Check out the new design

Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd. * - Lexique des traductions

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traduction des sens Sourate: Al Waqi'a   Verset:
یَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۟ۙ
ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.
Les exégèses en arabe:
بِاَكْوَابٍ وَّاَبَارِیْقَ ۙ۬— وَكَاْسٍ مِّنْ مَّعِیْنٍ ۟ۙ
දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
Les exégèses en arabe:
لَّا یُصَدَّعُوْنَ عَنْهَا وَلَا یُنْزِفُوْنَ ۟ۙ
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති.
Les exégèses en arabe:
وَفَاكِهَةٍ مِّمَّا یَتَخَیَّرُوْنَ ۟ۙ
ඔවුන් කැමති පලතුරු සමග ද;
Les exégèses en arabe:
وَلَحْمِ طَیْرٍ مِّمَّا یَشْتَهُوْنَ ۟ؕ
ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)
Les exégèses en arabe:
وَحُوْرٌ عِیْنٌ ۟ۙ
තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.
Les exégèses en arabe:
كَاَمْثَالِ اللُّؤْلُو الْمَكْنُوْنِ ۟ۚ
(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය.
Les exégèses en arabe:
جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
Les exégèses en arabe:
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا تَاْثِیْمًا ۟ۙ
ඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති.
Les exégèses en arabe:
اِلَّا قِیْلًا سَلٰمًا سَلٰمًا ۟
සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.
Les exégèses en arabe:
وَاَصْحٰبُ الْیَمِیْنِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْیَمِیْنِ ۟ؕ
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
Les exégèses en arabe:
فِیْ سِدْرٍ مَّخْضُوْدٍ ۟ۙ
(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය.
Les exégèses en arabe:
وَّطَلْحٍ مَّنْضُوْدٍ ۟ۙ
තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය.
Les exégèses en arabe:
وَّظِلٍّ مَّمْدُوْدٍ ۟ۙ
තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය.
Les exégèses en arabe:
وَّمَآءٍ مَّسْكُوْبٍ ۟ۙ
තවද ගලා යවනු ලබන ජලය අතර ය.
Les exégèses en arabe:
وَّفَاكِهَةٍ كَثِیْرَةٍ ۟ۙ
තවද බොහෝ පලතුරු අතර ය.
Les exégèses en arabe:
لَّا مَقْطُوْعَةٍ وَّلَا مَمْنُوْعَةٍ ۟ۙ
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
Les exégèses en arabe:
وَّفُرُشٍ مَّرْفُوْعَةٍ ۟ؕ
තවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය.
Les exégèses en arabe:
اِنَّاۤ اَنْشَاْنٰهُنَّ اِنْشَآءً ۟ۙ
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
Les exégèses en arabe:
فَجَعَلْنٰهُنَّ اَبْكَارًا ۟ۙ
අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.
Les exégèses en arabe:
عُرُبًا اَتْرَابًا ۟ۙ
පෙම්බර සම වයසැති,
Les exégèses en arabe:
لِّاَصْحٰبِ الْیَمِیْنِ ۟ؕ۠
දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
Les exégèses en arabe:
ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.
Les exégèses en arabe:
وَثُلَّةٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
Les exégèses en arabe:
وَاَصْحٰبُ الشِّمَالِ ۙ۬— مَاۤ اَصْحٰبُ الشِّمَالِ ۟ؕ
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
Les exégèses en arabe:
فِیْ سَمُوْمٍ وَّحَمِیْمٍ ۟ۙ
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය.
Les exégèses en arabe:
وَّظِلٍّ مِّنْ یَّحْمُوْمٍ ۟ۙ
තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය.
Les exégèses en arabe:
لَّا بَارِدٍ وَّلَا كَرِیْمٍ ۟
(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
Les exégèses en arabe:
اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُتْرَفِیْنَ ۟ۚۖ
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.
Les exégèses en arabe:
وَكَانُوْا یُصِرُّوْنَ عَلَی الْحِنْثِ الْعَظِیْمِ ۟ۚ
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
Les exégèses en arabe:
وَكَانُوْا یَقُوْلُوْنَ ۙ۬— اَىِٕذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟ۙ
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.
Les exégèses en arabe:
اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ ۟
“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”
Les exégèses en arabe:
قُلْ اِنَّ الْاَوَّلِیْنَ وَالْاٰخِرِیْنَ ۟ۙ
“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.
Les exégèses en arabe:
لَمَجْمُوْعُوْنَ ۙ۬— اِلٰی مِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟
ඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.
Les exégèses en arabe:
 
Traduction des sens Sourate: Al Waqi'a
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd. - Lexique des traductions

L'équipe du Centre Rawwâd At-Tarjamah (Les Pionniers de la Traduction) l'a traduite.

Fermeture