Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (127) Simoore: Simoore nagge
وَاِذْ یَرْفَعُ اِبْرٰهٖمُ الْقَوَاعِدَ مِنَ الْبَیْتِ وَاِسْمٰعِیْلُ ؕ— رَبَّنَا تَقَبَّلْ مِنَّا ؕ— اِنَّكَ اَنْتَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
අහෝ නබිවරය, ඉබ්රාහීම් හා ඉස්මාඊල් කඃබාවේ අත්තිවාරම උසට ඉදි කරමින් සිටි අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් දෙදෙනා ඉතා යටහත් පහත්ව: අපගේ පරමාධිපතියාණනි, අපගේ මෙම ක්රියාවන් -මෙම නිවස තැනීමද ඒවායින් එකකි.- අපගෙන් පිළිගනු මැනව! සැබැවින්ම ඔබ අපගේ ප්රාර්ථනාවන්ට පිළිතුරු සපයන්නාය. අපගේ චේතනා හා ක්රියා ඔබ මැනවින් දන්නාය.’ යැයි පවසා ප්රාර්ථනා කළෝය.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• المؤمن المتقي لا يغتر بأعماله الصالحة، بل يخاف أن ترد عليه، ولا تقبل منه، ولهذا يُكْثِرُ سؤالَ الله قَبولها.
බැතිමත් දේව විශ්වාසවන්තයෙකු ඔහුගේ දැහැමි ක්රියාවන් දෙස බලා රැවටෙන්නේ නැත. ඒ සඳහා තමන්ට ප්රතිචාර ලැබේ ද? එය පිළිගනු ලැබේ ද නොලැබේ ද යනුවෙන් බිය වෙයි. එහෙයින් ඔහු එය පිළිගන්නා මෙන් අධික ලෙස අල්ලාහ්ගෙන් කණ්ණලව් කර සිටියි.

• بركة دعوة أبي الأنبياء إبراهيم عليه السلام، حيث أجاب الله دعاءه وجعل خاتم أنبيائه وأفضل رسله من أهل مكة.
නබිවරුන්ගේ පියා ලෙස සැලකෙන ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දීමෙන් ඉන් ඇති වූ සමෘධිය.

• دين إبراهيم عليه السلام هو الملة الحنيفية الموافقة للفطرة، لا يرغب عنها ولا يزهد فيها إلا الجاهل المخالف لفطرته.
ඉබ්රාහීම්ගේ දහම ස්වභාදහමට අනුකූල වූ අචල පිළිවෙතකි. තම ස්වභාවික පැවැත්මට වෙනස්කම් කරන අධමයකු මිස වෙනත් කිසිවකු ඉන් දුරස් වන්නට සිතන්නේ නැත. ඉන් හැරෙන්නේද නැත.

• مشروعية الوصية للذرية باتباع الهدى، وأخذ العهد عليهم بالتمسك بالحق والثبات عليه.
යහමග අනුගමනය කරන මෙන් පරපුරකට උපදෙස් දීම ආගමානුගත කර තිබීම. සත්යය පිළිපදිමින් එහි ස්ථාවර සිටින මෙන් ඔවුන්ගෙන් ගිවිසුමක් ගැනීම.

 
Firo maanaaji Aaya: (127) Simoore: Simoore nagge
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Tippudi firooji ɗii

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Uddude