Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Sourate: HOUD   Verset:

සූරා හූද්

Parmi les objectifs de la sourate:
تثبيت النبي والمؤمنين بقصص الأنبياء السابقين، وتشديد الوعيد للمكذبين.
පෙර පැමිණි නබිවරුන්ගේ කතා හා බොරුකාරයින්හට වූ දැඩි අවවාද ඉදිරිපත් කිරීම තුළින් නබිවරයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් ශක්තිමත් කිරිම.

الٓرٰ ۫— كِتٰبٌ اُحْكِمَتْ اٰیٰتُهٗ ثُمَّ فُصِّلَتْ مِنْ لَّدُنْ حَكِیْمٍ خَبِیْرٍ ۟ۙ
(අලිෆ්, ලාම්, රා) සූරාවන්හි පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. අල් කුර්ආනය වනාහි, එය පෙළ ගැස්මෙන් හා අර්ථයෙන් ස්ථාවර කරනු ලැබූ ග්රන්ථයකි. එහි කිසිදු දොසක් හෝ අඩුවක් හෝ නැත. අනතුරුව හලාල් හෙවත් අනුමත දෑ හරාම් හෙවත් තහනම් දෑ, නියමයන්, තහනම් දෑ, ප්රතිඥාවන්, අවවාදයන්, කතා වස්තු හා වෙනත් කරුණු සම්පාදනය කළ මෙන්ම ආගමානුගත කළ මහා ප්රඥාවන්ත, තම ගැත්තන්ගේ සියලු තොරතුරු හා ඔවුනට ගැළපෙන දෑ කුමක්දැ?යි යන්න වග මැනවින් දන්නා අල්ලාහ් වෙතින් පහළ වූවක් බව විස්තර කරනු ලැබ ඇත.
Les exégèses en arabe:
اَلَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ— اِنَّنِیْ لَكُمْ مِّنْهُ نَذِیْرٌ وَّبَشِیْرٌ ۟ۙ
අල්ලාහ්ට වෙනත් දෑ ආදේශ කරමින් නැමදීම තහනම් යැයි ද අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුට පිටුපාන්නෙහු නම් ඔහුගේ දඬුවම පිළිබඳ නුඹලාට අනතුරු අඟවන්නෙක්මි. එමෙන්ම නුඹලා ඔහු විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ පිළිපදින්නේ නම් ඔහු පිරිනමන කුසල් පිළිබඳ නුඹලාට ශුභාරංචි දන්වන්නෙක්මි යැයි ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම පාඨවල අන්තර්ගත වී ඇත.
Les exégèses en arabe:
وَّاَنِ اسْتَغْفِرُوْا رَبَّكُمْ ثُمَّ تُوْبُوْۤا اِلَیْهِ یُمَتِّعْكُمْ مَّتَاعًا حَسَنًا اِلٰۤی اَجَلٍ مُّسَمًّی وَّیُؤْتِ كُلَّ ذِیْ فَضْلٍ فَضْلَهٗ ؕ— وَاِنْ تَوَلَّوْا فَاِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ كَبِیْرٍ ۟
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පාපක්ෂමාව ඇයැද, නුඹලා වැරදි සිදුකර ඇත්නම් ඒ ගැන පසුතැවිලි වී ඔහු වෙත යොමු වනු. නුඹලාගේ නියමිත කාලය අවසන් වන තෙක් යහපත් ලෙස මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට ඔහු නුඹලාට සළස්වයි. අවනත වීමේදී හා ක්රියා කිරීමේදී භාග්ය ලත් සියලු දෙනාට ඔහුගේ භාග්යලත් කුසල් කිසිදු අඩුවකින් තොරව සම්පූර්ණයෙන් පිරිනමනු ඇත. මාගේ පරමාධිපති වෙතින් කවර කරුණක් විශ්වාස කරන මෙන් මා නුඹලා වෙත ගෙන ආවේ ද එය නුඹලා ප්රතික්ෂේප කරන්නෙහු නම්, ඉතා බිහිසුණු සිදුවීම් සහිත දිනයේ දඬුවම පිළිබඳ මම නුඹලාට අනතුරු අඟවමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
Les exégèses en arabe:
اِلَی اللّٰهِ مَرْجِعُكُمْ ۚ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණය. ශුවිශුද්ධ ඔහු සියලු දෙනා කෙරෙහි සර්වබලධාරියාය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැකිය. නුඹලාගේ මරණයෙන් හා නුඹලා යළි අවදි කිරීමෙන් පසුව නුඹලාට ජීවය දී නුඹලාගෙන් ප්රශ්න කිරීමට ඔහු අසමත් වන්නේ නැත.
Les exégèses en arabe:
اَلَاۤ اِنَّهُمْ یَثْنُوْنَ صُدُوْرَهُمْ لِیَسْتَخْفُوْا مِنْهُ ؕ— اَلَا حِیْنَ یَسْتَغْشُوْنَ ثِیَابَهُمْ ۙ— یَعْلَمُ مَا یُسِرُّوْنَ وَمَا یُعْلِنُوْنَ ۚ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තබන මොවුන් ඔහු ගැන නොදැනුවත්කමින් ඔවුන්ගේ හදවත් තුළ ඇති සැකයන් ඔහුගෙන් වසං කරන්නට ඔවුන්ගේ හදවත් සඟවන්නට බලන බව දැනගනු. ඔවුන්ගේ වස්ත්රවලින් ඔවුන්ගේ හිස් ආවරණය කරන අවස්ථාවේදීත් ඔවුන් සඟවන දෑ හා ඔවුන් හෙළි කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. සැබැවින්ම හදවත් තුළ සැඟ වී පවතින සියලු දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානීය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• إن الخير والشر والنفع والضر بيد الله دون ما سواه.
•සැබැවින්ම යහපත හා අයහපත, සෙත හා හානිය යන සියල්ල ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඒවා වෙනත් කිසිවෙකු සතු නැත.

• وجوب اتباع الكتاب والسُّنَّة والصبر على الأذى وانتظار الفرج من الله.
•අල් කුර්ආනය හා සුන්නාව පිළිපැඳීම, හිංසා පීඩාවන් මත ඉවසීම හා අල්ලාහ්ගෙන් සහනයක් පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටීමේ අනිවාර්යයභාවය.

• آيات القرآن محكمة لا يوجد فيها خلل ولا باطل، وقد فُصِّلت الأحكام فيها تفصيلًا تامَّا.
•අල් කුර්ආනයේ පාඨ ස්ථීර ඒවාය. එහි කිසිදු අඩුවක් හෝ නිෂ්ඵල දෙයක් හෝ දකින්නට නොමැත. එහි නීති රීති පූර්ණ ලෙස විස්තර කරනු ලැබ ඇත.

• وجوب المسارعة إلى التوبة والندم على الذنوب لنيل المطلوب والنجاة من المرهوب.
•පතන දෑ ලබා ගන්නටත්, අනතුරු අඟවනු ලැබූ දැයින් මිදෙන්නටත් කළ පාපකම් පිළිබඳ පශ්චාත්තාප වී පාපක්ෂමාව ඇයැද සිටීම සඳහා යුහුසුළුවීමේ අනිවාර්යභාවය.

وَمَا مِنْ دَآبَّةٍ فِی الْاَرْضِ اِلَّا عَلَی اللّٰهِ رِزْقُهَا وَیَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ؕ— كُلٌّ فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟
මහ පොළොව මත වෙසෙන කවර මැවීමක් හෝ වේවා අල්ලාහ්ගෙන් වූ භාග්යයක් ලෙසින් එහි පෝෂණය ඔහුගේ භාරයේ මිස නැත. මහ පොළොවෙහි එය වාසය කරන ස්ථානය ඔහු දන්නා සේම එහි මිය යන දෑ මිය යන ස්ථානය ද දනී. වෙසෙන සෑම ජීවියෙකුගේම නවාතැනත්, මිය යන තැනත් පැහැදිලි පුස්තකයේ සඳහන් ව ඇත. එය ලව්හුල් මහ්ෆුල් නම් සටහන් පුවරුවයි.
Les exégèses en arabe:
وَهُوَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ وَّكَانَ عَرْشُهٗ عَلَی الْمَآءِ لِیَبْلُوَكُمْ اَیُّكُمْ اَحْسَنُ عَمَلًا ؕ— وَلَىِٕنْ قُلْتَ اِنَّكُمْ مَّبْعُوْثُوْنَ مِنْ بَعْدِ الْمَوْتِ لَیَقُوْلَنَّ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ مُّبِیْنٌ ۟
අහස් හා මහපොළොව ඒ දෙකෙහි විශාලත්ව ය මැව්වේ ශුද්ධ වූ අල්ලාහ්ය. එමෙන්ම ඒ දෙකෙහි දෑ දින හයකින් ඔහු මැව්වේය. ඒ දෙක මැවීමට පෙර අල්ලාහ්ගේ රාජධානිය පිහිටියේ ජලය මතය. අහෝ ජනයිනි! නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ගේ පිළිගැනීමට ලක් වන දැහැමි ක්රියාවන් සිදු කරන්නේ දැයි ද, නුඹලා අතුරින් කවරෙකු ඔහුගේ කෝපයට ලක් වන නපුරු ක්රියාවන් සිදු කරන්නේ දැ?යි ද ඔහු පරීක්ෂා කරනු පිණිස (මෙසේ කළේ)ය. ඒ සෑම දෙයකටම එයට අදාළ ප්රතිඵල ඔහු පිරිනමනු ඇත. "අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ මරණයෙන් පසු ව විභාග කරනු පිණිස නුඹලාව යළි අවදි කරනු ලබන්නෙහු යැ" යි අහෝ දූතය! නුඹ ඔවුනට පවසා සිටියේ නම් අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, යළි අවදි කරනු ලැබීම පිටු දැක්කා වූ ජනයා "නුඹ පාරායනය කරන අල් කුර්ආනය පැහැදිලි මායාවක් මිස නැත. එය නිෂ්ඵල බව පැහැදිලි වූ ව්යාජයකි" යැයි පවසති.
Les exégèses en arabe:
وَلَىِٕنْ اَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ اِلٰۤی اُمَّةٍ مَّعْدُوْدَةٍ لَّیَقُوْلُنَّ مَا یَحْبِسُهٗ ؕ— اَلَا یَوْمَ یَاْتِیْهِمْ لَیْسَ مَصْرُوْفًا عَنْهُمْ وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
දෙවියන්ට ආදේශ තබන්නන්ගෙන් මෙලොව ජීවිතයේ දී ඔවුනට නියම වූ දඬුවම නියමිත කාලයක් දක්වා අපි ප්රමාද කළේ නම්, එය ඉක්මන් කරන මෙන් පතමින් හාස්යයට ගෙන, "අපගෙන් දඬුවම නවතාලීයේ කුමක්දැ?"යි විමසති. දැනගනු. ඒ සඳහා ඔවුනට නියම වූ දඬුවම අල්ලාහ් වෙත ඇත. එය ඔවුනට පැමිණෙන දින ඔවුන්ගෙන් එය හරවා යවන්නට කිසිදු හැරවුම්කරුවෙක් ඔවුන් නොලබනු ඇත. ඔවුනට එය සිදු වන්නේමය. ඔවුන් සරදමට හා හාස්යයට ලක් කරමින් ඔවුන් ඉක්මන් කරන මෙන් පැතූ දඬුවම ඔවුන් ආවරණය කරනු ඇත.
Les exégèses en arabe:
وَلَىِٕنْ اَذَقْنَا الْاِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنٰهَا مِنْهُ ۚ— اِنَّهٗ لَیَـُٔوْسٌ كَفُوْرٌ ۟
පොහෝසත්කමේ හා සුවයේ ආශිර්වාදය වැනි ආශිර්වාදයක් අපි මිනිසාට පිරිනමා පසු ව ඔහුගෙන් එම ආශිර්වාදය ඉවත් කළ විට සැබැවින්ම ඔහු අධික ලෙස අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් වී ඔහුට පිරිනැමූ ආශිර්වාදය මහත් සේ ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුගෙන් එය වැළැක් වූ විට ඒ ගැන අමතක කරනු ඇත.
Les exégèses en arabe:
وَلَىِٕنْ اَذَقْنٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَیَقُوْلَنَّ ذَهَبَ السَّیِّاٰتُ عَنِّیْ ؕ— اِنَّهٗ لَفَرِحٌ فَخُوْرٌ ۟ۙ
තමන්ට අත් වූ දිළිඳුකම හා රෝගීභාවයෙන් පසු පෝෂණයේ හා සුවයේ සමෘද්ධිය විඳින්නට අප ඔහුට සැලැස්සුවේ නම්, ඔහු: "නපුර මගෙන් ඉවත් වී ඇත. පීඩා ව පහව ගොස් ඇතැ"යි පවසයි. නමුත් ඒ සඳහා ඔහු අල්ලාහ්ට කෘතවේදී නොවෙයි. සැබැවින්ම ඔහු තමන්ට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන ප්රමෝධමත් වී, ජනයා අපයෝජනයට ලක් කරමින් මහත් ආඩම්භරයෙන් යුතු ව සතුටින් ඉපිළ යයි.
Les exégèses en arabe:
اِلَّا الَّذِیْنَ صَبَرُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ؕ— اُولٰٓىِٕكَ لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ كَبِیْرٌ ۟
නමුත් පීඩා සහිත දුෂ්කර දෑ, අවනත විය යුතු කරුණු මත හා පාපකම් කිරීමෙන් ඉවත්ව සිටීම මත ඉවසීමෙන් කටයුතු කර දැහැමි ක්රියාවන් සිදු කළවුන් මිස. ඔවුනට ඇත්තේ වෙනස් තත්ත්වයකි. ඔවුන් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත. අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කරන්නේ ද නැත ජනයා අතර උඩඟුවෙන් ගමන් කරන්නේ ද නැත. මෙම ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව ඇත. එමෙන්ම මතුලොවෙහි අතිමහත් ප්රතිඵල ද ඔවුනට හිමිය.
Les exégèses en arabe:
فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا یُوْحٰۤی اِلَیْكَ وَضَآىِٕقٌ بِهٖ صَدْرُكَ اَنْ یَّقُوْلُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ كَنْزٌ اَوْ جَآءَ مَعَهٗ مَلَكٌ ؕ— اِنَّمَاۤ اَنْتَ نَذِیْرٌ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ وَّكِیْلٌ ۟ؕ
අහෝ දූතය! ඔවුන්ගේ ප්රතික්ෂේපය, ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් අල්ලාහ්ගේ වදන් විකෘති කිරීම යනා දී කරුණු වලට නුඹට මුහුණ දෙන්නට සිදු වූයේ නම්, අල්ලාහ් නුඹට නියෝග කළ මෙන්ම ඔවුනට එය ක්රියා කිරීමට අසීරු වන ඇතැම් කරුණු දන්වා සිටීම අතහැර දමන තරමට නුඹ පත් වන්නට පුළුවන. එමෙන්ම "ඔහුට ප්රයෝජනවත් වන පරිදි නිධානයක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු ව තහවුරු කරනු වස් දේව දූතයකු ඔහු සමග පැමිණිය යුතු නොවේදැ?"යි ඔවුන් නොපවසා සිටිනු පිණිස එසේ එය ඇරයුම් කිරීමට නුඹේ හදවත පීඩනයට පත් වන්නට පුළුවන. ඒ හේතුවෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දේව පණිවිඩ කිසිවක් අතහැර නොදමනු. නුඹ අවවාද කරන්නෙකු මිස නැත. ඇරයුම් කරන මෙන් අල්ලාහ් නුඹට අණ කළ දෑ නුඹ දන්වා සිටිනු. ඔවුන් ගොතන වදන් ඔබට විරුද්ධව පිහිටන්නේ නැත. අල්ලාහ් සියලු දෑ ආරක්ෂා කරන්නාය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• سعة علم الله تعالى وتكفله بأرزاق مخلوقاته من إنسان وحيوان وغيرهما.
•අල්ලාහ්ගේ දැනුමේ විශාලත්වය, මිනිසුන් හා සතුන් මෙන්ම අල්ලාහ්ගේ සෙසු මැවීම් සඳහා පෝෂණය ලබා දීමේ වගකීම ඔහුගේ භාරයේ පවතී.

• بيان علة الخلق؛ وهي اختبار العباد بامتثال أوامر الله واجتناب نواهيه.
•මැවීමේ අරමුණ පැහැදිලි කිරීම. එනම් අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමෙන් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙන් ගැත්තා පරීක්ෂණයට ලක් කිරීමය.

• لا ينبغي الاغترار بإمهال الله تعالى لأهل معصيته، فإنه قد يأخذهم فجأة وهم لا يشعرون.
•පව් කරන්නන්හට අල්ලාහ් දඬුවම් කිරීම ප්රමාද කිරීම හේතුවෙන් මුළාවට පත් වීම අවශ්ය වන්නේ නැත. සැබැවින් ඔවුන් නොසිතන තත්ත්වයේ අල්ලාහ් ඔවුන් එකවර ග්රහණය කරනු ඇත.

• بيان حال الإنسان في حالتي السعة والشدة، ومدح موقف المؤمن المتمثل في الصبر والشكر.
•පොහොසත්කම හා දුෂ්කරතාව යන අවස්ථාවන් හි මිනිසාගේ තත්ත්වය පැහැදිලි කිරීම, ඉවසීම හා කෘතඥතාව යන ගුණාංග අතර ආදර්ශමත් දේව විශ්වාසියාගේ ස්ථාවරය අගය කිරීම.

اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ فَاْتُوْا بِعَشْرِ سُوَرٍ مِّثْلِهٖ مُفْتَرَیٰتٍ وَّادْعُوْا مَنِ اسْتَطَعْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
එසේ නැතහොත්, "අල් කුර්ආනය අල්ලාහ්ගෙන් වූ පණිවිඩයක් නොව, එය මුහම්මද් ගෙතුවේය" යැයි දෙවියන්ට ආදේශ තබන්නන් පවසන්නෝද? අහෝ දූතය! ඔවුනට අභියෝගයක් ලෙස මෙසේ විමසනු. "මෙම කුර්ආනය මෙන් ගොතන ලද පරිච්ඡේද දහයක් ගෙන එනු. සැබැවින්ම ගොතන ලද්දක් යැයි නුඹලා සිතන මෙම කුර්ආනය මෙන් සත්යය කිසිවක් එහි නුඹලා පිළිපැදිය නොහැක. සැබැවින්ම අල් කුර්ආනය ගොතන ලද්දක් යැයි නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීන් නම් නුඹලාට හැකි නම් ඒ සඳහා නුඹලාට සහය පිණිස උදව්කරුවන් ද ඇරයුම් කරනු."
Les exégèses en arabe:
فَاِلَّمْ یَسْتَجِیْبُوْا لَكُمْ فَاعْلَمُوْۤا اَنَّمَاۤ اُنْزِلَ بِعِلْمِ اللّٰهِ وَاَنْ لَّاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— فَهَلْ اَنْتُمْ مُّسْلِمُوْنَ ۟
නුඹලා ඔවුන්ගෙන් ඉල්ලා සිටි දෑ ගෙන ඒමට ඔවුන් ශක්තිය නොදැරුවේ නම්, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කර ඇත්තේ ඔහුගේ ප්රඥාවෙන් බවත් එය ගොතනු ලැබූවක් නොවන බවත් ස්ථීර ලෙස දැන ගත යුතුය. තවද අල්ලාහ් හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නොමැති බවත් නුඹලා දැන ගත යුතුය. මෙම අවිවාදාත්මක තර්කයෙන් පසු නුඹලා ඔහුට අවනත වන්නන් වන්නෝද?
Les exégèses en arabe:
مَنْ كَانَ یُرِیْدُ الْحَیٰوةَ الدُّنْیَا وَزِیْنَتَهَا نُوَفِّ اِلَیْهِمْ اَعْمَالَهُمْ فِیْهَا وَهُمْ فِیْهَا لَا یُبْخَسُوْنَ ۟
කවරෙකු තමන් සිදු කරන ක්රියාවෙන් මතුලොව අපේක්ෂා නොකර මෙලොව ජීවිතය හා විනාශ වී යන එහි සුවය අපේක්ෂා කරන්නේ ද ඔවුන්ගේ ක්රියාවන් හි ප්රතිඵල ඔවුනට මෙලොවෙහිම අපි පිරිනමන්නෙමු. සැප සම්පත්හි සමෘද්ධියත්, ආරක්ෂාවත්, ආරෝග්යභාවයත් පිරිනමන්නෙමු. ඔවුන්ගෙන් ක්රියාවෙන් කිසිදු විපාකයක් අපි අඩු නොකරන්නෙමු.
Les exégèses en arabe:
اُولٰٓىِٕكَ الَّذِیْنَ لَیْسَ لَهُمْ فِی الْاٰخِرَةِ اِلَّا النَّارُ ۖؗ— وَحَبِطَ مَا صَنَعُوْا فِیْهَا وَبٰطِلٌ مَّا كَانُوْا یَعْمَلُوْنَ ۟
මෙම පටු අරමුණු සහිතව වර්ණනා කරනු ලැබූ මොවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න මිස වෙනත් කිසිදු කුසලක් හිමි නොවනු ඇත. ඔවුහු එහි පිවිසෙති. ඔවුන්ගේ ක්රියාවන්හි කුසල් ඔවුන්ගෙන් පහ ව යනු ඇත. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. ඊට හේතුව දේව විශ්වාසය ඒවා අභිබවා නොගිය බැවිණි. එමෙන්ම නිවැරදි අරමුණක් නොතිබූ බැවිණි. එමගින් ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය හෝ මතුලොව නිවහන අපේක්ෂා නොකළෝය.
Les exégèses en arabe:
اَفَمَنْ كَانَ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّهٖ وَیَتْلُوْهُ شَاهِدٌ مِّنْهُ وَمِنْ قَبْلِهٖ كِتٰبُ مُوْسٰۤی اِمَامًا وَّرَحْمَةً ؕ— اُولٰٓىِٕكَ یُؤْمِنُوْنَ بِهٖ ؕ— وَمَنْ یَّكْفُرْ بِهٖ مِنَ الْاَحْزَابِ فَالنَّارُ مَوْعِدُهٗ ۚ— فَلَا تَكُ فِیْ مِرْیَةٍ مِّنْهُ ۗ— اِنَّهُ الْحَقُّ مِنْ رَّبِّكَ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یُؤْمِنُوْنَ ۟
තම උත්තරීතර පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් තමන් සතුව තිබෙන; තම පරමාධිපතිගෙන් වූ සාක්ෂිකරුවෙකු -එනම් ජිබ්රීල් තුමා- තමන් පසුපසින් හඹා එන; මිනිසාට ආදර්ශයක් හා ඔවුනට ආශිර්වාදයක් වශයෙන් මූසා වෙත පහළ කරනු ලැබූ තව්රාතයේ පවා තම දූතත්වය පිළිබඳ සඳහන් වී ඇති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හා එතුමාණන් සමග සිටි දේවත්වය විශ්වාස කරන්නන් වනාහි ඔවුන් මුළාවෙහි වැටී ව්යාකූලත්වයෙන් පසුවන දේවත්වය ප්රතික්ෂේපකයින් සමග සමාන වන්නේ නැත. ඔවුහු අල් කුර්ආනය හා එය පහළ කරනු ලැබූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් විශ්වාස කරති. සත්යයෙන් නැඹුරුවූ ජනයා අතරින් කවරෙකු එය ප්රතික්ෂේප කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ප්රතිඥත ස්ථානය නිරය වේ. අහෝ දූතය! එහෙයින් කුර්ආනය පිළිබඳ හා ඔවුන්ගේ ප්රතිඥත ස්ථානය පිළිබඳ නුඹ සැකයෙහි පසු නොවනු. එය කිසිදු සැකයක් නැති සත්යයකි. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා පැහැදිලි සාක්ෂි හා පැහැදිලි සාධක එකිනෙකට ඇමිණී තිබියදීත් ඒ ගැන විශ්වාස නොකරති.
Les exégèses en arabe:
وَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا ؕ— اُولٰٓىِٕكَ یُعْرَضُوْنَ عَلٰی رَبِّهِمْ وَیَقُوْلُ الْاَشْهَادُ هٰۤؤُلَآءِ الَّذِیْنَ كَذَبُوْا عَلٰی رَبِّهِمْ ۚ— اَلَا لَعْنَةُ اللّٰهِ عَلَی الظّٰلِمِیْنَ ۟ۙ
අල්ලාහ්ට සමානයන් හෝ දරුවන් ඇතැයි ඔහු වෙත ඈඳා ඔහු කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපාරධකරුවෙකු වෙනත් නැත. අල්ලාහ් කෙරෙහි එසේ බොරු ගොතන්නන් වන ඔවුහු ඔවුන්ගේ ක්රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීම සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ඉදිරිපත් කරනු ලැබේ. ඔවුනට එරෙහි ව මලක්වරුන් හා දූතවරුන් සාක්ෂි දරමින් "හවුල්කරුවන් හා දරුවන් අල්ලාහ්ට ඇතැයි ඈඳා ඔහු කෙරෙහි බොරු ගෙතූවන් මොවූහුය." යැයි පවසති. දැනගනු. අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් තමන්ටම අපරාධ කරගත්, ඔහුගේ කරුණාවෙන් නෙරපා හරින ලද්දන් මොවූහුය.
Les exégèses en arabe:
الَّذِیْنَ یَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ وَیَبْغُوْنَهَا عِوَجًا ؕ— وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟
ඔවුහු වනාහි, අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ජනයා වළක්වති. ඔහුගේ මාර්ගයේ කිසිවෙකු ගමන් නොකරන පරිදි එහි ඍජුභාවයෙන් ඇද සොයති. එමෙන්ම මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ඔවුහු ප්රතික්ෂේප කරති. එය පිටු දකිති.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• تحدي الله تعالى للمشركين بالإتيان بعشر سور من مثل القرآن، وبيان عجزهم عن الإتيان بذلك.
•කුර්ආනය මෙන් සූරා දහයක් ගෙන එන මෙන් දෙවියන්ට ආදේශ තබන්නන්හට අල්ලාහ් කරන අභියෝගය. එය ගෙන ඒමට ඔවුනට නොහැකි බව විස්තර කිරීම.

• إذا أُعْطِي الكافر مبتغاه من الدنيا فليس له في الآخرة إلّا النار.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නාට ඔහුගේ මෙලොවෙහි අපේක්ෂාවන් පිරිනමනු ලැබූ විට මතුලොවෙහි ඔහුට අපා ගින්න මිස වෙන කිසිවක් නැත.

• عظم ظلم من يفتري على الله الكذب وعظم عقابه يوم القيامة.
•අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාගේ අපරාධයේ බැරූරුම්කම හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හිමිවන දඬුවමේ බිහිසුණුකම.

اُولٰٓىِٕكَ لَمْ یَكُوْنُوْا مُعْجِزِیْنَ فِی الْاَرْضِ وَمَا كَانَ لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ اَوْلِیَآءَ ۘ— یُضٰعَفُ لَهُمُ الْعَذَابُ ؕ— مَا كَانُوْا یَسْتَطِیْعُوْنَ السَّمْعَ وَمَا كَانُوْا یُبْصِرُوْنَ ۟
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වනාහි, මිහිතලයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන්හට පහළ වූ විට ඉන් පැන යන්නට ශක්තිය නොදැරුවෝය. අල්ලාහ්ගෙන් තොර ව ඔහුගේ දඬුවම වළක්වන උදවු කරුවන් හෝ මිත්ර පාක්ෂිකයින් හෝ ඔවුනට නැත. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් ද හැරී සෙස්සන් එයින් හරවා යැවූ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ දඬුවම තවත් වැඩි වනු ඇත. ඔවුන් දැඩි සේ සත්යයට පිටු පෑ හේතුවෙන් සත්යය හා මඟපෙන්වීම එය පිළිගන්නා පරිදි එයට සවන් දෙන්නට ඔවුහු සමත් නොවූහ. එමෙන්ම ඔවුනට සෙත සලසන, විශ්වයේ පවතින අල්ලාහ්ගේ සංඥාවන් දෑසින් දැක වටහා ගන්නට ද සමත් නොවූහ.
Les exégèses en arabe:
اُولٰٓىِٕكَ الَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වන මොවුහු අල්ලාහ්ට සමානයන් තබමින් විනාශයේ කරුණු සිදු කිරීම තුළින් ඔවුන්වම විනාශ කර ගත්තෝ වෙති. ඔවුන් මැදිහත්කරුවන් හා හවුල්කරුවන් ලෙස ප්රබන්ධයන් ඇති කරමින් සිටි දෑ ඔවුන්ගෙන් පහව ගොස් ඇත.
Les exégèses en arabe:
لَا جَرَمَ اَنَّهُمْ فِی الْاٰخِرَةِ هُمُ الْاَخْسَرُوْنَ ۟
දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපයත් මතුලොව වෙනුවට මෙලොවත්, දයාව වෙනුවට දඬුවමත් ඔවුන් පෙරළා පැතූ පරිදි සැබෑ ලෙසින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගනුදෙනු කරනුයේ අලාභවන්තයින් ලෙසය.
Les exégèses en arabe:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَاَخْبَتُوْۤا اِلٰی رَبِّهِمْ ۙ— اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කොට අල්ලාහ්ට යටහත් පහත් ව භක්තියෙන් යුතුව කටයුතු කළවුන් වනාහි, ඔවුහුමය ස්වර්ග වාසීහු වන්නෝ. ඔවුහු එහි සදා රැඳී සිටිති.
Les exégèses en arabe:
مَثَلُ الْفَرِیْقَیْنِ كَالْاَعْمٰی وَالْاَصَمِّ وَالْبَصِیْرِ وَالسَّمِیْعِ ؕ— هَلْ یَسْتَوِیٰنِ مَثَلًا ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟۠
දේව විශ්වාසී ජනයා හා දේව ප්රතික්ෂේප කරන ජනයා යන දෙපිරිසට උපමාව, දැකිය නොහැකි අන්ධයා හා සවන් දිය නොහැකි බිහිරා මෙනි. මෙය, සත්ය පිළිගන්නා පරිදි එයට සවන් නොදෙන, තමන්ට ප්රයෝජනවත් වන පරිදි එය නොදකින ප්රතික්ෂේපිත පිරිසට අයත් උපමාවයි. සවන් දෙන්නා හා බලන්නාගේ උපමාව වනාහි සවන් දීම හා බැලීම යන කරුණු දෙක එක් කර බලන දේව විශ්වාසීන්ට අයත් උපමාවයි. තත්ත්වයෙන් හා ස්වරූපයෙන් මෙම පිරිස් දෙක සමාන වන්නේ ද? එම පිරිස් දෙක සමාන නොවෙති. ඔවුන් සමාන නොවන බව නුඹලා වටහා ගත යුතු නොවේ ද?
Les exégèses en arabe:
وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖۤ ؗ— اِنِّیْ لَكُمْ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۙ
සැබැවින්ම අපි නූහ් ව (අලයිහිස් සලාම්) ඔහුගේ සමූහයා වෙත දහම් දූතයෙකු ලෙස එව්වෙමු. එවිට ඔහු ඔවුන් අමතා, "මාගේ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන, නුඹලා වෙත දැනුම් දෙන මෙන් මා වෙත පිරිනමන ලැබූ දේව පණිවිඩ නුඹලාට පැහැදිලි කරන අයෙක්වෙමි" යැයි පැවසීය.
Les exégèses en arabe:
اَنْ لَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ— اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ اَلِیْمٍ ۟
අල්ලාහ්ට පමණක් ගැතිකම් කිරීම සඳහා මම නුඹලා ඇරයුම් කරමි. එහෙයින් නුඹලා ඔහු හැර වෙනත් කිසිවෙකුට නැමදුම් නොකරනු. වේදනීය දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන සැබැවින්ම මම බිය වෙමි.
Les exégèses en arabe:
فَقَالَ الْمَلَاُ الَّذِیْنَ كَفَرُوْا مِنْ قَوْمِهٖ مَا نَرٰىكَ اِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرٰىكَ اتَّبَعَكَ اِلَّا الَّذِیْنَ هُمْ اَرَاذِلُنَا بَادِیَ الرَّاْیِ ۚ— وَمَا نَرٰی لَكُمْ عَلَیْنَا مِنْ فَضْلٍۢ بَلْ نَظُنُّكُمْ كٰذِبِیْنَ ۟
ඔහුගේ සමූහයා අතර සිටි දේවත්වය ප්රතික්ෂේප කළ ප්රභූවරුන් හා ප්රධානීහු ඔහු දෙස බලා, “සැබැවින්ම අපට වඩා අමතර දෙයක් ඔබට නොමැති බැවින් ඔබේ ඇරයුමට අපි කිසිවිටෙක පිළිතුරු නොදෙමු. ඔබ අප මෙන් මිනිසෙකු පමණි. එමෙන්ම අප මෙතෙක් දුටු පරිදි අපට මතු වූ දෑ අනුව, අපට වඩා පහත් අය මිස වෙනත් කිසිවකු නුඹ ව පිළිපදිනු අපි දැක නැත. අපි නුඹව පිළිපදින තරමට නුඹලා බල ගන්වන අමතර ධනය, ශ්රේෂ්ඨත්වය හෝ කීර්තිය නුඹලාට නැත. නුඹලා ඇරයුම් කරන දෑහි නුඹලා බොරුකාරයින් ලෙස අපි නුඹලා ව දකිමු” යැයි පැවසූහ.
Les exégèses en arabe:
قَالَ یٰقَوْمِ اَرَءَیْتُمْ اِنْ كُنْتُ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّیْ وَاٰتٰىنِیْ رَحْمَةً مِّنْ عِنْدِهٖ فَعُمِّیَتْ عَلَیْكُمْ ؕ— اَنُلْزِمُكُمُوْهَا وَاَنْتُمْ لَهَا كٰرِهُوْنَ ۟
නූහ් තුමා ඔවුන් දෙස බලා, "මාගේ ජනයිනි! මාගේ සත්යතාව ගැන සාක්ෂි දරන, මාගේ පරමාධිපතිගෙන් වූ සාධකයක් මත මා සිටිය දී, මා ගැන තහවුරු කිරීම නුඹලා වෙත අනිවාර්යය කර තිබිය දී, ඔහු වෙතින් වූ නබිත්වය හා දූත මෙහෙවර මට ආශිර්වාදයක් වශයෙන් පිරිනමා, ඒ ගැන නුඹලා නොහඳුනන පරිදි නුඹලාට සඟවනු ලැබ ඇත්නම්, ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මා වෙත දන්වා සිටිනු. ඒ ගැන විශ්වාස කිරීම සඳහා නුඹලා ව අපි බල කරන්නෙමු ද? නුඹලාගේ හදවත් තුළ අපි පිළිකුල් භාවය ප්රවේශ කරන්නෙමු ද? ඒ සඳහා අපි ශක්තිය නොදරමු. දේව විශ්වාසය සඳහා ආශිර්වා ද කරනුයේ අල්ලාහ්ය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• الكافر لا ينتفع بسمعه وبصره انتفاعًا يقود للإيمان، فهما كالمُنْتَفِيَين عنه بخلاف المؤمن.
•ප්රතික්ෂේප කරන්නා ඇසීමෙන් හා බැලීමෙන් දේව විශ්වාසය වෙත මෙහෙය වනු ලබන්නට, එය ඔහුට ප්රයෝජන වන්නේ නැත. දේව විශ්වාසියා මෙන් නොව ඒ දෙකම ප්රතික්ෂේප කරන්නන් හට තහනම් කළා මෙන් පවතී.

• سُنَّة الله في أتباع الرسل أنهم الفقراء والضعفاء لخلوِّهم من الكِبْر، وخُصُومهم الأشراف والرؤساء.
•දහම් දූතවරුන් අනුගමනය කළවුන් අතර දිළිඳුන් හා දුර්වලයින් සිටීම අල්ලාහ්ගේ න්යායකි. එය ඔවුන් උඬගු කමින් දුරස් ව සිටින බැවින් හා ප්රභූවරුන් හා ප්රධානීන් ඔවුන් සමග වාද කර සිටි බැවිනි.

• تكبُّر الأشراف والرؤساء واحتقارهم لمن دونهم في غالب الأحيان.
•ප්රභූවරුන් හා ප්රධානීන් ගේ උද්ච්ඡකම හා බොහෝ විට තමන්ට වඩා පහත් අය දෙස අවතක්සේරුවෙන් බැලීම.

وَیٰقَوْمِ لَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مَالًا ؕ— اِنْ اَجْرِیَ اِلَّا عَلَی اللّٰهِ وَمَاۤ اَنَا بِطَارِدِ الَّذِیْنَ اٰمَنُوْا ؕ— اِنَّهُمْ مُّلٰقُوْا رَبِّهِمْ وَلٰكِنِّیْۤ اَرٰىكُمْ قَوْمًا تَجْهَلُوْنَ ۟
මාගේ ජනයිනි, දූත පණිවිඩය නුඹලාට දන්වා සිටීම සඳහා මුදලක් මම නොපතමි. මාගේ තිළිණය අල්ලාහ් මත මිස නැත. නෙරපා හරින මෙන් මගෙන් නුඹලා ඉල්ලා සිටින දේව විශ්වාසී දිළිඳුන්ගේ සභාවෙන් මා දුරස් වන්නෙක් නොවෙමි. සැබැවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති ව හමුවන්නන් වෙති. ඔවුන්ගේ විශ්වාසය සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමන්නාය. නමුත් දේව විශ්වාසීන් අතර සිටි දුර්වලයින් නුඹලා නෙරපා හරින අවස්ථාවේ, මා නුඹලාව දකිනුයේ මෙම ඇරයුම සැබෑ ලෙසින් වටහා නොගත් පිරිසක් ලෙසිනි.
Les exégèses en arabe:
وَیٰقَوْمِ مَنْ یَّنْصُرُنِیْ مِنَ اللّٰهِ اِنْ طَرَدْتُّهُمْ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟
අහෝ ජනයිනි! කිසිදු පාපයක් සිදු නොකළ දේව විශ්වාසී ජනයා අසාධාරණ ලෙසින් මා පළවා හැරියේ නම් අල්ලාහ්ගේ දඬුවමින් මා වළක්වාලනුයේ කවුරුන් ද? ඒ ගැන කල්පනා කොට නුඹලාට වඩාත් ප්රයෝජනවත් හා වඩාත් යහපත් දෑ වෙත පියනැගිය යුතු නොවේ ද?
Les exégèses en arabe:
وَلَاۤ اَقُوْلُ لَكُمْ عِنْدِیْ خَزَآىِٕنُ اللّٰهِ وَلَاۤ اَعْلَمُ الْغَیْبَ وَلَاۤ اَقُوْلُ اِنِّیْ مَلَكٌ وَّلَاۤ اَقُوْلُ لِلَّذِیْنَ تَزْدَرِیْۤ اَعْیُنُكُمْ لَنْ یُّؤْتِیَهُمُ اللّٰهُ خَیْرًا ؕ— اَللّٰهُ اَعْلَمُ بِمَا فِیْۤ اَنْفُسِهِمْ ۖۚ— اِنِّیْۤ اِذًا لَّمِنَ الظّٰلِمِیْنَ ۟
අහෝ ජනයිනි! නුඹලා විශ්වාස කළෙහු නම් නුඹලා වෙත වියදම් කරනු වස් සම්පත් ඇති අල්ලාහ්ගේ භාණ්ඩාගාරයක් මා වෙත ඇතැයි මම නුඹලාට නොපවසමි. එමෙන්ම ගුප්ත දෑ පිළිබඳ මා දන්නා බවද නොපවසමි. තවද සැබැවින්ම මම සුර දූතයින් අතර අයෙක් බව ද නොපවසමි. මා නුඹලා මෙන් මිනිසෙකි. තවද නුඹලා අවමානයක් යැයි සිතන නුඹලාගේ දෑසින් නුඹලා පහත් අය ලෙස දකින දිළිඳුන් ගැන, ඔවුනට අල්ලාහ් ආශිර්වාදයක් හෝ මඟ පෙන්වීමක් කිසිවිටෙක පිරි නොනමනු ඇතැයි මම නොපවසමි. ඔවුන්ගේ චේතනාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මම එසේ ඇරයුම් කර සිටියේ නම් අල්ලාහ්ගේ දඬුවම නියම වන අපරාධකරුවන් අතරට මා ද පත්වෙමි.
Les exégèses en arabe:
قَالُوْا یٰنُوْحُ قَدْ جَادَلْتَنَا فَاَكْثَرْتَ جِدَالَنَا فَاْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
ඔවුහු මුරණ්ඩුකමින් හා උද්දච්ඡකමින්: “අහෝ නූහ්! සැබැවින්ම නුඹ අප සමග වාද කරන්නෙහිය. අප ගැන විමසා බලන්නෙහිය. අප සමග වාද කිරීමත් අප ව විමර්ශනය කර බැලීමත් අධික වී ඇත. නුඹ ඇරයුම් කරන දෑහි නුඹ සත්යවාදීන් අතර වී නම් අප වෙත ප්රතිඥා කරන දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔවුන් පැවසුවෝය.
Les exégèses en arabe:
قَالَ اِنَّمَا یَاْتِیْكُمْ بِهِ اللّٰهُ اِنْ شَآءَ وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ ۟
"මම නුඹලාට දඬුවම් කරන්නෙක් නොවෙමි. නුඹලාට එය ගෙන දෙනුයේ අල්ලාහ්ය. එය ඔහුගේ අභිමතය පරිදිය. නුඹලාට දඬුවමක් ලබා දීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගේ දඬුවමින් මිදීමේ හැකියාව නුඹලාට නොමැත." යැයි ඔවුන්ට නූහ් පැවසීය.
Les exégèses en arabe:
وَلَا یَنْفَعُكُمْ نُصْحِیْۤ اِنْ اَرَدْتُّ اَنْ اَنْصَحَ لَكُمْ اِنْ كَانَ اللّٰهُ یُرِیْدُ اَنْ یُّغْوِیَكُمْ ؕ— هُوَ رَبُّكُمْ ۫— وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟ؕ
"නුඹලා ඍජු මාර්ගයෙන් නොමඟ යෑමටත් නුඹලාගේ මුරණ්ඩුකම හේතුවෙන් නුඹලාව යහමගින් පහත් කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කළේ නම් මාගේ උපදෙස හෝ මාගේ මෙනෙහි කිරීම හෝ නුඹලාට ප්රයෝජනවත් වන්නේ නැත. ඔහු නුඹලාගේ පරමාධිපතිය. නුඹලාගේ කටයුතු සියල්ලෙහි හිමිකරුය. ඔහු අභිමත කළේ නම්, නුඹලා නොමග යෑමට ඉඩ හරියි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි. අනතුරුව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Les exégèses en arabe:
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ اِنِ افْتَرَیْتُهٗ فَعَلَیَّ اِجْرَامِیْ وَاَنَا بَرِیْٓءٌ مِّمَّا تُجْرِمُوْنَ ۟۠
නූහ්ගේ ජනයා ප්රතික්ෂේප කිරීමට හේතුව සැබැවින්ම ඔහු ගෙන ආ දහම අල්ලාහ් වෙත ගොතා පැවසූවක් බව ඔවුන් විශ්වාස කිරීමය. "අහෝ දූතය! නුඹ ඔවුනට, "මම එය ගෙතුවේ නම් මාගේ පාපයේ දඬුවම මා වෙත පමණක් පැවරෙන්නේය. නුඹලා බොරු කරමින් සිටින කිසිවකගේ පාප බර මම නුඋසුලන්නෙමි’ යැයි පවසනු."
Les exégèses en arabe:
وَاُوْحِیَ اِلٰی نُوْحٍ اَنَّهٗ لَنْ یُّؤْمِنَ مِنْ قَوْمِكَ اِلَّا مَنْ قَدْ اٰمَنَ فَلَا تَبْتَىِٕسْ بِمَا كَانُوْا یَفْعَلُوْنَ ۟ۚ
"අහෝ නූහ්! මීට පෙර විශ්වාස කළවුන් හැර නුඹේ ජනයා අතර කිසිවෙකු විශ්වාස නොකරන්නේමය. එහෙයින් නූහ්! මේ දිගු කාලය තුළ ඔවුන් බොරු කරමින් හා හෑල්ලුවට ලක් කරමින් කළ ක්රියාවන් හේතුවෙන් නුඹ දුක් නොවනු." යැයි අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමා වෙත දේව පණිවිඩ පහළ කළේය.
Les exégèses en arabe:
وَاصْنَعِ الْفُلْكَ بِاَعْیُنِنَا وَوَحْیِنَا وَلَا تُخَاطِبْنِیْ فِی الَّذِیْنَ ظَلَمُوْا ۚ— اِنَّهُمْ مُّغْرَقُوْنَ ۟
"අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ නුඹ නැව තනනු. එය කෙසේ සෑදිය යුතු දැයි අපගේ දේව පණිවිඩ මගින් අපි ඔබ දැනුවත් කරමු. දේව ප්රතික්ෂේපය හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට අවකාශය ලබා දෙන මෙන් ඔබ මගෙන් ඉල්ලා මා සමග කතා නොකරනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව සිටි බැවින් ඔවුනට දඬුවමක් වශයෙන් කිසිදු සැකයකින් තොරව මහා ජල ගැල්මෙන් ඔවුන් ගිලී විනාශ වී යනු ඇත."
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• عفة الداعية إلى الله وأنه يرجو منه الثواب وحده.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නෙකු සතු නිර්මලභාවය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් පමණක් තිළිණ බලාපොරොත්තු වෙයි.

• حرمة طرد فقراء المؤمنين، ووجوب إكرامهم واحترامهم.
•දේව විශ්වාසී දිළිඳුන් නෙරපා හැරීමේ තහනම, ඔවුනට ගරු කිරීමේ හා ඔවුන් ගෞරවයට පත් කිරීමේ අනිවාර්යයභාවය.

• استئثار الله تعالى وحده بعلم الغيب.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූවකි.

• مشروعية جدال الكفار ومناظرتهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාදය හා ඔවුන්ගේ දැක්ම ආගමානුගත කර ඇත.

وَیَصْنَعُ الْفُلْكَ ۫— وَكُلَّمَا مَرَّ عَلَیْهِ مَلَاٌ مِّنْ قَوْمِهٖ سَخِرُوْا مِنْهُ ؕ— قَالَ اِنْ تَسْخَرُوْا مِنَّا فَاِنَّا نَسْخَرُ مِنْكُمْ كَمَا تَسْخَرُوْنَ ۟ؕ
නූහ් ඔහුගේ පරමාධිපතිගේ නියෝගය පිළිපැද්දේය. නැව සාදන්නට ඇරඹුවේය. ඔහුගේ ප්රජාව අතර සිටි ප්රධානීන් හා ප්රභූවරුන් ඒ අසළින් ගමන් ගන්නා සෑම අවස්ථාවකම ඔහුට සරදම් කළෝය. එතුමා නැව තනන්නට ක්රියා කළ කල්හි එම භූමියේ ජලය හෝ ගංගාවන් හෝ නොවීය. ඔවුන්ගේ සරදම නැවත නැවතත් ඇති වූ කල්හි ඔහු, "අහෝ ප්රධානියනි! අප නැව තනන දිනයේ අප ගැන නුඹලා සමච්චල් කරන්නේ නම් නුඹලා දියේ ගිලී යන මොහොත උදා වන විට නුඹලාගේ අඥානකම නිසාවෙන් අපි නුඹලා සමච්චලයට ලක් කරන්නෙමු." යැයි පැවසීය.
Les exégèses en arabe:
فَسَوْفَ تَعْلَمُوْنَ ۙ— مَنْ یَّاْتِیْهِ عَذَابٌ یُّخْزِیْهِ وَیَحِلُّ عَلَیْهِ عَذَابٌ مُّقِیْمٌ ۟
තමන් අවමානයට පත් කරන හෑල්ලුවට ලක් කරන මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැනගනු ඇත.
Les exégèses en arabe:
حَتّٰۤی اِذَا جَآءَ اَمْرُنَا وَفَارَ التَّنُّوْرُ ۙ— قُلْنَا احْمِلْ فِیْهَا مِنْ كُلٍّ زَوْجَیْنِ اثْنَیْنِ وَاَهْلَكَ اِلَّا مَنْ سَبَقَ عَلَیْهِ الْقَوْلُ وَمَنْ اٰمَنَ ؕ— وَمَاۤ اٰمَنَ مَعَهٗۤ اِلَّا قَلِیْلٌ ۟
නැව තනන්නට අල්ලාහ් නියෝග කළ පරිදි නූහ් (අලය්හිස් සලාම්) තුමා නැව සාදා අවසන් කළේය. අවසානයේ නුඹලා විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණියේය. මහා ජල ගැල්මක ආරම්භය සනිටුහන් කරමින් ඔවුන් පිසිමින් සිටි ලිප්වලින් ජලය උතුරා ගලන්නට පටන් ගත්තේය. එවිට අපි නූහ් (අලය්හිස් සලාම්)ට මෙසේ පවසා සිටියෙමු. "මහපොළොවේ වෙසෙන සත්වයින් අතර ගැහැණු පිරිමි ජෝඩුවක් බැගින් නැව තුළට නංවා ගනු. නුඹේ පවුල අතරද ඇතැමුන් විශ්වාස නොකළ බැවින් ගිලිය යුතු යැයි තීන්දු කරනු ලැබූවන් හැර සෙසු පවුලේ උදවිය ද නංවා ගනු. එමෙන්ම නුඹගේ ජනයා අතර නුඹ සමග සිටි විශ්වාස කළවුන් ද නංවා ගනු" යැයි පැවසුවෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔහු ඔවුන් ඇරයුම් කරමින් රැඳී සිටි දිගු කාලය තුළ, ඔහුගේ සමූහයා අතරින් ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් සිටියේ සුළු පිරිසක් පමණය.
Les exégèses en arabe:
وَقَالَ ارْكَبُوْا فِیْهَا بِسْمِ اللّٰهِ مَجْرٖىهَا وَمُرْسٰىهَا ؕ— اِنَّ رَبِّیْ لَغَفُوْرٌ رَّحِیْمٌ ۟
නූහ් තුමාගේ සමූහයා හා පවුල අතරින් දෙවියන් විශ්වාස කළවුනට හෙතෙම මෙසේ පැවසීය. "නුඹලා නැවට ගොඩ වනු. අල්ලාහ්ගේ නාමයෙන් නැව යාත්රා කරනු ඇත. ඔහුගේ නාමයෙන් එය නතර වනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති තම ගැත්තන් අතර පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නන් හට අති ක්ෂමාශීලීය. ඔහු ව විශ්වාස කළවුන් එම විනාශයෙන් මුදවා ගැනීම ඔවුන් කෙරෙහි දැක්වූ ඔහුගේ ආශිර්වාදයකි."
Les exégèses en arabe:
وَهِیَ تَجْرِیْ بِهِمْ فِیْ مَوْجٍ كَالْجِبَالِ ۫— وَنَادٰی نُوْحُ ١بْنَهٗ وَكَانَ فِیْ مَعْزِلٍ یّٰبُنَیَّ ارْكَبْ مَّعَنَا وَلَا تَكُنْ مَّعَ الْكٰفِرِیْنَ ۟
කඳු මෙන් වූ විශාල රළ පහර අතරින් එහි සිටින ජනයා හා වෙනත් දෑ රැගෙන නැව යාත්රා කළේය. පිය සෙනෙහස හේතුවෙන් ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන්ට ද නූහ් (අලයිහිස් සලාම්) තුමා ඇමතුවේය. ඔහු තම පියාගෙන් හා තම සමූහයාගෙන් වෙන් ව එක් ස්ථානයක තනිව සිටියේය. "මාගේ පුතණුවනි! ගිලී යාමෙන් මිදීම සඳහා ඔබ අප සමග නැවට ගොඩ වනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නුඹ නොවනු. එවිට ගිලී යාමෙන් ඔවුනට අත් වූ විනාශය ඔබට ද අත්වනු ඇත."
Les exégèses en arabe:
قَالَ سَاٰوِیْۤ اِلٰی جَبَلٍ یَّعْصِمُنِیْ مِنَ الْمَآءِ ؕ— قَالَ لَا عَاصِمَ الْیَوْمَ مِنْ اَمْرِ اللّٰهِ اِلَّا مَنْ رَّحِمَ ۚ— وَحَالَ بَیْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِیْنَ ۟
නූහ්ගේ පුත් නූහ් දෙස බලා, "මා වෙත ජලය ගලා නොඑන පරිදි මම උස් කන්දක් වෙත ගොස් ආරක්ෂාව ලබමි." යැයි පැවසීය. නූහ් තම පුතණුවන්ට, "අද දින තම අභිමතය පරිදි තම දයාවෙන් කරුණා දක්වන අල්ලාහ් හැර මහා ජල ගැල්මෙහි ගිලී යාමේ ඔහුගේ දඬුවමින් නුඹලා වළක්වාලන කිසිවකු නැත." යැයි පැවසීය. නූහ් හා ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන් අතර මහා ජල රලක් පැමිණ ඔවුන් දෙදෙනා වෙන් කළේය. අවසානයේ ඔහුගේ පුතණුවන් දෙවියන් ප්රතික්ෂේප කළ බැවින් මහා ජලගැල්මෙහි ගිලී විනාශ වූවන් අතරට පත් විය.
Les exégèses en arabe:
وَقِیْلَ یٰۤاَرْضُ ابْلَعِیْ مَآءَكِ وَیٰسَمَآءُ اَقْلِعِیْ وَغِیْضَ الْمَآءُ وَقُضِیَ الْاَمْرُ وَاسْتَوَتْ عَلَی الْجُوْدِیِّ وَقِیْلَ بُعْدًا لِّلْقَوْمِ الظّٰلِمِیْنَ ۟
ජල ගැල්ම නතර වූ පසු ව අල්ලාහ් මහපොළොව දෙස බලා: "අහෝ මහපොළොව! නුඹ මත තිබෙන ජලය නුඹ ගිල ගනු." යැයි ද අහස දෙස බලා, "අහෝ අහස! නුඹ රඳවා ගනු. වර්ෂාව පහළ නොකරනු" යැයි ද පැවසීය. මහපොළොව වියැළෙන තෙක්ම ජලය අඩු විය. ප්රතික්ෂේප කළවුන් අල්ලාහ් විනාශ කළේය. නැව ජූදී නම් කන්ද මත නතර විය. පසුව "දෙවියන් ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාවන් උල්ලංඝණය කළ ජනයාට විනාශයක්ම වේවා" යැයි පවසනු ලැබීය.
Les exégèses en arabe:
وَنَادٰی نُوْحٌ رَّبَّهٗ فَقَالَ رَبِّ اِنَّ ابْنِیْ مِنْ اَهْلِیْ وَاِنَّ وَعْدَكَ الْحَقُّ وَاَنْتَ اَحْكَمُ الْحٰكِمِیْنَ ۟
නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉතා බැගෑපත් ව තම පරමාධිපතියාණන් අමතා, "මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ පුතනුවන් ද ආරක්ෂා කරනු ලබන මෙන් ප්රතිඥා දුන් මාගේම පවුලේ කෙනෙකි. සැබැවින්ම නුඹේ ප්රතිඥාව කිසිදු කඩ කිරීමක් නැති සැබෑ ප්රතිඥාවකි. තීන්දු කරන්නන් අතර නුඹ ඉතා සාධාරණනීයය. එමෙන්ම ඔවුනට වඩා නුඹ මැනවින් දන්නාය." යැයි පැවසීය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• بيان عادة المشركين في الاستهزاء والسخرية بالأنبياء وأتباعهم.
•දෙවියන්ට ආදේශ තබන්නන් තම නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් හෑල්ලුවට හා හාස්යයට ලක් කිරීමේ ඔවුන්ගේ පහත් සිරිත විස්තර කිරීම.

• بيان سُنَّة الله في الناس وهي أن أكثرهم لا يؤمنون.
•සැබැවින්ම ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති යන අල්ලාහ්ගේ න්යාය පැහැදිලි කිරීම.

• لا ملجأ من الله إلا إليه، ولا عاصم من أمره إلا هو سبحانه.
•රැකවරණය ලබන්නට අල්ලාහ් වෙත යොමුවීමෙන් මිස වෙනත් සුරක්ෂිත ස්ථානයක් නැත. ඔහුගේ නියෝගයෙන් ආරක්ෂාව ලබන්නට ඔහු හැර වෙනත් ආරක්ෂිතයෙකු ද නැත.

قَالَ یٰنُوْحُ اِنَّهٗ لَیْسَ مِنْ اَهْلِكَ ۚ— اِنَّهٗ عَمَلٌ غَیْرُ صَالِحٍ ۗ— فَلَا تَسْـَٔلْنِ مَا لَیْسَ لَكَ بِهٖ عِلْمٌ ؕ— اِنِّیْۤ اَعِظُكَ اَنْ تَكُوْنَ مِنَ الْجٰهِلِیْنَ ۟
අල්ලාහ් නූහ් අමතා, "අහෝ නූහ්! මුදවා ගන්නැයි නුඹ මගෙන් ඉල්ලා සිටි නුඹගේ පුතණුවන් සැබැවින්ම නුඹේ පවුලෙන් ආරක්ෂා කරන බවට මම නුඹට ප්රතිඥා දුන් අය අතරින් කෙනෙකු නොවීය. සැබැවින්ම ඔහු දෙවියන් ප්රතික්ෂේප කළ අයෙකි. අහෝ නූහ්! නුඹේ මේ ඉල්ලීම නුඹට නොගැළපෙන එකකි. නුඹේ ස්ථානයේ සිටින්නන් හට සුදුසු නොවන්නකි. එහෙයින්, නුඹට කිසිදු දැනුමක් නැති දෙයක් නුඹ මගෙන් ඉල්ලා නොසිටිනු. සැබැවින්ම නුඹ අඥානයින් අතරට පත් වීම ගැන මම අවවාද කරමි. මාගේ දැනුමට හා මාගේ ප්රඥාවට විරුද්ධ නොවන දෑ නුඹ මගෙන් ඉල්ලා සිටිනු’ යැයි පැවසීය.
Les exégèses en arabe:
قَالَ رَبِّ اِنِّیْۤ اَعُوْذُ بِكَ اَنْ اَسْـَٔلَكَ مَا لَیْسَ لِیْ بِهٖ عِلْمٌ ؕ— وَاِلَّا تَغْفِرْ لِیْ وَتَرْحَمْنِیْۤ اَكُنْ مِّنَ الْخٰسِرِیْنَ ۟
නූහ් (අලෙයිහිස් සලාම්) තුමා, "මාගේ පරමාධිපතියාණනි! මාහට දැනුමක් නොමැති දෙයක් ගැන මම නුඹෙන් විමසා සිටීමෙන් සැබැවින්ම මම රැකවරණය හා ආරක්ෂාව පතමි. මාගේ පාපයට නුඹ මට සමාව නොදුන්නෙහි නම්, නුඹේ කරුණාවෙන් මට කරුණා නොකළෙහි නම් මතුලොව භාග්යයන් අහිමි වූ අලාභවන්තයින් අතරට මා ද පත් වෙමි" යැයි පැවසීය.
Les exégèses en arabe:
قِیْلَ یٰنُوْحُ اهْبِطْ بِسَلٰمٍ مِّنَّا وَبَرَكٰتٍ عَلَیْكَ وَعَلٰۤی اُمَمٍ مِّمَّنْ مَّعَكَ ؕ— وَاُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ یَمَسُّهُمْ مِّنَّا عَذَابٌ اَلِیْمٌ ۟
අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමාට, "අහෝ නූහ්! සුරක්ෂිත ව හා අභයදායී ව නැවෙන් ගොඩ බසිනු. අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයන් බොහෝමයක් නුඹටත් නුඹෙන් පසු පැමිණෙන නුඹ සමග නැවේ සිටි දේව විශ්වාසීන්ගේ පරපුරටත් ඇත. ඔවුන්ගෙන් පැවත එන දෙවියන් ප්රතික්ෂේප කරන පිරිසක් ද වෙති. මෙලොව ජිවිතයේ භුක්ති විදීමට අපි ඔවුනට අවකාශය දෙන්නෙමු. ඔවුන්ගේ ජිවනෝපායන් ඔවුනට අපි පිරිනමමු. පසුව මතුලොවෙහි අපගෙන් වූ වේදනීය දඬුවම ඔවුනට අත් වන්නේය.
Les exégèses en arabe:
تِلْكَ مِنْ اَنْۢبَآءِ الْغَیْبِ نُوْحِیْهَاۤ اِلَیْكَ ۚ— مَا كُنْتَ تَعْلَمُهَاۤ اَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هٰذَا ۛؕ— فَاصْبِرْ ۛؕ— اِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِیْنَ ۟۠
නූහ් තුමාගේ මේ කතා වස්තුව ගුප්ත තොරතුරු අතරින් වූවකි. අහෝ දූතය! අපි නුඹට දන්වා සිටි දේව පණිවිඩයට පෙර නුඹ මෙය දැන සිටියේ නැත. එමෙන්ම නුඹේ සමූහයා ද මෙය දැන සිටියේ නැත. එබැවින් නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද නුඹේ සමාජයෙන් ඇති වන හිංසාවන් මත හා ඔවුන්ගේ බොරු කිරීම මත ඉවසීමෙන් කටයුතු කරනු.
Les exégèses en arabe:
وَاِلٰی عَادٍ اَخَاهُمْ هُوْدًا ؕ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— اِنْ اَنْتُمْ اِلَّا مُفْتَرُوْنَ ۟
සැබැවින්ම අපි ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අලයිහිස් සලාම්) දහම් දූතයෙකු ලෙස එව්වෙමු. එවිට ඔහු ඔවුන් අමතා: "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහු සමග කිසිවෙකු හවුල් නොකරනු. නැමදුමට සුදුසු සුවිශුද්ධ වූ ඔහු හැර වෙනත් කිසිවෙකු නුඹලාට නැත. සැබැවින්ම ඔහුට හවුල්කරුවෙක් ඇතැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් මිස නැත.
Les exégèses en arabe:
یٰقَوْمِ لَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ اَجْرًا ؕ— اِنْ اَجْرِیَ اِلَّا عَلَی الَّذِیْ فَطَرَنِیْ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
"අහෝ මාගේ ජනයිනි! මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දන්වන දෑ සඳහාත් ඔහු වෙත නුඹලාව මා ඇරයුම් කිරීම සඳහාත් කිසිදු තෑග්ගක් මම නුඹලාගෙන් නොපතමි. මාගේ තෑග්ග මා මැවූ අල්ලාහ්ගෙන් මිස නැත. ඒ ගැන නුඹලා වටහා ගෙන මා කවර කරුණක් වෙත නුඹලා ඇරයුම් කරන්නේ ද ඒ සඳහා නුඹලා පිළිතුරු දිය යුතු නොවේද?"
Les exégèses en arabe:
وَیٰقَوْمِ اسْتَغْفِرُوْا رَبَّكُمْ ثُمَّ تُوْبُوْۤا اِلَیْهِ یُرْسِلِ السَّمَآءَ عَلَیْكُمْ مِّدْرَارًا وَّیَزِدْكُمْ قُوَّةً اِلٰی قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِیْنَ ۟
"මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. පසුව නුඹලාගේ ෂිර්ක් නම් ආදේශ තැබීමේ මහා පාපය වෙනුවෙන් පසුතැවිලි වී පාපක්ෂමා අයැද සිටිනු. අධික ලෙස වර්ෂාව පහළ කිරීමෙන් ඔහු නුඹලාට කුසල් පිරිනමයි. අධික ලෙස ධන සම්පත හා දරු සම්පත තුළින් නුඹලාගේ ගෞරවයට ඉහළින් ගෞරවයක් වර්ධනය කරයි. මා කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේ ද එය ප්රතික්ෂේප නොකරනු. එවිට මාගේ ඇරයුමට නුඹලා පිටුපෑමෙන්, අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් හා මා කවර කරුණක් ගෙන ආවේද එය බොරු කිරීමෙන් නුඹලා වැරදිකරුවන් අතරට පත්වනු ඇත."
Les exégèses en arabe:
قَالُوْا یٰهُوْدُ مَا جِئْتَنَا بِبَیِّنَةٍ وَّمَا نَحْنُ بِتَارِكِیْۤ اٰلِهَتِنَا عَنْ قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِیْنَ ۟
ඔහුගේ සමූහයා ඔහුට, "අහෝ හූද්! නුඹ ව අප විශ්වාස කරන තරමට නුඹ පැහැදිලි සාධකයක් අප වෙත ගෙන ආවේ නැත. කිසිදු සාක්ෂියකින් තොර ව නුඹ කරන හිස් වදන් හේතුවෙන් අපි අපගේ දෙවිවරුන් නැමදීම අතහරින්නේ ද නැත. සැබැවින්ම ඔබ දේව දූතයෙකු බව කරන වාදය විශ්වාස කරන්නන් ලෙස ද අප නැත" යැයි පැවසූහ.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• لا يملك الأنبياء الشفاعة لمن كفر بالله حتى لو كانوا أبناءهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වෙනුවෙන් -ඔවුන් තමන්ගේ දරුවන් වුව ද- මැදිහත් වීමට නබිවරුන්ට අයිතියක් නැත.

• عفة الداعية وتنزهه عما في أيدي الناس أقرب للقبول منه.
• දහම් දේශකයෙකු සතු නිර්මලභාවය හා මිනිසුන් සතු ව ඇති දෑ වෙනුවෙන් අයැද සිටීමෙන් ඔහුගේ පිවිතුරුභාවය.

• فضل الاستغفار والتوبة، وأنهما سبب إنزال المطر وزيادة الذرية والأموال.
•සමාව අයැද සිටීමෙහි හා පාපක්ෂමාවෙහි නිරත වීමෙහි මහිමය. සැබැවින්ම ඒ දෙක වර්ෂාව පහළ වීමටත් අධික ලෙස ධන සම්පත් හා දරු සම්පත් ලැබීමටත් හේතු සාධකයක් වේ.

اِنْ نَّقُوْلُ اِلَّا اعْتَرٰىكَ بَعْضُ اٰلِهَتِنَا بِسُوْٓءٍ ؕ— قَالَ اِنِّیْۤ اُشْهِدُ اللّٰهَ وَاشْهَدُوْۤا اَنِّیْ بَرِیْٓءٌ مِّمَّا تُشْرِكُوْنَ ۟ۙ
"අපගේ දෙවිවරුන් අප නැමද සිටීමෙන් නුඹ අප වළක්වන කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් නුඹ ව උන්මත්තභාවයට පත් කරනු ඇතැයි මිස අප පැවසුවේ නැත." හූද් තුමා මෙසේ පැවසීය: ‘සැබැවින්ම මම අල්ලාහ් මත සාක්ෂි දරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින නුඹලාගේ දෙවිවරුන්ගෙන් සැබැවින්ම මා නිදොස් බව නුඹලා ද සාක්ෂි දරනු. මා හට උන්මත්තභාවය ඇති කරනු ඇතැයි නුඹළා විශ්වාස කරමින් සිටින නුඹලාගේ දෙවිවරුන් හා නුඹලා ද එක් ව කුමන්ත්රණ කරනු. පසුව නුඹලා මාහට අවස්ථාවන් නොදෙනු."
Les exégèses en arabe:
مِنْ دُوْنِهٖ فَكِیْدُوْنِیْ جَمِیْعًا ثُمَّ لَا تُنْظِرُوْنِ ۟
"අපගේ දෙවිවරුන් අප නමැද සිටීමෙන් නුඹ අප වළක්වන කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් නුඹ ව උන්මත්තභාවයට පත් කරනු ඇතැයි මිස අප පැවසුවේ නැත." හූද් තුමා මෙසේ පැවසීය, "සැබැවින්ම මම අල්ලාහ් මත සාක්ෂි දරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින නුඹලාගේ දෙවිවරුන්ගෙන් සැබැවින්ම මා නිදොස් බව නුඹලා ද සාක්ෂි දරනු. මා හට උන්මත්තභාවය ඇති කරනු ඇතැයි නුඹළා විශ්වාස කරමින් සිටින නුඹලාගේ දෙවිවරුන් හා නුඹලා ද එක් ව කුමන්ත්රණ කරනු. පසුව නුඹලා මාහට අවස්ථාවන් නොදෙනු.
Les exégèses en arabe:
اِنِّیْ تَوَكَّلْتُ عَلَی اللّٰهِ رَبِّیْ وَرَبِّكُمْ ؕ— مَا مِنْ دَآبَّةٍ اِلَّا هُوَ اٰخِذٌ بِنَاصِیَتِهَا ؕ— اِنَّ رَبِّیْ عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
සැබැවින්ම මම අල්ලාහ් මත පමණක් සියල්ල භාර කරමි. මාගේ කටයුත්තෙහි ඔහු මත පමණක් රැඳෙමි. ඔහු මාගේ මෙන්ම නුඹලාගේද පරමාධිපතිය. මහපොළොවේ ගමන් කරන කිසිදු ජීවියෙක් ඔහුගේ පාලනය හා ආධිපත්යය යටතේ ඔහුට යටහත්ව කටයුතු කරනු මිස නැත. ඔහු අභිමත කරන පරිදි ඒවා වෙනස් කරනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති සත්ය හා සාධාරණය මත වෙයි. නුඹලා මා වෙත ආධිපත්ය දරන්නට ඔහු කිසි විටෙක ඉඩ සළසන්නේ නැත. හේතුව සැබැවින්ම මම සත්ය මත වන බැවින් හා නුඹලා අසත්ය මත වන බැවිණි.
Les exégèses en arabe:
فَاِنْ تَوَلَّوْا فَقَدْ اَبْلَغْتُكُمْ مَّاۤ اُرْسِلْتُ بِهٖۤ اِلَیْكُمْ ؕ— وَیَسْتَخْلِفُ رَبِّیْ قَوْمًا غَیْرَكُمْ ۚ— وَلَا تَضُرُّوْنَهٗ شَیْـًٔا ؕ— اِنَّ رَبِّیْ عَلٰی كُلِّ شَیْءٍ حَفِیْظٌ ۟
"මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එය පිටුපා ඒ ගැන කුමන්ත්රණ කරන්නෙහු නම් දැන ගනු මා සතු වන්නේ නුඹලාට දැනුම් දීම පමණි. අල්ලාහ් කවර කරුණක් මා වෙත එව්වේ ද එමෙන්ම කවර කරුණක් දන්වා සිටින මෙන් මාහට නියෝග කළේ ද ඒ සියල්ල මම නුඹලාට දන්වා සිටියෙමි. නුඹලා වෙත සාධක ඇත. මාගේ පරමාධිපති නුඹලා විනාශ කොට නුඹලාගෙන් පසු ව නුඹලා නොවන තවත් පිරිසක් ගෙන එනු ඇත. නුඹලා කරන නුඹලාගේ බොරුවෙන් හෝ නුඹලාගේ පිටුපෑමෙන් ලොකු හෝ කුඩා නපුරක් නුඹලා විසින් අල්ලාහ්ට සිදු කළ නොහැක. හේතුව, සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ අවශ්යතාවන්ගෙන් තොර බැවිණි. සැබැවින්ම මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලා කවර කරුණක් මට එරෙහි ව කුමන්ත්රණ කරන්නෙහු ද එවන් නපුරෙන් මා ආරක්ෂා කරනුයේ ඔහුය."
Les exégèses en arabe:
وَلَمَّا جَآءَ اَمْرُنَا نَجَّیْنَا هُوْدًا وَّالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ بِرَحْمَةٍ مِّنَّا ۚ— وَنَجَّیْنٰهُمْ مِّنْ عَذَابٍ غَلِیْظٍ ۟
ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියෝගය පැමිණි කල්හි හූද් හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණාවෙන් අපි මුදවා ගත්තෙමු. එම කරුණාව ඔවුනට අත් විය. එමෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ ඔහුගේ ජනයාට අපි දඬුවම් කළ අති බිහිසුණු දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු.
Les exégèses en arabe:
وَتِلْكَ عَادٌ جَحَدُوْا بِاٰیٰتِ رَبِّهِمْ وَعَصَوْا رُسُلَهٗ وَاتَّبَعُوْۤا اَمْرَ كُلِّ جَبَّارٍ عَنِیْدٍ ۟
මෙම ආද් සමූහයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ දූත හූද්ට එරෙහි ව කටයුතු කළෝය. සත්ය පිළිගැනීමට උඬගු වී එය නොපිළිගත් මෙන්ම එයට යටත් නොවූ අපාරධකරුගේ සෑම නියෝගයක්ම පිළිපැද්දෝය.
Les exégèses en arabe:
وَاُتْبِعُوْا فِیْ هٰذِهِ الدُّنْیَا لَعْنَةً وَّیَوْمَ الْقِیٰمَةِ ؕ— اَلَاۤ اِنَّ عَادًا كَفَرُوْا رَبَّهُمْ ؕ— اَلَا بُعْدًا لِّعَادٍ قَوْمِ هُوْدٍ ۟۠
මෙලොව ජීවිතයෙහි ඔවුනට අවමානය හා අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස්වීමක් අත් විය. එලෙසම ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලබති. එය ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙනි. දැනගනු. අල්ලාහ් ඔවුන්ව සෑම යහපතකින්ම දුරස් කරවා සෑම නපුරක්ම ඔවුනට සමීප කරවනු ඇත.
Les exégèses en arabe:
وَاِلٰی ثَمُوْدَ اَخَاهُمْ صٰلِحًا ۘ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— هُوَ اَنْشَاَكُمْ مِّنَ الْاَرْضِ وَاسْتَعْمَرَكُمْ فِیْهَا فَاسْتَغْفِرُوْهُ ثُمَّ تُوْبُوْۤا اِلَیْهِ ؕ— اِنَّ رَبِّیْ قَرِیْبٌ مُّجِیْبٌ ۟
සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව අපි එව්වෙමු. ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමද ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නුඹලාට නැත. මහපොළොවේ පසින් නුඹලාගේ පියාණන් ආදම් මවා පසුව ඔහුගෙන් නුඹලා ව ඔහු මැව්වේය. එහි පාලකයින් බවට ද නුඹලා ව ඔහු පත් කළේය. එහෙයින් නුඹලා ඔහුගෙන් සමාව අයැද සිටිනු. පසුව අවනතව කටයුතු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහු වෙතට යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුට අවංකව කටයුතු කරන්නන් හට ඉතා සමිපය. එවැන්නන්ගේ ප්රාර්ථනාව පිළිගන්නාය.
Les exégèses en arabe:
قَالُوْا یٰصٰلِحُ قَدْ كُنْتَ فِیْنَا مَرْجُوًّا قَبْلَ هٰذَاۤ اَتَنْهٰىنَاۤ اَنْ نَّعْبُدَ مَا یَعْبُدُ اٰبَآؤُنَا وَاِنَّنَا لَفِیْ شَكٍّ مِّمَّا تَدْعُوْنَاۤ اِلَیْهِ مُرِیْبٍ ۟
ඔහුගේ ජනයා ඔහුට, "අහෝ සාලිහ්! ඔබ මේ ඇරයුම කිරීමට පෙර අප අතර උසස් නිලයක් ඇති පුද්ගලයෙකු විය. උපදේශන හා සාකච්ඡා කරන බුද්ධිමත් අයකු ලෙස අපි සිතා සිටියෙමු. අහෝ සාලිහ්! අපගේ මුතුන්මිත්තන් කවර දෙයකට නමදිමින් සිටියේ ද ඒවායින් ඔබ අප වළක්වන්නෙහිද? අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔබ අපට කරන ඇරයුම සම්බන්ධයෙන් අපි සැකයෙහි පසුවෙමු. අල්ලාහ් කෙරෙහි බොරු ගෙතීම සම්බන්ධයෙන් අපි ඔබට චෝදනා කිරීමට සිදු ව ඇත.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• من وسائل المشركين في التنفير من الرسل الاتهام بخفة العقل والجنون.
•දහම් දූතවරුන්හට චෝදනා නැගීමේ දී දෙවියන්ට ආදේශ තබන්නන් මාධ්යයක් ලෙස ගෙන ඇත්තේ බුද්ධි හීන හා උන්මත්තභාවයෙන් පෙළෙන්නන් ලෙස ඔවුනට චෝදනා නැගීමය.

• ضعف المشركين في كيدهم وعدائهم، فهم خاضعون لله مقهورون تحت أمره وسلطانه.
•දෙවියන්ට අදේශ තබන්නන්ගේ කුමන්ත්රණවල හා ඔවුන්ගේ සතුරුකම්හි බෙලහීනතාවය. ඔවුහු අල්ලාහ්ට යටහත් පහත් වන අතර ඔහුගේ අණ හා අධිකාරය යටතේ පසුවෙති.

• أدلة الربوبية من الخلق والإنشاء مقتضية لتوحيد الألوهية وترك ما سوى الله.
•මැවීම් හා නිර්මාණ අතර පවතින පරිපාලන බලයේ සාධක අල්ලාහ්ගේ දේවත්වය ඒකීය කරණය කිරීමටත් අල්ලාහ් හැර වෙනත් දෑ අතහැර දැමීමටත් බල කෙරෙනු ඇත.

قَالَ یٰقَوْمِ اَرَءَیْتُمْ اِنْ كُنْتُ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّیْ وَاٰتٰىنِیْ مِنْهُ رَحْمَةً فَمَنْ یَّنْصُرُنِیْ مِنَ اللّٰهِ اِنْ عَصَیْتُهٗ ۫— فَمَا تَزِیْدُوْنَنِیْ غَیْرَ تَخْسِیْرٍ ۟
සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔහුගේ ජනයාට පිළිතුරු දෙමින්: ‘මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මා හිඳ ඔහුගෙන් වූ නබිත්වයේ ආශිර්වාදය ඔහු මට පිරිනමා තිබිය දී, නුඹලා වෙත කවර කරුණක් දන්වා සිටින්නැයි මට අණ කර ඇත්තේ ද එය දැන්වීම අතහැර දමා ඔහුට පිටුපෑවේ නම් ඔහුගේ දඬුවමින් මා වළක්වනුයේ කවුරුන්දැ?යි යන වග මට දන්වා සිටිනු. නුඹලා මට නොමග හා ඔහුගේ තෘප්තියේ දුරස්භාවය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත.
Les exégèses en arabe:
وَیٰقَوْمِ هٰذِهٖ نَاقَةُ اللّٰهِ لَكُمْ اٰیَةً فَذَرُوْهَا تَاْكُلْ فِیْۤ اَرْضِ اللّٰهِ وَلَا تَمَسُّوْهَا بِسُوْٓءٍ فَیَاْخُذَكُمْ عَذَابٌ قَرِیْبٌ ۟
අහෝ ජනයිනි, නුඹලා වෙනුවෙන් වූ මෙම ඔටු දෙන මාගේ සත්යභාවය තහවුරු කරන සංකේතයකි. අල්ලාහ්ගේ භූමියේ උළා කන්නට ඌට ඉඩ හරිනු. කිසිදු හානියක් සිදු කරමින් ඌට බාධා නොකරනු. නුඹලා එය බිඳ දැමුවේ නම් ඉතා කෙටි කාලයක් තුළ දඬුවමක් නුඹලාට අත් වනු ඇත.
Les exégèses en arabe:
فَعَقَرُوْهَا فَقَالَ تَمَتَّعُوْا فِیْ دَارِكُمْ ثَلٰثَةَ اَیَّامٍ ؕ— ذٰلِكَ وَعْدٌ غَیْرُ مَكْذُوْبٍ ۟
ඔවුහු බොරු කරමින් උගේ ගෙල නහර කපා හැරියෝය. එවිට සාලිහ් ඔවුනට, "නුඹලා ඌ ඝාතනය කිරීමේ දින සිට දින තුනක කාලයක් නුඹලාගේ භූමියේ නුඹලා ජීවිතය භුක්ති විඳිනු. පසු ව නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවමක් පැමිණෙනු ඇත. ඉන් පසුව ඔහුගේ දඬුවම පැමිණීම බොරු කළ නොහැකි කිසිදු සැකයක් නැති සිදු වන ප්රතිඥාවක් බවට පත් වන්නේය. එය සත්යයේ ප්රතිඥාවයි." යැයි පැවසීය.
Les exégèses en arabe:
فَلَمَّا جَآءَ اَمْرُنَا نَجَّیْنَا صٰلِحًا وَّالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ بِرَحْمَةٍ مِّنَّا وَمِنْ خِزْیِ یَوْمِىِٕذٍ ؕ— اِنَّ رَبَّكَ هُوَ الْقَوِیُّ الْعَزِیْزُ ۟
ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියමය පැමිණි කල්හි, අපගෙන් වූ දයාවෙන් සාලිහ් හා ඔහු සමග වූ දේව විශ්වාස කළ ජනයා මුදවා ගත්තෙමු. එදින අවමානයෙන් හා පහත්භාවයෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි කිසිවෙකු විසින් ඔහු පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. එහෙයින් බොරුකාර සමූහයන් ඔහු විනාශ කර දැමීය.
Les exégèses en arabe:
وَاَخَذَ الَّذِیْنَ ظَلَمُوا الصَّیْحَةُ فَاَصْبَحُوْا فِیْ دِیَارِهِمْ جٰثِمِیْنَ ۟ۙ
විනාශකාරී දැඩි හඬක් සමූද් ජනයා ග්රහණය කළේය. එහි බිහිසුණුකම හේතුවෙන් ඔවුහු මිය ගියෝය. මුණින් අත වැටෙන්නන් බවට පත් වූහ. ඔවුන්ගේ මුහුණු පසින් ඇලී ගියේය.
Les exégèses en arabe:
كَاَنْ لَّمْ یَغْنَوْا فِیْهَا ؕ— اَلَاۤ اِنَّ ثَمُوْدَاۡ كَفَرُوْا رَبَّهُمْ ؕ— اَلَا بُعْدًا لِّثَمُوْدَ ۟۠
ඔවුන්ගේ භූමිය තුළ, ආශිර්වාදාත්මක හා සාරවත් ජීවිතයක් ඔවුන් වාසය නොකළාක් මෙන් විය. දැනගනු සමූද් ජනයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ව ප්රතික්ෂේප කළෝය. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් දුරස්වෙමින්ම සිටියහ.
Les exégèses en arabe:
وَلَقَدْ جَآءَتْ رُسُلُنَاۤ اِبْرٰهِیْمَ بِالْبُشْرٰی قَالُوْا سَلٰمًا ؕ— قَالَ سَلٰمٌ فَمَا لَبِثَ اَنْ جَآءَ بِعِجْلٍ حَنِیْذٍ ۟
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට හා ඔහුගේ බිරියට ඉස්හාක් හා පසු ව යඃකූබ් ගැන ශුභාරංචි දන්වා සිටින්නන් ලෙස දේව දූතයින් මිනිස් හැඩයින් එතුමා වෙත පැමිණියෝය. එවිට දේව දූතයෝ, "ඔබට සලාම්" ශාන්තිය අත්වේවා යැයි පැවසුවෝය. ඔවුනට පිළිතුරු වශයෙන් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ද "සලාම්" ඔබලාටත් ශාන්තිය අත්වේවා යැයි පවසා පිටව ගොස් ඔවුන් මිනිසුන් යයි සිතූ බැවින් ඔවුනට අනුභව කිරීම සඳහා බදින ලද වසු පැටවෙකු ඔවුන් වෙත ගෙන ආවේය.
Les exégèses en arabe:
فَلَمَّا رَاٰۤ اَیْدِیَهُمْ لَا تَصِلُ اِلَیْهِ نَكِرَهُمْ وَاَوْجَسَ مِنْهُمْ خِیْفَةً ؕ— قَالُوْا لَا تَخَفْ اِنَّاۤ اُرْسِلْنَاۤ اِلٰی قَوْمِ لُوْطٍ ۟ؕ
ඔවුන්ගේ අත් වසු පැටවා දෙසට යොමු නොවී ඔවුන් එයින් අනුභව නොකර එය පිළිකුල් කරනු ඉබ්රාහීම් තුමා දුටු කල්හි එතුමාගේ සිත තුළ රහසින්ම බියක් පහළ විය. මලක්වරුන් තමන් ගැන එතුමා බිය වූ බව දුටු කල්හි, ඔවුහු, "නුඹ අප ගැන බිය නොවනු. ලූත් ජනයාට දඬුවම් කරනු වස් ඔවුන් වෙත අල්ලාහ් අප එවා ඇත්තේ යැ"යි පැවසූහ.
Les exégèses en arabe:
وَامْرَاَتُهٗ قَآىِٕمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنٰهَا بِاِسْحٰقَ ۙ— وَمِنْ وَّرَآءِ اِسْحٰقَ یَعْقُوْبَ ۟
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ බිරිය සාරා එහි සිටගෙන සිටියාය. සතුටු දන්වන ආරංචියක් අපි ඇයට දන්වා සිටියෙමු. එනම් ඇය ඉස්හාක් නම් දරුවා බිහි කරන බවත් ඉස්හාක්ට පසුව යඃකූබ් නම් දරුවා ඉපදෙන බවත්ය. එවිට ඇය සිනහ වී ඇයට ඇසුණු පුවත ගැන සතුටු වූවාය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• عناد واستكبار المشركين حيث لم يؤمنوا بآية صالح عليه السلام وهي من أعظم الآيات.
•සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ අති මහත් සංඥා ව, දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස නොකරන පරිදි ඔවුන් තුළ පැවති උඬඟුකම හා මුරණ්ඩුකම.

• استحباب تبشير المؤمن بما هو خير له.
•දෙවියන් විශ්වාස කරන්නාට යහපතක් ඇති දෑ ගැන ශුභාරංචි දන්වා සිටීම සතුටු දායකය.

• مشروعية السلام لمن دخل على غيره، ووجوب الرد.
•වෙනත් කෙනෙකු වෙත ප්රවේශ වන තැනැත්තා සලාම් පැවසීම ආගමානුගත කර ඇත. එමෙන්ම එයට පිළිතුරු දීම අනිවාර්යය කර ඇත.

• وجوب إكرام الضيف.
•ආගන්තුක සත්කාර කිරීමේ අනිවාර්යභාවය.

قَالَتْ یٰوَیْلَتٰۤی ءَاَلِدُ وَاَنَا عَجُوْزٌ وَّهٰذَا بَعْلِیْ شَیْخًا ؕ— اِنَّ هٰذَا لَشَیْءٌ عَجِیْبٌ ۟
සාරා තුමියට මලක්වරුන් මෙම පුදුම සහගත ශුභාරංචිය දන්වා සිටි කල්හි ඇය, "මා දරුවන් පිළිබඳ බලාපොරොත්තු සුන් වූ මැහැල්ලියක තත්ත්වයේ සිටිය දී මාගේ සැමියා ද වයෝවෘද්ධභාවයේ සිටිය දී මට කෙසේ නම් දරුවකු ලැබිය හැක්කේ ද? මෙම තත්ත්වයේ දරුවකු පිහිටීම ආශ්චර්යමත් කරුණකි. එය අසාමාන්ය සිදුවීමකි" යැයි පැවසුවාය.
Les exégèses en arabe:
قَالُوْۤا اَتَعْجَبِیْنَ مِنْ اَمْرِ اللّٰهِ رَحْمَتُ اللّٰهِ وَبَرَكٰتُهٗ عَلَیْكُمْ اَهْلَ الْبَیْتِ ؕ— اِنَّهٗ حَمِیْدٌ مَّجِیْدٌ ۟
ශුභාරංචිය ගැන සාරා තුමිය පුදුමයට පත් වූ කල්හි මලක්වරුන් ඇයට මෙසේ පැවසූහ, "අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය ගැන ඔබ පුදුමයට පත්වන්නී ද? ඔබේ මේ සිද්ධිය සැබැවින්ම මෙවන් දෙයක් කිරීමට අල්ලාහ්ට බලය ඇති බව සැඟවී යන්නේ නැත. ඉබ්රාහීම්ගේ නිවැසියනි ඔබට අල්ලාහ්ගේ ආශිර්වාදය හා සමෘද්ධිය අත්වේවා! සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගුණයේ හා ඔහුගේ ක්රියාවෙහි ප්රශංසාලාබීය. කීර්තිමත් මෙන්ම උත්තරීතරය.
Les exégèses en arabe:
فَلَمَّا ذَهَبَ عَنْ اِبْرٰهِیْمَ الرَّوْعُ وَجَآءَتْهُ الْبُشْرٰی یُجَادِلُنَا فِیْ قَوْمِ لُوْطٍ ۟ؕ
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිගැන්වූ ආහාරය අනුභව නොකළ ඔහුගේ ආගන්තුකයින් සැබැවින්ම මලක්වරුන් යැයි දැනගත් පසු ඇති වූ බිය පහ ව යාමෙන් සාරා ඉස්හාක්ව බිහි කරන්නට යන බවත් පසුව යඃකූබ්ගේ උපතත් ගැන තොරතුරුත් පැමිණීමෙන් පසු ව ඔහු අපගේ දූතවරුන් සමග ලූත්ගේ ජනයාගේ සම්බන්ධයෙන්, ඔවුන්ගෙන් දඬුවම ප්රමාද කරන්නේ ද ලූත් හා ඔහුගේ නිවැසියන් මුදවා ගන්නේ ද යනාදී තර්කයෙහි නිරත විය.
Les exégèses en arabe:
اِنَّ اِبْرٰهِیْمَ لَحَلِیْمٌ اَوَّاهٌ مُّنِیْبٌ ۟
සැබැවින්ම ඉබ්රාහීම් ඉතා දයාලුය. දඬුවම ප්රමාද කිරීම ප්රිය කළේය. තම පරමාධිපති වෙත වඩාත් පහත් ව කටයුතු කළේය. අධික ලෙස ප්රාර්ථනාවන්හි නිරත වූ අතරම ඔහු වෙත පශ්චාත්තාප වී සමාව අයැද සිටියේය.
Les exégèses en arabe:
یٰۤاِبْرٰهِیْمُ اَعْرِضْ عَنْ هٰذَا ۚ— اِنَّهٗ قَدْ جَآءَ اَمْرُ رَبِّكَ ۚ— وَاِنَّهُمْ اٰتِیْهِمْ عَذَابٌ غَیْرُ مَرْدُوْدٍ ۟
මලක්වරුන් මෙසේ පැවසූහ. "අහෝ ඉබ්රාහීම්! ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් වූ තර්කය ඔබ අතහැර දමනු. ඔවුනට අල්ලාහ් නියම කළ දඬුවම සිදුවීම ගැන නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. ලූත්ගේ ජනයා වෙත අතිමහත් දඬුවමක් පැමිණීම නියතය. කිසිදු තර්කයකින් හෝ ප්රාර්ථනාවකින් එය වැළැක්විය නොහැක.
Les exégèses en arabe:
وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوْطًا سِیْٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَّقَالَ هٰذَا یَوْمٌ عَصِیْبٌ ۟
මලක්වරුන් පිරිමි හැඩරුවෙන් ලූත් වෙත පැමිණි කල්හි ඔවුන්ගේ පැමිණීම ඔහුට නපුරක් විය. ස්ත්රීන් හැර දමා තම කාමාශාවන් පිරිමින් සමග සංසිදුවා ගත් තම සමූහයා ඔවුන් සමග කටයුතු කරන ආකාරය ගැන බිය ඔහුගේ හදවත පීඩනයට පත් කළේය. ලූත් තුමා, "සැබැවින්ම තම සමූහයා තම ආගන්තුකයින් සම්බන්ධයෙන් අබිබවා කටයුතු කරනු ඇතැයි සිතූ බැවින් මෙය ඉතා බිහිසුණු දිනයක්" යැයි පැවසීය.
Les exégèses en arabe:
وَجَآءَهٗ قَوْمُهٗ یُهْرَعُوْنَ اِلَیْهِ ؕ— وَمِنْ قَبْلُ كَانُوْا یَعْمَلُوْنَ السَّیِّاٰتِ ؕ— قَالَ یٰقَوْمِ هٰۤؤُلَآءِ بَنَاتِیْ هُنَّ اَطْهَرُ لَكُمْ فَاتَّقُوا اللّٰهَ وَلَا تُخْزُوْنِ فِیْ ضَیْفِیْ ؕ— اَلَیْسَ مِنْكُمْ رَجُلٌ رَّشِیْدٌ ۟
ලූත්ගේ ජනයා තම ආගන්තුකයින් සමග අශීලාචාර ලෙස හැසිරෙන්නට සිතා යුහුසුළුව ලූත් වෙත පැමිණියෝය. මීට පෙර ද තම කාමුක ආශාවන් කාන්තාවන්ගෙන් නොව පිරිමින්ගෙන් සංසිදුවා ගැනීම ඔවුන්ගේ සිරිත විය. ලූත් තුමා තම ආගන්තුකියින් ඉදිරියේ තම ජනයා වළක්වාලමින් හා තමන් වෙනුවෙන් සමාව ඉල්ලමින්, "මේ නුඹලාගේ කාන්තාවන් අතර සිටින මගේ දූවරුන් විවාහ කර ගනු. මෙම අශීලාචාර ක්රියාවට වඩා ඔවුන් නුඹලාට පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ් ගැන බියවනු. මාගේ ආගන්තුකයන් අතර නුඹලා මා ලැජ්ජාවට පත් නොකරනු. අහෝ ජනයිනි! මේ පිලිකුල් සහගත ක්රියාවෙන් නුඹලා වළක්වන ඍජු බුද්ධිමත් මිනිසෙකු නුඹලා අතර නොමැත්තේද?" යැයි පැවසීය.
Les exégèses en arabe:
قَالُوْا لَقَدْ عَلِمْتَ مَا لَنَا فِیْ بَنَاتِكَ مِنْ حَقٍّ ۚ— وَاِنَّكَ لَتَعْلَمُ مَا نُرِیْدُ ۟
ඔහුගේ ජනයා ඔහුට, "අහෝ ලූත්! නුඹේ දූවරුන් හා නුඹේ සමූහයා අතර සිටින කාන්තාවන් අතර කිසිදු කාමුක අවශ්යතාවක් අපට නොමැති බව නුඹ දන්නෙහිය. එමෙන්ම අපි අපේක්ෂා කරනුයේ කුමක්දැ?යිද සැබැවින්ම නුඹ දන්නෙහිය. එහෙයින් අපි පිරිමින් මිස වෙනත් කිසිවෙක් අපේක්ෂා නොකරමු." යැයි පැවසූහ.
Les exégèses en arabe:
قَالَ لَوْ اَنَّ لِیْ بِكُمْ قُوَّةً اَوْ اٰوِیْۤ اِلٰی رُكْنٍ شَدِیْدٍ ۟
"නුඹලා මෙයින් වළක්වාලන්නට මට ශක්තිය තිබුණා නම් එසේ නැතහොත් වළක්වන පරම්පරාවක් සිටියා නම් නුඹලා අතර හා මාගේ ආගන්තුකයින් අතර මැදිහත් වී කටයුතු කරමි." යැයි ලූත් තුමා පැවසීය.
Les exégèses en arabe:
قَالُوْا یٰلُوْطُ اِنَّا رُسُلُ رَبِّكَ لَنْ یَّصِلُوْۤا اِلَیْكَ فَاَسْرِ بِاَهْلِكَ بِقِطْعٍ مِّنَ الَّیْلِ وَلَا یَلْتَفِتْ مِنْكُمْ اَحَدٌ اِلَّا امْرَاَتَكَ ؕ— اِنَّهٗ مُصِیْبُهَا مَاۤ اَصَابَهُمْ ؕ— اِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ ؕ— اَلَیْسَ الصُّبْحُ بِقَرِیْبٍ ۟
දේව දූතයෝ ලූත් (අලයිහිස් සලාම්) වෙත, "අහෝ ලූත්! සැබැවින්ම අපි අල්ලාහ් විසින් එවූ දූතයෝ වෙමු. නුඹේ ජනයා නුඹ වෙත කිසිදු නපුරක් ගෙන දෙන්නේ නැත. එහෙයින් රාත්රියේ අඳුර පවතින නියමිත හෝරාවෙහි පිට ව යනු. නුඹලා අතර කිසිවෙකු තම පසුපස හැරී නොබැලිය යුතුයි. නමුත් නුඹේ බිරිය හැර. ඇය හැරෙනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඇයද නුඹේ සමූහයා අත් විදින දඬුවම හිමි විය යුතු කාන්තාවක් වන බැවිණි. ඔවුන් විනාශ කිරීමේ ප්රතිඥත වේලාව අලුයම් කාලයයි. එය සමීපයෙන් පවතින ප්රතිඥාවකි.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• بيان فضل ومنزلة خليل الله إبراهيم عليه السلام، وأهل بيته.
•අල්ලාහ්ගේ මිතුරු ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ හා එතුමාගේ නිවැසියන්ගේ නිලය හා මහිමය විස්තර කිරීම.

• مشروعية الجدال عمن يُرجى له الإيمان قبل الرفع إلى الحاكم.
•තීරකයා වෙත ඉදිරිපත් කිරීමට පෙර දේව විශ්වාසය අපේක්ෂා කරනු ලබන්නන් පිළිබඳ වාද කිරීම ආගමානුගත කරනු ලැබූවකි.

• بيان فظاعة وقبح عمل قوم لوط.
•ලූත් තුමාගේ සමාජය අතර පැවති අශීලාචාර හා හිංසා සහගත ක්රියාව පැහැදිලි කිරීම.

فَلَمَّا جَآءَ اَمْرُنَا جَعَلْنَا عَالِیَهَا سَافِلَهَا وَاَمْطَرْنَا عَلَیْهَا حِجَارَةً مِّنْ سِجِّیْلٍ ۙ۬— مَّنْضُوْدٍ ۟ۙ
ලූත්ගේ ජනයා විනාශ කිරීමේ අපගේ නියමය පැමිණි කල්හි ඔවුන්ගේ ගම්මානයේ උඩු කොටස ඔසවා ඔවුන් සමගම පෙරළා එහි පහළ කොටස බවට පත් කළෙමු. එකිනෙකට ඉහළින් ඇමුණුනු පසින් වෙළුණු ගල් වර්ෂාවක් අපි අඛණ්ඩ ව පහළ කළෙමු.
Les exégèses en arabe:
مُّسَوَّمَةً عِنْدَ رَبِّكَ ؕ— وَمَا هِیَ مِنَ الظّٰلِمِیْنَ بِبَعِیْدٍ ۟۠
මෙම ගල් අල්ලාහ් අබියස විශේෂ සළකුණකින් සළකුණු තබන ලද දෑය. කුරෙයිෂ්වරුන් අතර සිටින අපරාධකරුවන්හට මෙම ගල් වර්ෂාව වඩාත් දුරකින් නොමැත. එය ඉතා සමීපයෙන් පවතී. ඔවුන් මත එය පහළ කිරීමට අල්ලාහ් නියම කළේ නම් එය පහළ වනු ඇත.
Les exégèses en arabe:
وَاِلٰی مَدْیَنَ اَخَاهُمْ شُعَیْبًا ؕ— قَالَ یٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— وَلَا تَنْقُصُوا الْمِكْیَالَ وَالْمِیْزَانَ اِنِّیْۤ اَرٰىكُمْ بِخَیْرٍ وَّاِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ مُّحِیْطٍ ۟
මද්යන් වාසීන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව එව්වෙමු. එතුමා, "මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කර ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙක් නැත. මිනිසුනට නුඹලා කිරා දෙන විට හෝ මැණ දෙන විට එම ප්රමාණයෙහි අඩු නොකරනු. පෝෂණයෙන් හා සම්පතින් සමෘද්ධිමත් තත්ත්වයක මම නුඹලා ව දකිමි. අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙනුවට පාපකම් සිදු කිරීමෙන් නුඹලා එය වෙනස් කර නොගනු. නුඹලා අතරින් සෑම කෙනෙකුවම ආවරණය කරන දින නුඹලා මත දඬුවම පහළ වීම ගැන සැබැවින්ම මම බියවෙමි. ඉන් පලායෑමක් හෝ ආරක්ෂාවීමක් හෝ නුඹලා නොලබනු ඇත." යැයි පැවසුවේය.
Les exégèses en arabe:
وَیٰقَوْمِ اَوْفُوا الْمِكْیَالَ وَالْمِیْزَانَ بِالْقِسْطِ وَلَا تَبْخَسُوا النَّاسَ اَشْیَآءَهُمْ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟
"අහෝ ජනයිනි! නුඹලා කිරන්නේ නම් හෝ මනින්නේ නම් හෝ සාධාරණ අයුරින් කිරුම හා මිනුම සම්පූර්ණ කරනු. වංචාවෙන් හෝ කූට ලෙස හෝ අලාභහානි සිදු කිරීමෙන් නුඹලා ජනයා සතු දෑ කිසිවක් අඩු නොකරනු. ඝාතනය කිරීම හා සෙසු පාපකම් සිදු කිරීමෙන් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු නොකරනු."
Les exégèses en arabe:
بَقِیَّتُ اللّٰهِ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۚ۬— وَمَاۤ اَنَا عَلَیْكُمْ بِحَفِیْظٍ ۟
"මිනිසුන්ගේ අයිතිය සාධාරනණීය ලෙස ඉටු කළ පසු ව අනුමත දැයින් නුඹලාට ඉතිරි වන අල්ලාහ්ගේ ශේෂය වංචාවෙන් හා මහපොළොවේ ප්රචණ්ඩකාරී ව ක්රියා කරමින් ලබන අමතර දෑට වඩා අධික ප්රයෝජනවත් හා සමෘද්ධිමත් වන්නේය. නුඹලා සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නන් නම් එම ශේෂය පිළිගනු. නුඹලාගේ ක්රියාවන් සටහන් කරන, ඒ ගැන විභාග කරන අධීක්ෂකයෙකු ලෙස මා නැත. සැබැවින්ම එය අධීක්ෂණය කරන්නා රහස් හා රහස් සාකච්ඡා පිළිබඳ දන්නාය.
Les exégèses en arabe:
قَالُوْا یٰشُعَیْبُ اَصَلٰوتُكَ تَاْمُرُكَ اَنْ نَّتْرُكَ مَا یَعْبُدُ اٰبَآؤُنَاۤ اَوْ اَنْ نَّفْعَلَ فِیْۤ اَمْوَالِنَا مَا نَشٰٓؤُا ؕ— اِنَّكَ لَاَنْتَ الْحَلِیْمُ الرَّشِیْدُ ۟
ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ් දෙස බලා, "අහෝ ෂුඅයිබ්! නුඹ අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන නුඹේ සලාතය අපගේ මුතුන්මිත්තන් නමදිමින් සිටි පිළිම වන්දනාව අතහැර දමන ලෙස නුඹට අණ කරන්නේ ද එමෙන්ම අප අභිමත කරන පරිදි අපගේ ධනයේ ව්යාපාරික ගනුදෙනු කිරීම හා අප කැමති පරිදි එය වර්ධනය කිරීම අතහැර දමන ලෙස අණ කරන්නේ ද? සැබැවින්ම නුඹ ඉවසන සුළු ඍජු මාර්ගයේ සිටින්නෙකි. මෙම ඇරයුමට පෙර නුඹ ගැන අප දන්නා පරිදි නුඹ ප්රඥාවන්ත බුද්ධිමත් අයෙකි. දැන් නුඹට සිදු ව ඇත්තේ කුමක් ද?" දැයි විමසුවෝය.
Les exégèses en arabe:
قَالَ یٰقَوْمِ اَرَءَیْتُمْ اِنْ كُنْتُ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّیْ وَرَزَقَنِیْ مِنْهُ رِزْقًا حَسَنًا ؕ— وَمَاۤ اُرِیْدُ اَنْ اُخَالِفَكُمْ اِلٰی مَاۤ اَنْهٰىكُمْ عَنْهُ ؕ— اِنْ اُرِیْدُ اِلَّا الْاِصْلَاحَ مَا اسْتَطَعْتُ ؕ— وَمَا تَوْفِیْقِیْۤ اِلَّا بِاللّٰهِ ؕ— عَلَیْهِ تَوَكَّلْتُ وَاِلَیْهِ اُنِیْبُ ۟
ෂුඅයිබ් තම ජනයාට, "මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිය දී, ඔහු මට නබිත්වය ඇතුළු ව අනුමත සම්පතින් පෝෂණය කර තිබියදී, කිසිවකින් මා නුඹලා වැළැක්වීමට හා එම ක්රියාවෙහි නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මා ප්රිය නොකළේ නම් නුඹලාගේ තත්ත්වය ගැන මට පවසන්න. මාගේ හැකියාවේ තරමට නුඹලාගේ පරමාධිපතිගේ ඒකීයත්වය හා ඔහුට අවනත වීම සඳහා මා නුඹලාට කරන ඇරයුම තුළින් බලාපොරොත්තු වන්නේ නුඹලා ව විධිමත් කිරීම පමණය. එය ළඟා කරවීම ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස මා වෙත කිසිදු භාග්යයක් නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත පමණක් විශ්වාසය තබමි. මා නැවත හැරී යන්නේ ඔහු වෙතය." යනුවෙන් පැවසුවේය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• من سنن الله إهلاك الظالمين بأشد العقوبات وأفظعها.
•අපාරාධකරුවන් දරුණු හා බිහිසුණු දඬුවම්වලින් විනාශ කරලීම අල්ලාහ්ගේ න්යායයකි.

• حرمة نقص الكيل والوزن وبخس الناس حقوقهم.
•කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කිරීමේ හා ජනයාගේ උරුමයන්හි අලාභහානි සිදු කිරීමේ තහනම.

• وجوب الرضا بالحلال وإن قل.
•අනුමත දෑ අල්ප වුවද ඒ ගැන තෘප්තිමත් වීමේ අනිවාර්යභාවය.

• فضل الأمر بالمعروف والنهي عن المنكر، ووجوب العمل بما يأمر الله به، والانتهاء عما ينهى عنه.
•යහපත විධානය කිරීමේ හා අයහපතින් වැළැක්වීමේ මහිමය, අල්ලාහ් නියෝග කළ පරිදි කටයුතු කිරීමේ හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමේ අනිවාර්යයභාවය.

وَیٰقَوْمِ لَا یَجْرِمَنَّكُمْ شِقَاقِیْۤ اَنْ یُّصِیْبَكُمْ مِّثْلُ مَاۤ اَصَابَ قَوْمَ نُوْحٍ اَوْ قَوْمَ هُوْدٍ اَوْ قَوْمَ صٰلِحٍ ؕ— وَمَا قَوْمُ لُوْطٍ مِّنْكُمْ بِبَعِیْدٍ ۟
"මාගේ ජනයිනි! මා කවර කරුණක් ගෙන ආවේද ඒ ගැන නුඹලා බොරුකිරීම නිසාවෙන් මා සමග පවතින සතුරුකම නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ කාලයෙන් හා ස්ථානයෙන් නුඹලාට නුදුරින් වූ ලූත්ගේ ජනයාට අත් වූ දඬුවම් මෙන් දඬුවමක් නුඹලාට ද අත්වීම ගැන වූ බිය නුඹලා හසු නොකළ යුතුයි. ඔවුනට අත් වූ ඉරණම නුඹලා මැනවින් දන්නෙහුය. එහෙයින් අවධානයෙන් යුතු ව කටයුතු කරනු."
Les exégèses en arabe:
وَاسْتَغْفِرُوْا رَبَّكُمْ ثُمَّ تُوْبُوْۤا اِلَیْهِ ؕ— اِنَّ رَبِّیْ رَحِیْمٌ وَّدُوْدٌ ۟
"නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසු ව නුඹලාගේ පාපකම් සඳහා පසතැවිලි වී ඔහු වෙත යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති පාපක්ෂමාවේ නිරත වන්නන් ගැන ඉවසන සුළුය. ඔවුන් අතර පසුතැවිලි වී ඔහු වෙත යොමුවන්නන් හට ඔහු මහත් සේ සෙනෙහෙවන්තය."
Les exégèses en arabe:
قَالُوْا یٰشُعَیْبُ مَا نَفْقَهُ كَثِیْرًا مِّمَّا تَقُوْلُ وَاِنَّا لَنَرٰىكَ فِیْنَا ضَعِیْفًا ۚ— وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنٰكَ ؗ— وَمَاۤ اَنْتَ عَلَیْنَا بِعَزِیْزٍ ۟
ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ් දෙස බලා, "අහෝ ෂුඅයිබ්! නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒවා බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. නුඹේ දෑස් දුර්වල හා අන්ධ වී ඇති බැවින් අප අතර නුඹ දුර්වලයෙකු ලෙසම අපි දකින්නෙමු. නුඹේ පවුලේ අය අපගේ පිළිවෙත මත නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. නුඹ ව මරා දැමීම සම්බන්ධයෙන් අපට එරෙහි ව බියවීමට තරම් බලය ඇත්තෙකු නැත. අපි නුඹ ව අතහැර ඇත්තේ නුඹේ පවුලේ අය වෙත ඇති ගෞරවය හේතුවෙනි" යැයි පැවසූහ.
Les exégèses en arabe:
قَالَ یٰقَوْمِ اَرَهْطِیْۤ اَعَزُّ عَلَیْكُمْ مِّنَ اللّٰهِ ؕ— وَاتَّخَذْتُمُوْهُ وَرَآءَكُمْ ظِهْرِیًّا ؕ— اِنَّ رَبِّیْ بِمَا تَعْمَلُوْنَ مُحِیْطٌ ۟
ෂුඅයිබ් තම ජනයාට, "අහෝ මාගේ ජනයිනි! මාගේ පවුලේ ඥාතීන් නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට වඩා නුඹලා ඉදිරියේ අති ගෞරවනීය හා සම්භාවනීය වන්නේ ද? නුඹලා වෙත ඔහු එවූ නබිවරයා ව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ නුඹලා අල්ලාහ්ව නුඹලාගේ පිටුපසට ඉවතලා දැමූහ. සැබැවින්ම මාගේ පරමාධිපති නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. නුඹලාගේ ක්රියාවන් ඔහුහට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ප්රතිඵල වශයෙන් මෙලොවෙහිම නුඹලා වෙත විනාශය ගෙන දෙනු ඇත. එමෙන්ම මතුලොවෙහි ද දඬුවම ඇතැ"යි පැවසීය.
Les exégèses en arabe:
وَیٰقَوْمِ اعْمَلُوْا عَلٰی مَكَانَتِكُمْ اِنِّیْ عَامِلٌ ؕ— سَوْفَ تَعْلَمُوْنَ ۙ— مَنْ یَّاْتِیْهِ عَذَابٌ یُّخْزِیْهِ وَمَنْ هُوَ كَاذِبٌ ؕ— وَارْتَقِبُوْۤا اِنِّیْ مَعَكُمْ رَقِیْبٌ ۟
"මාගේ ජනයිනි! නුඹලා පිළිගත් නුඹලාගේ මාර්ගයේ නුඹලා හැකි පමණින් කටයුතු කරනු. මා පිළිගත් මාගේ මාර්ගයේ මා හැකි පමණින් කටයුතු කරමි. අප අතරින් කවරෙකු වෙත අවමන් සහගත දඬුවම හා නින්දනීය වේදනාව පැමිණෙන්නේ දැයි ද, පවතින වාදයේ අප අතරින් කවරෙකු බොරුකාරයා යැයි ද නුඹලා මතු දැනගනු ඇත. අල්ලාහ් කවර කරුණක් පිළිබඳ තෘප්තියට පත් වන්නේ ද එය බලපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටිමි.
Les exégèses en arabe:
وَلَمَّا جَآءَ اَمْرُنَا نَجَّیْنَا شُعَیْبًا وَّالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ بِرَحْمَةٍ مِّنَّا وَاَخَذَتِ الَّذِیْنَ ظَلَمُوا الصَّیْحَةُ فَاَصْبَحُوْا فِیْ دِیَارِهِمْ جٰثِمِیْنَ ۟ۙ
ෂුඅයිබ්ගේ ජනයා විනාශ කරන මෙන් වූ අපගේ නියෝගය පැමිණි කල්හි, අපි අපගේ කරුණා දයාවෙන් ෂුඅයිබ් හා ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් මුදවා ගත්තෙමු. ඔහුගේ ජනයා අතරින් අපරාධ කළවුනට විනාශකාරී බිහිසුණු හඬක් හට ගෙන ඔවුන් මරණයට පත් වූහ. ඔවුහු ඔවුන්ගේ මුහුණු පසට ඇලී මුණින් අතට වැටුණු අය මෙන් පත් වූහ.
Les exégèses en arabe:
كَاَنْ لَّمْ یَغْنَوْا فِیْهَا ؕ— اَلَا بُعْدًا لِّمَدْیَنَ كَمَا بَعِدَتْ ثَمُوْدُ ۟۠
ඔවුහු එහි පදිංචි නොවූවාක් මෙන් වූහ. දැනගනු. සමූද් ජනයා වෙත අල්ලාහ්ගේ උදහස පහළ වීමෙන් ඔවුන් ඔහුගේ කරුණා දයාවෙන් නෙරපා හරිනු ලැබුවාක් මෙන්ම මද්යන් වාසීන්හට විනාශය අත්වීමෙන් ඔවුන් ද ඉන් නෙරපා හරින ලදී.
Les exégèses en arabe:
وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰی بِاٰیٰتِنَا وَسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۙ
අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන අපගේ සාධක සහ මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිළි සාධක සමග සැබැවින්ම අපි මූසා ව එව්වෙමු.
Les exégèses en arabe:
اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَاتَّبَعُوْۤا اَمْرَ فِرْعَوْنَ ۚ— وَمَاۤ اَمْرُ فِرْعَوْنَ بِرَشِیْدٍ ۟
ෆිර්අවුන් හා ඔහුගේ ප්රජාව අතර සිටි ප්රභූවරුන් වෙත අපි ඔහු එව්වෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ෆිර්අවුන් එම ප්රභූවරුන්ට කළ නියෝගය ඔවුහු පිළිපැද්දෝය. ෆිර්අවුන්ගේ නියෝගය පිළිපදිනු ලබන තරමට එය සත්ය පෙන්වා දෙන කරුණක් නොවීය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• ذمّ الجهلة الذين لا يفقهون عن الأنبياء ما جاؤوا به من الآيات.
•නබිවරුන් කවර සාක්ෂි හා සාධක ගෙන ආවේ ද ඒ ගැන වටහා නොගත් අඥානයින්ගේ පහත්භාවය.

• ذمّ وتسفيه من اشتغل بأوامر الناس، وأعرض عن أوامر الله.
•මිනිස් නියෝග අනුව කටයුතු කර අල්ලාහ්ගේ නියෝග පිටුපාමින් කටයුතු කරන්නන්ගේ මෝඩකම හා පහත්කම.

• بيان دور العشيرة في نصرة الدعوة والدعاة.
•දහම් ප්රචාරය හා ප්රචාරකයින් සඳහා උදව් වීමේ දී පවුලේ දායකත්වය පිළිබඳ පැහැදිලි කිරීම.

• طرد المشركين من رحمة الله تعالى.
•දෙවියන්ට ආදේශ තබන්නන් උත්තරීතර අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබීම.

یَقْدُمُ قَوْمَهٗ یَوْمَ الْقِیٰمَةِ فَاَوْرَدَهُمُ النَّارَ ؕ— وَبِئْسَ الْوِرْدُ الْمَوْرُوْدُ ۟
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෆිර්අවුන්, ඔහු හා ඔහුගේ සමූහයා අපා ගින්නට පිවිසෙන තෙක්ම ඔහු පෙරමුණ ගනු ඇත. ඔහු ඔවුන් කැටුවාගෙන යන ස්ථානය නපුරුය.
Les exégèses en arabe:
وَاُتْبِعُوْا فِیْ هٰذِهٖ لَعْنَةً وَّیَوْمَ الْقِیٰمَةِ ؕ— بِئْسَ الرِّفْدُ الْمَرْفُوْدُ ۟
ජලයේ ගිලී ඔවුන් විනාශයට පත් වීමත් සමගම ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, නෙරපා හැරීම හා ශාපය මෙලොව ජීවිතයේ දී ඔවුන් පසුපස හඹා එන්නට ඔහු සැලැස්වීය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, හා නෙරපා හරිනු ලැබීම ඔවුන් පසුපස හඹා එන්නට සැලැස්වීය. මෙලොව හා මතුලොව දඬුවම යන ශාප දෙක එකිනෙකට පර ව ඔවුනට ඇති වීම නපුරක් විය.
Les exégèses en arabe:
ذٰلِكَ مِنْ اَنْۢبَآءِ الْقُرٰی نَقُصُّهٗ عَلَیْكَ مِنْهَا قَآىِٕمٌ وَّحَصِیْدٌ ۟
මෙම පරිච්ඡේදයේ සඳහන් කරනු ලැබූ ගම්වාසීන්ගේ තොරතුරු අපි මෙසේ දන්වා සිටින්නෙමු. මෙම ගම්මාන අතර ශේෂ ව ඇති නටඹුන් ඇත. එමෙන්ම කිසිදු සළකුණක් ඉතිරි නොවන තරමට සියලු දෑ මුළුමණින්ම විනාශ කළ ගම්මාන ද ඇත.
Les exégèses en arabe:
وَمَا ظَلَمْنٰهُمْ وَلٰكِنْ ظَلَمُوْۤا اَنْفُسَهُمْ فَمَاۤ اَغْنَتْ عَنْهُمْ اٰلِهَتُهُمُ الَّتِیْ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مِنْ شَیْءٍ لَّمَّا جَآءَ اَمْرُ رَبِّكَ ؕ— وَمَا زَادُوْهُمْ غَیْرَ تَتْبِیْبٍ ۟
අපි ඔවුන් විනාශ කිරීම තුළින් ඔවුනට අසාධාරණයක් නොකළෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශයේ කරුණු ගෙනැවිත් අපරාධ කර ගත්තේ ඔවුනටමය. අහෝ දූතය! ඔවුන් විනාශ කරන මෙන් වූ නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි විට ඔවුනට පහළ වූ දඬුවමින් ඔවුන් වළක්වාලන්නට අල්ලාහ් හැර ඔවුන් නැමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් සමත් වූයේ නැත. මෙය ඔවුන්ගේ දෙවිවරුන්ට අලාභහානිය මිස වෙනත් කිසිවක් ඔවුනට අධික කළේ නැත.
Les exégèses en arabe:
وَكَذٰلِكَ اَخْذُ رَبِّكَ اِذَاۤ اَخَذَ الْقُرٰی وَهِیَ ظَالِمَةٌ ؕ— اِنَّ اَخْذَهٗۤ اَلِیْمٌ شَدِیْدٌ ۟
සෑම කාලයකම හා ස්ථානයකම බොරු කරමින් සිටි ගම්මාන අල්ලාහ් මුලිනුපුටා දමමින් ග්රහණය කළේ එලෙසමය. අපරාධකාරී ගම්මාන අල්ලාහ් ග්රහණය කිරීම ඉතා බලවත් මෙන්ම වේදනීය ග්රහණයක් වන්නේය.
Les exégèses en arabe:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّمَنْ خَافَ عَذَابَ الْاٰخِرَةِ ؕ— ذٰلِكَ یَوْمٌ مَّجْمُوْعٌ ۙ— لَّهُ النَّاسُ وَذٰلِكَ یَوْمٌ مَّشْهُوْدٌ ۟
මෙම අපාරධකාරී ගම්මාන අල්ලාහ් බිහිසුණු ලෙස ග්රහණය කිරීමෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමට බිය වන්නන්හට පාඩමක් හා උපදෙසක් ඇත. එය මිනිසුන් සියලු දෙනාම විනිශ්චය සඳහා අල්ලාහ් එක්රැස් කරන දිනයයි. එසේ එක්රැස් කරනු ලබන ජනයා සාක්ෂි දරන දිනයයි.
Les exégèses en arabe:
وَمَا نُؤَخِّرُهٗۤ اِلَّا لِاَجَلٍ مَّعْدُوْدٍ ۟ؕ
සාක්ෂි දරනු ලබන එම දිනය නියමිත කාලයක් දක්වා මිස අපි ප්රමාද නොකරමු.
Les exégèses en arabe:
یَوْمَ یَاْتِ لَا تَكَلَّمُ نَفْسٌ اِلَّا بِاِذْنِهٖ ۚ— فَمِنْهُمْ شَقِیٌّ وَّسَعِیْدٌ ۟
එදින උදාවන දිනයේ අල්ලාහ්ගේ අවසරයෙන් තොරව කිසිදු ආත්මයක් කිසිදු මැදිහත් වීමක් හෝ සාක්ෂි දැරීමක් වශයෙන් කතා නොකරනු ඇත. එහි දී මිනිසුන් වර්ග දෙකකට බෙදී සිටිති. අභාග්ය වන්තයින් අපා ගින්නට පිවිසෙති. භාග්ය වන්තයින් ස්වර්ග උයනට පිවිසෙති.
Les exégèses en arabe:
فَاَمَّا الَّذِیْنَ شَقُوْا فَفِی النَّارِ لَهُمْ فِیْهَا زَفِیْرٌ وَّشَهِیْقٌ ۟ۙ
අභාග්ය වන්තයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් අපාය ගින්නට පිවිසෙති. එහි ගින්නෙන් පීඩා විඳීමේ බිහිසුණුකම හේතුවෙන් ඔවුන්ගේ හඬවල් හා ඔවුන්ගේ ආත්මාවන් උස් හඬින් මොර දෙනු ඇත.
Les exégèses en arabe:
خٰلِدِیْنَ فِیْهَا مَا دَامَتِ السَّمٰوٰتُ وَالْاَرْضُ اِلَّا مَا شَآءَ رَبُّكَ ؕ— اِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا یُرِیْدُ ۟
එහි ඔවුන් සදා රැඳී සිටිති. දේව ඒකීයත්වය පිළිගත් අය අතර පසුවන අපරාධකරුවන් අතරින් ඉන් බැහැර කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර සෙසු අය අහස් හා මහපොළොව පවතින තාක් කල් එයින් බැහැර නොවෙති. "අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති, ඔහු පතන දෑ සිදු කරන්නාය. ඔහු ව වළක්වන කිසිවෙකු නැත."
Les exégèses en arabe:
وَاَمَّا الَّذِیْنَ سُعِدُوْا فَفِی الْجَنَّةِ خٰلِدِیْنَ فِیْهَا مَا دَامَتِ السَّمٰوٰتُ وَالْاَرْضُ اِلَّا مَا شَآءَ رَبُّكَ ؕ— عَطَآءً غَیْرَ مَجْذُوْذٍ ۟
තමන්ගේ විශ්වාසය හා දැහැමි ක්රියාවන් හේතුවෙන් අල්ලාහ්ගෙන් වූ සතුට තමන් ඉක්මවා ගිය භාග්යවන්තයින් වනාහි අහස් හා මහපොළොව පවතින තාක් කල් එහි සදා රැඳෙන්නන් වෙති. නමුත් දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටි පාපී ජනයා අතරින් ස්වර්ගයට පිවිසීමට පෙර නිරයට ඇතුළත් කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර. සැබැවින්ම ස්වර්ග වාසීන් සඳහා වූ අල්ලාහ් විසින් පිරිනමන ප්රමෝදය ඔවුන්ගෙන් විසන්ධි වී යන්නක් නොවේ.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• التحذير من اتّباع رؤساء الشر والفساد، وبيان شؤم اتباعهم في الدارين.
•නපුරු හා ප්රචණ්ඩත්වයේ නායකයින් පිළිපැදීමේ අවවාදය, ඔවුන් අනුගමනය කරන්නන් හට දෙලොවෙහි හිමි වන අභාග්යවන්තභාවය විස්තර කිරීම.

• تنزه الله تعالى عن الظلم في إهلاك أهل الشرك والمعاصي.
•ආදේශ තබන්නන් හා පාපතරයින් විනාශ කිරීමේදී අසාධාරණකම් හා අපරාධවලින් අල්ලාහ් පිවිතුරු වීම.

• لا تنفع آلهة المشركين عابديها يوم القيامة، ولا تدفع عنهم العذاب.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන්ට ආදේශ තබන්නන් නමදිමින් සිටි දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත. දඬුවමින් ඔවුන් වළක්වන්නේ ද නැත.

• انقسام الناس يوم القيامة إلى: سعيد خالد في الجنان، وشقي خالد في النيران.
•ස්වර්ගයේ සදා පසුවන භාග්යවන්තයින් ලෙසත්, නිරයේ සදා පසුවන අභාග්යවන්තයින් ලෙසත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා වෙන් කිරීම.

فَلَا تَكُ فِیْ مِرْیَةٍ مِّمَّا یَعْبُدُ هٰۤؤُلَآءِ ؕ— مَا یَعْبُدُوْنَ اِلَّا كَمَا یَعْبُدُ اٰبَآؤُهُمْ مِّنْ قَبْلُ ؕ— وَاِنَّا لَمُوَفُّوْهُمْ نَصِیْبَهُمْ غَیْرَ مَنْقُوْصٍ ۟۠
අහෝ දූතය! මෙම දේව ආදේශකයින් නමදින දෑහි ප්රචණ්ඩත්වය ගැන නුඹ සැකයෙහි පසු නොවනු. එය නිවැරදි යැයි සහතික කරන බුද්ධිමය හෝ ආගමික කිසිදු සාධකයක් ඔවුනට නැත. අල්ලාහ් නොවන දෑට ඔවුන් නැමදුම් කිරීම සඳහා ඔවුන් දරා සිටිනුයේ ඔවුන්ගේ මුතුන් අනුගමනය කිරීමය. සැබැවින්ම කිසිදු අඩුවකින් තොරව ඔවුන් අයත් විය යුතු දඬුවම ඔවුනට භුක්ති විඳින්නට සළස්වමු.
Les exégèses en arabe:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ فَاخْتُلِفَ فِیْهِ ؕ— وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ ؕ— وَاِنَّهُمْ لَفِیْ شَكٍّ مِّنْهُ مُرِیْبٍ ۟
සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ජනයා එහි මතභේද ඇති කර ගත්තෝය. ඔවුන්ගෙන් පිරිසක් එය විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්රතික්ෂේප කළෝය. දඬුවම ඉක්මන් නොකරන බවටත් එය යම් කිසි ප්රඥාවක් මත මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ප්රමාද කරන බවටත් අල්ලාහ්ගේ නියමය ඉක්මන් නොවී නම් ඔවුනට උරුම වූ දඬුවම මෙලොවෙහිම ඔවුනට පහළ වනු ඇත. සැබැවින්ම යුදෙව්වන් හා දෙවියන්ට ආදේශ තබන්නන් අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අල් කුර්ආනයෙහි සැකයක් ඇති බවට සැකයෙහි පසුවෙති.
Les exégèses en arabe:
وَاِنَّ كُلًّا لَّمَّا لَیُوَفِّیَنَّهُمْ رَبُّكَ اَعْمَالَهُمْ ؕ— اِنَّهٗ بِمَا یَعْمَلُوْنَ خَبِیْرٌ ۟
මතභේද ඇති කර ගත්තන් ලෙස සඳහන් කරනු ලැබූ සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන පරිදි අල්ලාහ් එහි ප්රතිඵල භුක්ති විඳින්නට සළස්වනු ඇත. එය යහපත් නම් ඔහුගේ ප්රතිඵල ඔහුට යහපත් වන්නේය. එය නපුරක් නම් ඔහුගේ ප්රතිඵලය ඔහුට නපුරක් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදුකරමින් සිටින සියුම් දැ පිළිබඳ පවා මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.
Les exégèses en arabe:
فَاسْتَقِمْ كَمَاۤ اُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ؕ— اِنَّهٗ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
අහෝ දූතය! අල්ලාහ් නුඹට අණ කළ පරිදි ඍජු මාර්ගය අඛණ්ඩ ව පිළිපදිනු. ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකෙනු. නුඹ සමග පව් සමාවේ නිරත ව අල්ලාහ් වෙත යොමු වූ දේව විශ්වාසීන් ද ඍජු මාර්ගයේ කටයුතු කරත්වා. පාපකම් සිදු කරමින් සීමාව ඉක්මවා නොයනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ ඔහු නිරීක්ෂා කරන්නාය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැගවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Les exégèses en arabe:
وَلَا تَرْكَنُوْۤا اِلَی الَّذِیْنَ ظَلَمُوْا فَتَمَسَّكُمُ النَّارُ ۙ— وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ اَوْلِیَآءَ ثُمَّ لَا تُنْصَرُوْنَ ۟
ප්රචණ්ඩකාරී ව හැසිරෙන අපරාධකාර ප්රතික්ෂේපකයින්ට ආදරයෙන් හා යටහත් වෙමින් නැඹුරු නොවනු. එසේ නැඹුරු වීම හේතුවෙන් නුඹලාට නිරය අත්වනු ඇත. එයින් නුඹලාව මුදවා ගන්නට අල්ලාහ් හැර වෙනත් හිතමිතුරෙකු නුඹලාට නැත. නුඹලාට උදව් කරන කිසිවෙකු නුඹලා නොදකිනු ඇත.
Les exégèses en arabe:
وَاَقِمِ الصَّلٰوةَ طَرَفَیِ النَّهَارِ وَزُلَفًا مِّنَ الَّیْلِ ؕ— اِنَّ الْحَسَنٰتِ یُذْهِبْنَ السَّیِّاٰتِ ؕ— ذٰلِكَ ذِكْرٰی لِلذّٰكِرِیْنَ ۟ۚ
අහෝ දූතය! දහවල් කාලයේ ආරම්භය හා එහි අවාසනය යන දෙකෙළවරෙහි පවතින සලාත් නැමදුම් විධිමත් අයුරින් ඉටු කරනු. එමෙන්ම රාත්රියේ හෝරාවන්හි ද සලාතය ඉටු කරනු. සැබැවින්ම දැහැමි ක්රියාවන් සුළු පාපයන් මකා දමනු ඇත. මෙනෙහි කරනු ලැබූ මෙය උපදෙස් ලබන්නන්ට උපදෙසක් මෙන්ම පාඩම් ලබන්නන්ට පාඩමකි.
Les exégèses en arabe:
وَاصْبِرْ فَاِنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟
ධර්මිෂ්ටකම හා නුඹට නියෝග කරනු ලැබූ වෙනත් දෑ ඉටු කිරීමෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම නුඹට තහනම් කරනු ලැබූ අන්ධකාරය වෙත රුකුල් දෙන නපුරු බලවේගයන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ කුසල් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන් විධිමත්ව සිදු කරන ක්රියාවන් ඔහු ඔවුන්ගෙන් පිලිගනී. ඔහු සිදුකළ දැහැමි ක්රියාවන් සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට ඔහු පිරිනමනු ඇත.
Les exégèses en arabe:
فَلَوْلَا كَانَ مِنَ الْقُرُوْنِ مِنْ قَبْلِكُمْ اُولُوْا بَقِیَّةٍ یَّنْهَوْنَ عَنِ الْفَسَادِ فِی الْاَرْضِ اِلَّا قَلِیْلًا مِّمَّنْ اَنْجَیْنَا مِنْهُمْ ۚ— وَاتَّبَعَ الَّذِیْنَ ظَلَمُوْا مَاۤ اُتْرِفُوْا فِیْهِ وَكَانُوْا مُجْرِمِیْنَ ۟
නුඹලාට පෙර විසූ බොරුකාර සමූහයන් අතර දෙවියන් ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකම් සමග මහපොළොවේ ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත වීමෙන් ඔවුන් වළක්වාලන නිවැරදි මෙන්ම ගෞරවණීය ජනයා නොවී ද? නමුත් ඔවුන් අතර ඉතිරි ව සිටියේ ප්රචණ්ඩත්වයෙන් වළක්වාලන සුළු පිරිසක් පමණි. ඔවුන්ගේ අපරාධකාරී සමූහයා අපි විනාශ කළ අවස්ථාවේ අපි ඔවුන් මුදවා ගත්තෙමු. අපරාධකරුවන් තම සමූහයා අතරින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නන් අනුගමනය කළෝය. එසේ ඔවුන් අනුගමනය කිරීමෙන් ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.
Les exégèses en arabe:
وَمَا كَانَ رَبُّكَ لِیُهْلِكَ الْقُرٰی بِظُلْمٍ وَّاَهْلُهَا مُصْلِحُوْنَ ۟
අහෝ දූතය! ගම්මාන අතරින් එම භූමියේ ප්රතිසංවිධානය කරන්නන් සිටින විට එම ගම්මානය විනාශ කිරීමට නුඹේ පරමාධිපතිට සුදුසු නොවීය. ඔහු එසේ විනාශ කර සිටිනුයේ දේව ප්රතික්ෂේපය අපරාධ හා පාපකම් සිදු කරමින් කලහකාරී ව කටයුතු කරන්නන් එහි සිටින විටය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• وجوب الاستقامة على دين الله تعالى.
•උත්තරීතර අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය.

• التحذير من الركون إلى الكفار الظالمين بمداهنة أو مودة.
•ආදරයෙන් හා යැපෙමින් අපරාධකාරී ප්රතික්ෂේපකයින් වෙත නැඹුරු වීම පිළිබඳ අවවාදය.

• بيان سُنَّة الله تعالى في أن الحسنة تمحو السيئة.
•සැබැවින්ම දැහැමි ක්රියා පාපක්රියාවන් මකා දැමීමේ උත්තරීතර අල්ලාහ්ගේ පිළිවෙත විස්තර කිරීම.

• الحث على إيجاد جماعة من أولي الفضل يأمرون بالمعروف، وينهون عن الفساد والشر، وأنهم عصمة من عذاب الله.
•යහපත විධානය කරන, නපුරෙන් හා ප්රචණ්ඩත්වයෙන් ජනයා වළක්වාලන උසස් පිරිසක් බිහි කිරීමට දිරි ගැන්වීම. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දඬුවමින් රැකවරණය සලසනු ඇත.

وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ اُمَّةً وَّاحِدَةً وَّلَا یَزَالُوْنَ مُخْتَلِفِیْنَ ۟ۙ
අහෝ දූතය! සත්ය මත පදනම් ව මිනිසුන් එකම සමූහයක් බට පත් කරන්නට නුඹේ පරමාධිපති අභිමත කළේ නම්, එසේ ඔහු සිදු කරන්නට තිබිණ. නමුත් ඔහු එය අභිමත කළේ නැත. ආශාවන්ට වහල් වී අපරාධ සිදු කිරීම හේතුවෙන් ඔවුහු එහි දිගටම මතභේදයෙන් පසු වෙති.
Les exégèses en arabe:
اِلَّا مَنْ رَّحِمَ رَبُّكَ ؕ— وَلِذٰلِكَ خَلَقَهُمْ ؕ— وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَاَمْلَـَٔنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ اَجْمَعِیْنَ ۟
නමුත් යහමග වෙතට ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් කරුණා කළ අය හැර. සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ මතභේද ඇති කර නොගනිති. ශුද්ධ වූ අල්ලාහ් ඔවුන් මෙසේ මතභේදයෙන් මවා තිබීම පරීක්ෂාවකි. එහෙයින් ඔවුන් අතර භාග්යවන්තයින් මෙන්ම අභාග්යවන්තයින් ද සිටිති. "අහෝ දූතය! ජින්නුන් හා මිනිසුන් අතර සිටින ෂෙයිතානුන් අනුගමනය කරන්නන්ගෙන් නිරය පිරවීමේ අපහාසාත්මක තීන්දුවේ ප්රකාශය පූර්ණ විය."
Les exégèses en arabe:
وَكُلًّا نَّقُصُّ عَلَیْكَ مِنْ اَنْۢبَآءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهٖ فُؤَادَكَ ۚ— وَجَآءَكَ فِیْ هٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَّذِكْرٰی لِلْمُؤْمِنِیْنَ ۟
අහෝ දූතය! නුඹට පෙර විසූ දූතවරුන් ගැන නුඹට කියා පෑ සෑම තොරතුරක්ම එසේ කියා පෑවේ නුඹේ හදවත සත්යය මත ස්ථාවර කිරීමට හා එය බලාත්මක කිරීමටය. කිසිදු සැකයෙන් තොර සත්යය මෙම සූරාවේ නුඹ වෙත පැමිණ ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට වූ උපදෙසක් මෙන්ම දේව විශ්වාසීන්හට මෙනෙහි කිරීම තුළින් ප්රයෝජන ලබන සේ මතක් කිරීමක් ද නුඹ වෙත මෙහි පැමිණ ඇත.
Les exégèses en arabe:
وَقُلْ لِّلَّذِیْنَ لَا یُؤْمِنُوْنَ اعْمَلُوْا عَلٰی مَكَانَتِكُمْ ؕ— اِنَّا عٰمِلُوْنَ ۟ۙ
අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස නොකරන, ඔහුගේ ඒකීයත්වය පිළි නොගන්නා අයට නුඹ මෙසේ පවසනු. "සත්යයට පිටු පා එය වළක්වාලමින් නුඹලාගේ මාර්ගයේ නුඹලා කටයුතු කරනු. සැබැවින්ම අපි ඒ මත ස්ථාවරව සිට ඒ වෙත ඇරයුම් කරමින් හා ඉවසා දරා ගනිමින් අපි අපේ මාර්ගයේ කටයුතු කරන්නෙමු."
Les exégèses en arabe:
وَانْتَظِرُوْا ۚ— اِنَّا مُنْتَظِرُوْنَ ۟
අපට පහළ වන දෑ ගැන නුඹලා අධීක්ෂණයෙන් සිටිනු. නුඹලාට පහළ වන දෑ ගැන අපි අධීක්ෂණය කරන්නන් වෙමු.
Les exégèses en arabe:
وَلِلّٰهِ غَیْبُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَاِلَیْهِ یُرْجَعُ الْاَمْرُ كُلُّهٗ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَیْهِ ؕ— وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟۠
අහස්හි ගුප්ත දෑ හා මහපොළොවෙහි ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතුය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු කරුණු යොමු වනුයේ ඔහු වෙත පමණය. එහෙයින්, අහෝ දූතය! නුඹ ඔහුට පමණක් නැමදුම් කරනු. නුඹේ සියලු කටයුතු වලදී ඔහු මත පමණක් විශ්වාසය තබනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු අනවධානියෙකු නොවේ. ඒ ගැන ඔහු මැනවින් දන්නාය. සිදු කරනු ලබන සෑම කටයුත්තක් සඳහාම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• بيان الحكمة من القصص القرآني، وهي تثبيت قلب النبي صلى الله عليه وسلم وموعظة المؤمنين.
•අල් කුර්ආනීය කතා වස්තුවල ප්රඥාව පැහැදිලි කිරීම. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්ථාවර කිරීමක් හා දේව විශ්වාසීන්හට උපදෙසකි.

• انفراد الله تعالى بعلم الغيب لا يشركه فيه أحد.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් ආවේනික වූවකි. ඔහු සමග එහි කිසිවෙකු හවුල් නොවන්නේය.

• الحكمة من نزول القرآن عربيًّا أن يعقله العرب؛ ليبلغوه إلى غيرهم.
•අල් කුර්ආනය අරාබි බසින් පහළ වීමේ ප්රඥාව වනුයේ අරාබිවරු එය වටහා ගෙන සෙසු අයට ඇරයුම් කිරීම සඳහාය.

• اشتمال القرآن على أحسن القصص.
•අලංකාර කතා වස්තු අල් කුර්ආනයේ ඇතුළත් ව තිබීම.

 
Traduction des sens Sourate: HOUD
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture