Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (15) Sourate: SABA
لَقَدْ كَانَ لِسَبَاٍ فِیْ مَسْكَنِهِمْ اٰیَةٌ ۚ— جَنَّتٰنِ عَنْ یَّمِیْنٍ وَّشِمَالٍ ؕ۬— كُلُوْا مِنْ رِّزْقِ رَبِّكُمْ وَاشْكُرُوْا لَهٗ ؕ— بَلْدَةٌ طَیِّبَةٌ وَّرَبٌّ غَفُوْرٌ ۟
සබඃ ගෝත්රයට ඔවුන් ජීවත් වූ ඔවුන්ගේ වාසස්ථානයන්හි අල්ලාහ්ගේ ශක්තිය හා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදයන් එළිපිටම පෙන්වා දෙන සංඥාවක් විය. එය උයන් දෙකකි. ඒ දෙකින් එකක් දකුණු දෙසින් ද දෙවැන්න වම් දෙසින් ද පිහිටා තිබුණි. අපි ඔවුනට, ‘නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. ඔහුගේ ආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. මෙය ඉතා සුන්නදර දේශයකි. පරමාධිපතියාණන් වන මේ අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔහු වෙත පාපක්ෂමාව අයදින්නන්ගේ පාපකම්වලට සමාව දෙනු ඇත.' යැයි පැවසුවෙමු.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• الشكر يحفظ النعم، والجحود يسبب سلبها.
•කෘතඥ වීම ආශිර්වාදයන් ආරක්ෂා කර දෙයි. ගුණමකුවීම ඒවා ඉවත් වන්නට හේතුවක් වෙයි.

• الأمن من أعظم النعم التي يمتنّ الله بها على العباد.
•අල්ලාහ් තම ගැත්තන් හට පිරිනමන අතිමහත් ආශිර්වාදය ආරක්ෂාවයි.

• الإيمان الصحيح يعصم من اتباع إغواء الشيطان بإذن الله.
• ෂෙයිතාන් නොමඟ යවන දෑ පිළිපැදීමෙන් නිවැරදි දේව විශ්වාසය අල්ලාහ්ගේ අනුමැතියෙන් මිනිසාව ආරක්ෂා කරයි.

• ظهور إبطال أسباب الشرك ومداخله كالزعم بأن للأصنام مُلْكًا أو مشاركة لله، أو إعانة أو شفاعة عند الله.
•සැබැවින්ම පිළිමවලට බලයක් ඇති බව හෝ අල්ලාහ්ට හවුල්කරුවන් සිටින බව හෝ අල්ලාහ් අබියස මැදිහත්ව කතා කරන්නන් සිටින බවට විශ්වාස කරන පරිදි දේව ආදේශයේ හේතු සාධක හා එහි පිවිසුම් මාර්ග නිෂ්ප්රභා කිරීම හෙළි කිරීම.

 
Traduction des sens Verset: (15) Sourate: SABA
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture