Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Lexique des traductions


Traduction des sens Verset: (19) Sourate: AL-A’RÂF
وَیٰۤاٰدَمُ اسْكُنْ اَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَیْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هٰذِهِ الشَّجَرَةَ فَتَكُوْنَا مِنَ الظّٰلِمِیْنَ ۟
අල්ලාහ් ආදම් දෙස බලා, "අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය හව්වා ස්වර්ගයේ වාසය කරනු. එහි ඇති පිවිතුරු දෑ ඔබ දෙදෙනා කැමති පරිදි අනුභව කරනු. මෙම ගසින් අනුභව නොකරනු. (ඔවුන් දෙදෙනාට අල්ලාහ් පෙන්වා දුන් ගසක්) ඔබ දෙදෙනාට මා තහනම් කළ පසුව ඔබ දෙදෙනා එයින් අනුභව කළේ නම්, සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවාගියවුන් අතරට ඔබ දෙදෙනාද පත්වෙන්නේය" යැයි පැවසීය.
Les exégèses en arabe:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• دلّت الآيات على أن من عصى مولاه فهو ذليل.
සැබැවින්ම තම භාරකරුට පිටුපාන්නා පහත් අයකු බවට මෙම පාඨ පෙන්වා දෙයි.

• أعلن الشيطان عداوته لبني آدم، وتوعد أن يصدهم عن الصراط المستقيم بكل أنواع الوسائل والأساليب.
ෂෙයිතාන් තම සතුරුකම ආදම්ගේ දරුවන්ට දන්වා සිටියේය. එමෙන්ම සියලුම මාධ්යයන් හා උපක්රම ඔස්සේ ඔවුන් ව ඍජු මාර්ගයෙන් වළක්වන බවටත් ප්රතිඥා දුන්නේය.

• خطورة المعصية وأنها سبب لعقوبات الله الدنيوية والأخروية.
පාපකම් සිදු කොට අකීකරු වීමේ බරපතළකම වනුයේ සැබැවින්ම එය මෙලොව හා මතු ලොව අල්ලාහ්ගේ දඬුවමට ලක්වීමට සාධකයක් වීමයි.

 
Traduction des sens Verset: (19) Sourate: AL-A’RÂF
Lexique des sourates Numéro de la page
 
Traduction des sens du Noble Coran - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Lexique des traductions

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fermeture