Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (4) Sourate: AN-NOUR
وَالَّذِیْنَ یَرْمُوْنَ الْمُحْصَنٰتِ ثُمَّ لَمْ یَاْتُوْا بِاَرْبَعَةِ شُهَدَآءَ فَاجْلِدُوْهُمْ ثَمٰنِیْنَ جَلْدَةً وَّلَا تَقْبَلُوْا لَهُمْ شَهَادَةً اَبَدًا ۚ— وَاُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟ۙ
කවරෙකු නිර්මල කාන්තාවන්හට (එමෙන්ම ඔවුන් හා සමාන නිර්මල පිරිමින්හට) අශීලාචාර (කාමයේ වරදවා හැසිරීමක්) ගැන බොරු චෝදනා එල්ල කොට පසු ව එසේ ඔවුන් කවර චෝදනාවක් එල්ල කළේ ද ඒ සඳහා සාක්ෂි හතරක් ඉදිරිපත් නොකළේ නම්, අහෝ බලධාරීනී! ඔවුනට කසපහරවල් අසූවක් දෙනු. කිසිවිටෙක ඔවුන් වෙනුවෙන් සාක්ෂි පිළිනොගනු. කවරෙකු නිර්මලයන්හට කාමයේ වරදවා හැසිරීමක් සම්බන්ධයෙන් බොරු චෝදනා එල්ල කරන්නේ ද ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවෝ වෙති.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• التمهيد للحديث عن الأمور العظام بما يؤذن بعظمها.
•වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි වැදගත්කම පෙන්වා දෙන කරුණුවලින් ආරම්භ කිරීම.

• الزاني يفقد الاحترام والرحمة في المجتمع المسلم.
•දුරාචාරයේ යෙදෙන්නා මුස්ලිම් සමාජය තුළ ආදරය, කරුණාව හා ගෞරවය අහිමි කර ගනී.

• الحصار الاجتماعي على الزناة وسيلة لتحصين المجتمع منهم، ووسيلة لردعهم عن الزنى.
•දුරාචාරයේ යෙදෙන්නන් සමාජීය වශයෙන් වැටලීම, ඔවුන් අතර සිටින සමාජය ආරක්ෂා කිරීම සඳහා වූ ක්රියාමාර්ගයක් මෙන්ම දුරාචායෙන් ඔවුන් වළක්වා ගැනීමේ ක්රියාමාර්ගයක් වන්නේය.

• تنويع عقوبة القاذف إلى عقوبة مادية (الحد)، ومعنوية (رد شهادته، والحكم عليه بالفسق) دليل على خطورة هذا الفعل.
•අවලාද නගන්නාගේ දඬුවම භෞතිකමය දඬුවමක් (දණ්ඩ නීතිය ක්රියාත්මක කිරීමක්) ලෙස හා ආධ්යාත්මික දඬුවමක් (ඔහුගේ සාක්ෂිය හෙළා දැක ඔහු කෙරෙහි දූෂිතයෙකු ලෙස තීන්දු කිරීමක්) ලෙස වර්ග කර තිබීම එම ක්රියාවේ බරපතලකම පෙන්වා දෙන සාධකයකි.

• لا يثبت الزنى إلا ببينة، وادعاؤه دونها قذف.
•දුරාචාරයේ දඬුවම පැහැදිලි සාක්ෂියක් මගින් මිස ස්ථීර කරනු නොලැබේ. සාක්ෂිය නොමැති ව ඒ ගැන වාද කිරීම අවලාද නැගීමකි.

 
Traduction des sens Verset: (4) Sourate: AN-NOUR
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture