Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (92) Sourate: AL-HIJR
فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ اَجْمَعِیْنَ ۟ۙ
අහෝ දූතය, නුඹේ පරමාධිපති මත දිවුරමින්. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කොටස් බවට පත්කළ සියලු දෙනාගෙන් සැබැවින්ම අපි ප්රශ්න කරන්නෙමු.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• عناية الله ورعايته بصَوْن النبي صلى الله عليه وسلم وحمايته من أذى المشركين.
•දේව ආදේශකයින්ගේ හිංසා පීඩාවන්ගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආරක්ෂා කිරීම සඳහා එතුමාණන්ට රැකවරණය සැළසීම සඳහා අල්ලාහ්ගේ සැලකිලිමත්භාවය හා ඔහුගේ අවධානය.

• التسبيح والتحميد والصلاة علاج الهموم والأحزان، وطريق الخروج من الأزمات والمآزق والكروب.
•අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහුට ප්රශංසා කිරීම හා සලාත් ඉටු කිරීම යනාදිය දුක් හා කම්කටොලු සඳහා වූ ප්රතිකර්මයකි. එමෙන්ම අර්බුද, අවහිරතා සහ කරදර වලින් ඉවත් වීමේ මගකි.

• المسلم مطالب على سبيل الفرضية بالعبادة التي هي الصلاة على الدوام حتى يأتيه الموت، ما لم يغلب الغشيان أو فقد الذاكرة على عقله.
•කලාන්තය හෝ මතකය නැතිවීම වැනි ස්වබුද්ධිය අහිමි කරන දෙයක් මුස්ලිම්වරයෙකුට ඇති නොවන තාක්කල් ඔහුට මරණය පැමිණෙන තෙක් නැමදුමක් ලෙස අඛණ්ඩ ව සලාතය ඉටු කිරීම අනිවාර්යය කර ඇත.

• سمى الله الوحي روحًا؛ لأنه تحيا به النفوس.
•වහී හෙවත් දේව පණිවිඩයට අල්ලාහ් රූහ් -ජීවිය- යනුවෙන් නම් කර ඇත. ඊට හේතුව සැබැවින්ම එය ආත්මයට ජීවයක් ලබා දෙන බැවිණි.

• مَلَّكَنا الله تعالى الأنعام والدواب وذَلَّلها لنا، وأباح لنا تسخيرها والانتفاع بها؛ رحمة منه تعالى بنا.
•ගොවිපල සතුන් හා සිවුපාවුන් අල්ලාහ් අපට උරුම කර දී ඇත. එමෙන්ම ඒවා අපට වසඟ කර දී ඇත. උන් හීලෑ කොට උන්ගෙන් ප්රයෝජන ලබන්නට අවසරය දී ඇත. එය උත්තරීතරයාණන් විසින් අප වෙත පිරිනමන ලද කරුණා දයාවකි.

 
Traduction des sens Verset: (92) Sourate: AL-HIJR
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture