشْهِدُوْا ذَوَیْ عَدْلٍ مِّنْكُمْ وَاَقِیْمُوا الشَّهَادَةَ لِلّٰهِ ؕ— ذٰلِكُمْ یُوْعَظُ بِهٖ مَنْ كَانَ یُؤْمِنُ بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ ؕ۬— وَمَنْ یَّتَّقِ اللّٰهَ یَجْعَلْ لَّهٗ مَخْرَجًا ۟ۙ
ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වීමට ළඟා වූ විට කැමැත්තෙන් හා යහපත් පවුල් සම්බන්ධතාවකින් යුතුව නුඹලා ඔවුන් නැවත කැඳවා ගනු. එසේ නැතහොත් ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වන විට ඔවුන් ගෙන්වා ගැනීම අතහැර දමනු. ඔවුනට ඔවුන් සතු ඔවුන්ගේ දීමනා පිරි නමනවාත් සමගම ඔවුන්ගේ වගකීම ඔවුනටම සතු වන්නේය. නුඹලා ඔවුන් නැවත කැඳවා ගන්නට සිතුව ද එසේ නැතහොත් ඔවුන් වෙන් කරන්නට සිතුව ද, ආරවුල් විසදිය හැකි වනු පිණිස නුඹලා අතරින් යුක්ති ගරුක දෙදෙනෙකු සාක්ෂි වශයෙන් පත් කර ගනු. අහෝ සාක්ෂිකරුවනි! අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් ලෙස එම සාක්ෂි සඳහා පෙනී සිටිනු. සඳහන් කරන ලද මෙම නීතිරීති අල්ලාහ්ව විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන විශ්වාස කරන ජනයාට මෙනෙහි කරනු ලැබ ඇත. ඊට හේතුව මෙම උපදෙස් හා මෙනෙහි කිරීම් තුළින් ප්රයෝජන ලබනුයේ එවැන්නෙකු වන බැවිනි. කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නේ ද සිදු වී ඇති සියලුම ආකාරයේ අපහසුතාවන් හා පීඩාවන්ගෙන් පිටවුමක් අල්ලාහ් ඔහුට ඇති කරනු ඇත.
Arabic explanations of the Qur’an:
وَّیَرْزُقْهُ مِنْ حَیْثُ لَا یَحْتَسِبُ ؕ— وَمَنْ یَّتَوَكَّلْ عَلَی اللّٰهِ فَهُوَ حَسْبُهٗ ؕ— اِنَّ اللّٰهَ بَالِغُ اَمْرِهٖ ؕ— قَدْ جَعَلَ اللّٰهُ لِكُلِّ شَیْءٍ قَدْرًا ۟
ඔහු නොසිතූ පරිදි ඔහුගේ ගිණුමෙහි නොමැති පෝෂණ සම්පත් ඔහු ඔහුට ලබා දෙනු ඇත. කවරෙකු තම කටයුතුවලදී අල්ලාහ් මත පමණක් රැඳෙන්නේ ද ඔහු ඔහුට ප්රමාණවත් වෙයි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ කටයුතු ක්රියාත්මක කරන්නාය. ඔහුට කිසිවක් නොහැකිකමක් නැත. ඔහුට කිසිවක් මඟ හැරෙන්නේ ද නැත. සැබැවින්ම අල්ලාහ් සෑම දෙයකටම එය අවසන්වන ප්රමාණයක් නිර්ණය කර ඇත්තේය. දුෂ්කරතාවට ප්රමාණයක් ඇත. සමෘද්ධියටත් ප්රමාණයක් ඇත. මිනිසා වෙත ඒ දෙකින් එකක් හෝ දිගටම පවතින්නේ නැත.
Arabic explanations of the Qur’an:
وَا یَىِٕسْنَ مِنَ الْمَحِیْضِ مِنْ نِّسَآىِٕكُمْ اِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلٰثَةُ اَشْهُرٍ وَّا لَمْ یَحِضْنَ ؕ— وَاُولَاتُ الْاَحْمَالِ اَجَلُهُنَّ اَنْ یَّضَعْنَ حَمْلَهُنَّ ؕ— وَمَنْ یَّتَّقِ اللّٰهَ یَجْعَلْ لَّهٗ مِنْ اَمْرِهٖ یُسْرًا ۟
දික්කසාද කරන ලද කාන්තාවන් ඔවුන් වයස්ගත හේතුවෙන් ඔසප් තත්ත්වයට පත්වීම ගැන බලාපොරොතු සුන් වී ඇත්නම් ඔවුන්ගේ ඉද්දා කාලයේ ගණනය කරනු ලබනුයේ කෙසේදැයි නුඹලා සැක කරන්නෙහු නම්, එවිට ඔවුන්ගේ ඉද්දා කාලය වනුයේ මාස තුනකි. එම කාන්තාවන් ඔවුන්ගේ කුඩා අවදිය හේතුවෙන් තවමත් ඔසප් තත්ත්වයට පත් නොවූ කාන්තාවන් නම් ඔවුන්ගේ ද ඉද්දා කාලය මාස තුනකි. දික්කසදාය හෝ මිය යෑම හේතුවෙන් ගැබිණි මාතාවන්ගේ දික්කසාද කාලය ඔවුන්ගේ දරුවා ප්රසූත කිරීමත් සමග අවසන් වෙයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් කවරෙකු අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරන්නේ ද ඔහුගේ කටයුතු අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. සියලු දුෂ්කරතා ඔහුට සැහැල්ලු කරනු ඇත.
Arabic explanations of the Qur’an:
ذٰلِكَ اَمْرُ اللّٰهِ اَنْزَلَهٗۤ اِلَیْكُمْ ؕ— وَمَنْ یَّتَّقِ اللّٰهَ یُكَفِّرْ عَنْهُ سَیِّاٰتِهٖ وَیُعْظِمْ لَهٗۤ اَجْرًا ۟
සඳහන් කරන ලද තලාක් - දික්කසාදය, රජ්ආ - ආපසු ගෙන්වා ගැනීම, ඉද්දා -පොරොත්තු කාලය යනාදී නීති රීති වනාහි, අහෝ දෙවියන් විශ්වාස කරන්න්නනි! නුඹලා දැන ගනු පිණිස නුඹලා වෙත පහළ කළ අල්ලාහ්ගේ නීති වන්නේය. කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහු ගැන බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නේ ද ඔහු සිදු කළ ඔහුගේ පාපකම් ඔහුගෙන් ඔහු මකා දමනු ඇත. මතුලොවෙහි අතිමහත් කුසල් ඔහුට පිරිනමනු ඇත. එය ඔහුව ස්වර්ගයට ඇතුළු කිරීමෙන් හා අවසන් නොවන සුව පහසුකම් ලැබෙන්නට සළස්වමිනි.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• خطاب النبي صلى الله عليه وسلم خطاب لأمته ما لم تثبت له الخصوصية.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රකාශය වනාහි, එයට නිශ්චිත බවක් සනාත නොවූයේ නම් එය ඔහුගේ සමූහයා වෙනුවෙන් වූ පොදු ප්රකාශයකි.

• وجوب السكنى والنفقة للمطلقة الرجعية.
• ආපසු කැඳවා ගත හැකි පරිදි දික්කසාද කරන ලද කාන්තාවන් සඳහා යැපීම් දීමනා හා නවාතැන් පහසුකම් ලබා දීම අනිවාර්යය වන්නේය.

• النَّدْب إلى الإشهاد حسمًا لمادة الخلاف.
•ආරවුලකින් තොරව ගැටලු විසදීම සඳහා සාක්ෂිකරුවන් පත් කර ගැනීම නබි පිළිවෙතකි.

• كثرة فوائد التقوى وعظمها.
•තක්වා හෙවත් දේව බිය හැඟීමෙහි අධික ප්රයෝජන හා එහි වැදගත්කම.

 
Translation of the meanings Surah: At-Talāq
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close