Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
145 : 7

وَكَتَبْنَا لَهٗ فِی الْاَلْوَاحِ مِنْ كُلِّ شَیْءٍ مَّوْعِظَةً وَّتَفْصِیْلًا لِّكُلِّ شَیْءٍ ۚ— فَخُذْهَا بِقُوَّةٍ وَّاْمُرْ قَوْمَكَ یَاْخُذُوْا بِاَحْسَنِهَا ؕ— سَاُورِیْكُمْ دَارَ الْفٰسِقِیْنَ ۟

උපදෙස් ලබන්නන්හට උපදෙසක් වශයෙන් ද, නීති පැහැදිලි කර ගැනීමට අවශ්ය පැහැදිලි කිරීමක් වශයෙන් ද, ඉස්රාඊල් දරුවන්ගේ මෙලොව හා මතු ලොව අවශ්ය සියලු කරුණු ලී හා වෙනත් ඵලක වල මූසා වෙනුවෙන් අපි ලියා සටහන් කළෙමු. අහෝ මූසා! මනා ලෙස හා කැපවීමෙන් තව්රාතය පිළිපදිනු. ඔබේ සමූහයා වන ඉස්රාඊල් දරුවන්ට පූර්ණවත් කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ක්රියාවට නැංවීම, සමාව හා ඉවසීම වැනි එහි සඳහන් මහත් ප්රතිඵල ගෙන දෙන දෑ මැනවින් පිළිපදින මෙන් නියෝග කරනු. මාගේ නියෝගය පිටුපා මට අවනත වීමෙන් බැහැරවූවන්හට හිමි දඬුවම මම නුඹලාට මතු පෙන්වමි. එමෙන්ම ඒ සඳහා අත්වන විනාශය හා ඛේදය ද මම පෙන්වමි. info
التفاسير:
Benefits of the Verses on this page:
• على العبد أن يكون من المُظْهِرين لإحسان الله وفضله عليه، فإن الشكر مقرون بالمزيد.
අල්ලාහ් තම ගැත්තා වෙත දක්වන කරුණාව හා ඔහුගේ භාග්යය විදහා දක්වන්නන් අතුරින් කෙනෙකු ලෙස ගැත්තා විය යුතුය. සැබැවින්ම කෘතඥතාව බැඳී ඇත්තේ අමතර දෑ කිරීම තුළිනි. info

• على العبد الأخذ بالأحسن في الأقوال والأفعال.
ක්රියාවන් හා ප්රකාශයන්හි වඩාත් යහපත් දෑ පිළිපැදීම ගැත්තාට පැවරෙන වගකීමකි. info

• يجب تلقي الشريعة بحزم وجد وعزم على الطاعة وتنفيذ ما ورد فيها من الصلاح والإصلاح ومنع الفساد والإفساد.
ෂරීආ හෙවත් ආගමික නීති පිළිගත යුත්තේ කැපවීමෙන්, ස්ථාවරත්වයෙන්, අවනත වීමේ අධිෂ්ඨානයෙන් යහපත හා ප්රතිසංස්කරණ ක්රියාවලිය ඇති දෑ ක්රියාත්මක කිරීමෙන් සහ දූෂණය හා ප්රචණ්ඩත්වය වැළැක්වීමෙනි. info

• على العبد إذا أخطأ أو قصَّر في حق ربه أن يعترف بعظيم الجُرْم الذي أقدم عليه، وأنه لا ملجأ من الله في إقالة عثرته إلا إليه.
ගැත්තෙකු තම පරමාධිපතිට කළ යුතු යුතුකම්වල වරදක් හෝ අඩුවක් සිදු කළ විට, ඔහුට විරුද්ධව ඔහු කළ විශාල අපරාධය පිළිගත යුතු අතර, ඔහු කළ පාපයෙන් ගැලවීම සඳහා අල්ලාහ්ගෙන් තොර වෙනත් රැකවරණයක් නැත. info