Check out the new design

Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd. * - Lexique des traductions

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traduction des sens Sourate: An Nûr   Verset:
رِجَالٌ ۙ— لَّا تُلْهِیْهِمْ تِجَارَةٌ وَّلَا بَیْعٌ عَنْ ذِكْرِ اللّٰهِ وَاِقَامِ الصَّلٰوةِ وَاِیْتَآءِ الزَّكٰوةِ— یَخَافُوْنَ یَوْمًا تَتَقَلَّبُ فِیْهِ الْقُلُوْبُ وَالْاَبْصَارُ ۟ۙ
(ඔවුහු) තම ව්‍යාපාරය හෝ ගනුදෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත්ව ඉටු කිරීමෙන් ද zසකාත් පිරිනැමීමෙන් ද ඔවුන් වෙනතකට යොමු නො කළ මිනිසුන් ය. හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.
Les exégèses en arabe:
لِیَجْزِیَهُمُ اللّٰهُ اَحْسَنَ مَا عَمِلُوْا وَیَزِیْدَهُمْ مِّنْ فَضْلِهٖ ؕ— وَاللّٰهُ یَرْزُقُ مَنْ یَّشَآءُ بِغَیْرِ حِسَابٍ ۟
එය ඔවුන් සිදු කළ වඩාත් අලංකාර දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ අනුග්‍රහය තුළින් ඔවුනට සමෘධිමත් කරනු පිණිසත් ය. තවද අල්ලාහ් අභිමත කරන අයට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරයි.
Les exégèses en arabe:
وَالَّذِیْنَ كَفَرُوْۤا اَعْمَالُهُمْ كَسَرَابٍۭ بِقِیْعَةٍ یَّحْسَبُهُ الظَّمْاٰنُ مَآءً ؕ— حَتّٰۤی اِذَا جَآءَهٗ لَمْ یَجِدْهُ شَیْـًٔا وَّوَجَدَ اللّٰهَ عِنْدَهٗ فَوَفّٰىهُ حِسَابَهٗ ؕ— وَاللّٰهُ سَرِیْعُ الْحِسَابِ ۟ۙ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති මිරිඟුවකට සමාන ය. පිපාසිතයා එය ජලය යැයි සිතයි. එහෙත් ඔහු එහි පැමිණි විට ඔහු එය කිසිවක් ලෙස නො දකිනු ඇත. තවද ඔහු එහි අල්ලාහ්ව දකිනු ඇත. ඔහුගේ විනිශ්චය අල්ලාහ් සම්පූර්ණ කළේ ය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
Les exégèses en arabe:
اَوْ كَظُلُمٰتٍ فِیْ بَحْرٍ لُّجِّیٍّ یَّغْشٰىهُ مَوْجٌ مِّنْ فَوْقِهٖ مَوْجٌ مِّنْ فَوْقِهٖ سَحَابٌ ؕ— ظُلُمٰتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ ؕ— اِذَاۤ اَخْرَجَ یَدَهٗ لَمْ یَكَدْ یَرٰىهَا ؕ— وَمَنْ لَّمْ یَجْعَلِ اللّٰهُ لَهٗ نُوْرًا فَمَا لَهٗ مِنْ نُّوْرٍ ۟۠
එසේ නැතහොත් (ඔවුන්ගේ ක්‍රියාවන් වනාහි) ගැඹුරු මුහුදෙහි පවතින අන්ධකාරයන් මෙනි. රළක් එය ආවරණය කරයි. ඊට ඉහළින් තවත් රළකි. ඊට ඉහළින් වලාකුළකි. අන්ධකාරයන් ඒවායෙහි සමහරක් සමහරකට ඉහළින් පවතී. ඔහු තම අත බැහැර කළ ද ඔහුට එය දැක ගත නොහැකි වෙයි. තවද අල්ලාහ් කවරෙකුට ආලෝකය ඇති නො කරන්නේ ද එවිට කිසිදු ආලෝකයක් ඔහුට නොමැත.
Les exégèses en arabe:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یُسَبِّحُ لَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَالطَّیْرُ صٰٓفّٰتٍ ؕ— كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهٗ وَتَسْبِیْحَهٗ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِمَا یَفْعَلُوْنَ ۟
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද තටු විහිදුවා ගත් පක්ෂීන් ද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහුව සුවිශුද්ධ කරන වග නුඹ නො දුටුවෙහි ද? තම නැමදුම හා සුවිශුද්ධ කිරීම ගැන සැබැවින් ම සෑම කෙනෙකුම දැන සිටියි. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Les exégèses en arabe:
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَاِلَی اللّٰهِ الْمَصِیْرُ ۟
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. තවද නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙත ය.
Les exégèses en arabe:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یُزْجِیْ سَحَابًا ثُمَّ یُؤَلِّفُ بَیْنَهٗ ثُمَّ یَجْعَلُهٗ رُكَامًا فَتَرَی الْوَدْقَ یَخْرُجُ مِنْ خِلٰلِهٖ ۚ— وَیُنَزِّلُ مِنَ السَّمَآءِ مِنْ جِبَالٍ فِیْهَا مِنْ بَرَدٍ فَیُصِیْبُ بِهٖ مَنْ یَّشَآءُ وَیَصْرِفُهٗ عَنْ مَّنْ یَّشَآءُ ؕ— یَكَادُ سَنَا بَرْقِهٖ یَذْهَبُ بِالْاَبْصَارِ ۟ؕ
අල්ලාහ් වලාකුළු සෙමින් ගමන් කරවා පසුව ඒ අතර අමුණා පසුව එය එකින් එක මත පිහිටන ඝන වලාකුළක් බවට පත් කිරීම නුඹ නො දුටුවෙහි ද? එවිට ඒ අතරින් බැහැර වන වර්ෂාව නුඹ දකිනු ඇත. අහසෙහි ඇති (වලා) කඳුවලින් සීත හිම ඔහු පහළ කරයි. එවිට එය ඔහු අභිමත කරන අයට ලබන්නට සලස්වන අතර ඔහු අභිමත කරන අයගෙන් එය හරවා යවයි. එහි අකුණු එළිය දෘෂ්ටීන් පැහැර ගන්නාක් මෙන් වෙයි.
Les exégèses en arabe:
 
Traduction des sens Sourate: An Nûr
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd. - Lexique des traductions

L'équipe du Centre Rawwâd At-Tarjamah (Les Pionniers de la Traduction) l'a traduite.

Fermeture