Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Surah: An-Nāzi‘āt   Ayah:
اِذْهَبْ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟ؗۖ
ඔහු ඔහුට (මූසාට) මෙසේ පැවසීය. "ඔබ ෆිර්අවුන් වෙත යනු. සැබැවින්ම ඔහු අපරාධ කිරීමෙහිලා හා උඩගුකමෙන් ඉක්මවා ගොස් ඇත."
Arabic explanations of the Qur’an:
فَقُلْ هَلْ لَّكَ اِلٰۤی اَنْ تَزَكّٰی ۟ۙ
"අහෝ ෆිර්අවුන්! දේව ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකමින් මිදී පිවිතුරු වන්නට කැමැත්තක් ඇද්දැ"යි ඔහුගෙන් ඔබ (මූසා) විමසනු.
Arabic explanations of the Qur’an:
وَاَهْدِیَكَ اِلٰی رَبِّكَ فَتَخْشٰی ۟ۚ
ඔබ මවා ඔබව නිරීක්ෂණය කරමින් සිටින ඔබේ පරමාධිපති වෙත මම ඔබට මඟ පෙන්වන්නම්. එවිට ඔහුට බිය වී ඔහුව තෘප්තියට පත් කරන ක්රියාවන් සිදු කරන්න. ඔහු කෝපයට පත් කරන දැයින් ඔබ වැළකෙන්න.
Arabic explanations of the Qur’an:
فَاَرٰىهُ الْاٰیَةَ الْكُبْرٰی ۟ؗۖ
තමන් අල්ලාහ් වෙතින් එවනු ලැබූ දූතයාණන් බව සහතික කරන අතිමහත් සාධක මූසා තුමා ඔහුට ඉදිරිපත් කළහ. එය අත හා සැරයටියේ ප්රාතිහාර්යයන්ය.
Arabic explanations of the Qur’an:
فَكَذَّبَ وَعَصٰی ۟ؗۖ
නමුත්, ෆිර්අවුන් එම සාධක බොරු කර, මූසා කවර දෙයක් පිළිබඳ අණ කර සිටියේද එයට පිටුපාමින් සිටියේය.
Arabic explanations of the Qur’an:
ثُمَّ اَدْبَرَ یَسْعٰی ۟ؗۖ
පසුව ඔහු අල්ලාහ්ට පිටුපෑමෙහි හා සත්යයට විරුද්ධ වීමෙහි වෙහෙසෙමින් මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය විශ්වාස කිරීම හෙළා දුටුවේය.
Arabic explanations of the Qur’an:
فَحَشَرَ ۫— فَنَادٰی ۟ؗۖ
පසුව මූසා පරාජය කරනු පිණිස තම සේනාව හා තම අනුගාමිකයින් එක්රැස් කොට මෙසේ ඇමතීය.
Arabic explanations of the Qur’an:
فَقَالَ اَنَا رَبُّكُمُ الْاَعْلٰی ۟ؗۖ
නුඹලාගේ උත්තරීතර පරමාධිපති මම වෙමි. මට හැර වෙන කිසිවකුට අවනත වන්නට නුඹලාට අයිතියක් නැත.
Arabic explanations of the Qur’an:
فَاَخَذَهُ اللّٰهُ نَكَالَ الْاٰخِرَةِ وَالْاُوْلٰی ۟ؕ
එවිට අල්ලාහ් ඔහුව (ෆිර්අවුන්ව) හසු කළේය. මෙලොවෙහි ඔහුව මුහුදේ ගිල්වා දඬුවම් කළ අතර මතුලොවේදීද දැඩි වේදනාවට ලක් කරමින් ඔහුට දඬුවම් ලබා දෙනු ඇත.
Arabic explanations of the Qur’an:
اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّمَنْ یَّخْشٰی ۟ؕ۠
මෙලොවෙහි හා මතුලොවෙහි කවර දෙයකින් අපි ෆිර්අවුන් දඬුවමට ලක් කළේ ද එහි අල්ලාහ්ට බියවන්නන් හට උපදෙස් ඇත. එම උපදෙස් මගින් ප්රයෝජන ලබනුයේ එවැන්නන්ය.
Arabic explanations of the Qur’an:
ءَاَنْتُمْ اَشَدُّ خَلْقًا اَمِ السَّمَآءُ ؕ— بَنٰىهَا ۟۫
අහෝ නැවත නැගිටුවනු ලැබීමේ සංකල්පය බොරු කරන්නනි! අල්ලාහ්ට අසීරු වනුයේ නුඹලාව ඇති කිරීමද එසේත් නැතිනම් ඔහු මැවූ අහස ඇති කිරීමද?
Arabic explanations of the Qur’an:
رَفَعَ سَمْكَهَا فَسَوّٰىهَا ۟ۙ
එහි වියන ඉහළට උස් කර තැබීය. පසු ව එය රිසි ලෙස හැඩ ගැස්වීය. එහි කිසිදු ඉරිතැලීමක් හෝ පැල්මක් හෝ අඩුවක් හෝ දැක ගත නොහැක.
Arabic explanations of the Qur’an:
وَاَغْطَشَ لَیْلَهَا وَاَخْرَجَ ضُحٰىهَا ۪۟
හිරු අවරට යන විට එහි රාත්රිය අඳුරු කළේය. හිරු උදා වන විට එහි ආලෝකය හෙළි කළේය.
Arabic explanations of the Qur’an:
وَالْاَرْضَ بَعْدَ ذٰلِكَ دَحٰىهَا ۟ؕ
අහස මැවීමෙන් පසු මහපොළොව දිගු හැරියේය. එහි ප්රයෝනවත් වන සියලු දෑ ඔහු එහි ඇති කළේය.
Arabic explanations of the Qur’an:
اَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعٰىهَا ۪۟
ජලය ගලා යන උල්පත් එහි මතු කොට සතුන්ගේ ආහාරය සඳහා තණබිම් ද හට ගැන්වීය.
Arabic explanations of the Qur’an:
وَالْجِبَالَ اَرْسٰىهَا ۟ۙ
මහපොළොව ශක්මත් කරනු වස් එහි කඳු පිහිටවීය.
Arabic explanations of the Qur’an:
مَتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ
අහෝ ජනයිනි! මේ සියල්ල ඔබට හා ඔබේ ගොවිපළ සතුන්ට භුක්ති විඳිනු පිණිසය. එබැවින් මේ සියල්ල මැවූ අල්ලාහ් ඔවුන්ව (මිනිසුන්ව) නව මැවීමකින් යුතුව යළි අවදි කරවන්නට නොහැක්කෙකු නොවන්නේය.
Arabic explanations of the Qur’an:
فَاِذَا جَآءَتِ الطَّآمَّةُ الْكُبْرٰی ۟ؗۖ
එහි අර්බුදවලින් සියල්ල ආවරණය කරන දෙවන පිඹුම පිඹිනු ලැබ ලොව අවසානය සිදුවන විට
Arabic explanations of the Qur’an:
یَوْمَ یَتَذَكَّرُ الْاِنْسَانُ مَا سَعٰی ۟ۙ
තමන් කළින් සිදු කළ යම් යහපතක් වුවද අයහපතක් වුවද මිනිසාට ඒවා සිහිපත් වනු ඇත.
Arabic explanations of the Qur’an:
وَبُرِّزَتِ الْجَحِیْمُ لِمَنْ یَّرٰی ۟
නිරය ගෙනැවිත් එය බලන්නන් හට ඔවුන්ගේ දෑස් ඉදිරියේම ප්රදර්ශණය කරනු ලැබේ.
Arabic explanations of the Qur’an:
فَاَمَّا مَنْ طَغٰی ۟ۙ
එවිට, කවරෙකු නොමගෙහි සීමාව ඉක්මවා ගියේද
Arabic explanations of the Qur’an:
وَاٰثَرَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۙ
සදා පවතින මතුලොව ජීවිතය අතහැර දමා විනාශ වී යන මෙලොව ජීවිතය තෝරා ගත්තේද
Arabic explanations of the Qur’an:
فَاِنَّ الْجَحِیْمَ هِیَ الْمَاْوٰی ۟ؕ
එවිට, නිරා ගින්න ඔහු පිවිසෙන ලැගුම්හල වනු ඇත.
Arabic explanations of the Qur’an:
وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهٖ وَنَهَی النَّفْسَ عَنِ الْهَوٰی ۟ۙ
එමෙන්ම කවරෙකු තම පරමාධිපති ඉදිරියේ පෙනී සිටීමට බියෙන් යුතුව ඔහු තහනම් කළ දැයින් වැළකෙන්නේද එවිට ඔහු පිවිසෙන ලැගුම්හල ස්වර්ගය වනු ඇත.
Arabic explanations of the Qur’an:
فَاِنَّ الْجَنَّةَ هِیَ الْمَاْوٰی ۟ؕ
එමෙන්ම කවරෙකු තම පරමාධිපති ඉදිරියේ පෙනී සිටීමට බියෙන් යුතුව ඔහු තහනම් කළ දැයින් වැළකෙන්නේද එවිට ඔහු පිවිසෙන ලැගුම්හල ස්වර්ගය වනු ඇත.
Arabic explanations of the Qur’an:
یَسْـَٔلُوْنَكَ عَنِ السَّاعَةِ اَیَّانَ مُرْسٰىهَا ۟ؕ
අහෝ දූතය! නැවත නැගිටුවනු ලැබීම බොරු කරන්නන් වන ඔවුහු එම අවසන් හෝරාව කවදා එන්නේදැයි ඔබෙන් විමසති.
Arabic explanations of the Qur’an:
فِیْمَ اَنْتَ مِنْ ذِكْرٰىهَا ۟ؕ
ඔවුනට ඔබ ඒ පිළිබඳ පවසන තරමට ඒ ගැන දැනුමක් ඔබට නැත. එය ඔබගේ කටයුත්තක් ද නොවේ. ඇත්තෙන්ම ඔබේ කටයුත්ත වනුයේ ඒ සඳහා සූදානම් කරවීමය.
Arabic explanations of the Qur’an:
اِلٰی رَبِّكَ مُنْتَهٰىهَا ۟ؕ
අවසන් දිනය පිළිබඳ දැනුම ඇත්තේ ඔබේ පරමාධිපතිට පමණය.
Arabic explanations of the Qur’an:
اِنَّمَاۤ اَنْتَ مُنْذِرُ مَنْ یَّخْشٰىهَا ۟ؕ
සැබැවින්ම ඔබ එම අවසන් හෝරාව පිළිබඳ බියවන්නන් හට අවවාද කරන්නෙකු පමණි. ඔබේ අවවාදය තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුහුමය.
Arabic explanations of the Qur’an:
كَاَنَّهُمْ یَوْمَ یَرَوْنَهَا لَمْ یَلْبَثُوْۤا اِلَّا عَشِیَّةً اَوْ ضُحٰىهَا ۟۠
අවසන් හෝරාව දෑසින්ම දකින දින ඔවුන් මෙලොව ජීවත් වූයේ එක් දිනක දහවල් කාලයක් හෝ එහි අලුයම් කාලයක් පමණක් යැයි සිතනු ඇත.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• وجوب الرفق عند خطاب المدعوّ.
• ඇරයුම් කරනු ලබන්නා ඉදිරියේ කාරුණිකව කතා කිරීම අනිවාර්යය.

• الخوف من الله وكفّ النفس عن الهوى من أسباب دخول الجنة.
• අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීමත් තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගැනීමත්, ස්වර්ගයට පිවිසීමේ හේතු සාධක අතරින් සමහරක් වෙති.

• علم الساعة من الغيب الذي لا يعلمه إلا الله.
• අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී.

• بيان الله لتفاصيل خلق السماء والأرض.
• අහස් හා මහපොළොව මැවීමෙහි තතු පැහැදිලි කරමින් අල්ලාහ් පිළිබඳ විස්තර කිරීම.

 
Translation of the meanings Surah: An-Nāzi‘āt
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close