Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (47) Simoore: Simoore laɓɓinaama
اِلَیْهِ یُرَدُّ عِلْمُ السَّاعَةِ ؕ— وَمَا تَخْرُجُ مِنْ ثَمَرٰتٍ مِّنْ اَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ اُ وَلَا تَضَعُ اِلَّا بِعِلْمِهٖ ؕ— وَیَوْمَ یُنَادِیْهِمْ اَیْنَ شُرَكَآءِیْ ۙ— قَالُوْۤا اٰذَنّٰكَ ۙ— مَا مِنَّا مِنْ شَهِیْدٍ ۟ۚ
අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පමණක් ඇත්තකි. එය කවදා සිදුවන්නේ දැයි ඔහු පමණක් දනී. ඔහු හැර වෙනත් කිසිවෙකු එය නොදනී. පළතුරු ආරක්ෂා සහිත ව තැන්පත් කර ඇති කෝෂ තුළින් ඒවා හට ගැනීම ද, කාන්තාවන් උසුලන දෑ ප්රසූත කිරීම හෝ ප්රසූත නොකිරීමද අල්ලාහ්ගේ අනුදැනුමෙන් තොරව සිදුවන්නක් නොවේ. ඒ කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. පිළිමවලට වන්දනාමාන කරමින් සිටි දේව ආදේශකයින්ව අල්ලාහ් කැඳවන දින ඔවුන් ඔවුනට නැමදුම් කර සිටි හේතුවෙන් ඔවුන්ව අවඥාවට ලක් කරමින්, ‘සැබැවින්ම ඔවුන් හවුල්කරුවන් යැයි නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහෝදැ?’යි අල්ලාහ් විමසා සිටියි. දේව ආදේශකයින්, ‘ඔබ ඉදිරියේ අපි පිළිගන්නෙමු. සැබැවින්ම ඔබට හවුල් කරුවෙකු ඇති බවට සාක්ෂි දරණ කිසිවෙකු දැන් අප අතර නැත’ යැයි පවසා සිටිති.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• علم الساعة عند الله وحده.
•අවසන් දිනය පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු වූවකි.

• تعامل الكافر مع نعم الله ونقمه فيه تخبط واضطراب.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් හා ඒ තුළ පවතින ඔහුගේ උදහස සමග දේව ප්රතික්ෂෙපකයා ව්යාකූලවයෙන් හා පැටලිල්ලෙන් කටයුතු කිරීම.

• إحاطة الله بكل شيء علمًا وقدرة.
•දැනුමෙන් හා බලයෙන් අල්ලාහ් සියලු දෑ ආවරණය කර සිටීම.

 
Firo maanaaji Aaya: (47) Simoore: Simoore laɓɓinaama
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Tippudi firooji ɗii

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Uddude