Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર * - ભાષાંતરોની અનુક્રમણિકા

PDF XML CSV Excel API
Please review the Terms and Policies

શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ અઅરાફ   આયત:
حَقِیْقٌ عَلٰۤی اَنْ لَّاۤ اَقُوْلَ عَلَی اللّٰهِ اِلَّا الْحَقَّ ؕ— قَدْ جِئْتُكُمْ بِبَیِّنَةٍ مِّنْ رَّبِّكُمْ فَاَرْسِلْ مَعِیَ بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නො පැවසීමට නියම වී ඇත. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින් ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් එවනු.
અરબી તફસીરો:
قَالَ اِنْ كُنْتَ جِئْتَ بِاٰیَةٍ فَاْتِ بِهَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
(එයට ෆිර්අව්න්) නුඹ පැහැදිලි සාධකයක් රැගෙනැවිත් සිටින්නෙහි නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් එය ගෙන එනු යැයි ඔහු පැවසුවේ ය.
અરબી તફસીરો:
فَاَلْقٰی عَصَاهُ فَاِذَا هِیَ ثُعْبَانٌ مُّبِیْنٌ ۟ۚۖ
එවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේ ය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය.
અરબી તફસીરો:
وَّنَزَعَ یَدَهٗ فَاِذَا هِیَ بَیْضَآءُ لِلنّٰظِرِیْنَ ۟۠
ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේ ය. එසැනින් එය බලන්නන්හට සුදු පැහැයෙන් දිස්විණ.
અરબી તફસીરો:
قَالَ الْمَلَاُ مِنْ قَوْمِ فِرْعَوْنَ اِنَّ هٰذَا لَسٰحِرٌ عَلِیْمٌ ۟ۙ
ෆිර්අවුන්ගේ පිරිස අතරින් වූ ප්‍රධානීහු "නියත වශයෙන් ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි" යැයි පවසා සිටියෝ ය.
અરબી તફસીરો:
یُّرِیْدُ اَنْ یُّخْرِجَكُمْ مِّنْ اَرْضِكُمْ ۚ— فَمَاذَا تَاْمُرُوْنَ ۟
මොහු නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතයි. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?
અરબી તફસીરો:
قَالُوْۤا اَرْجِهْ وَاَخَاهُ وَاَرْسِلْ فِی الْمَدَآىِٕنِ حٰشِرِیْنَ ۟ۙ
ඔවුහු (ෆිර්අව්න්ට මෙසේ) පැවැසූහ. මොහු හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. (හූනියම්කරුවන්) එක්රැස් කරන්නන් නගරවලට යවනු.
અરબી તફસીરો:
یَاْتُوْكَ بِكُلِّ سٰحِرٍ عَلِیْمٍ ۟
මනා ඥානය ඇති සෑම හූනියම්කරුවකුම ඔවුහු නුඹ වෙත ගෙන එනු ඇත.
અરબી તફસીરો:
وَجَآءَ السَّحَرَةُ فِرْعَوْنَ قَالُوْۤا اِنَّ لَنَا لَاَجْرًا اِنْ كُنَّا نَحْنُ الْغٰلِبِیْنَ ۟
තවද හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ ‘සැබැවින් ම අපි ජය ලබන්නන් වීමු නම් සැබැවින් ම අපට කුලියක් හිමි විය යුතුය’ යැයි පැවසුවෝ ය.
અરબી તફસીરો:
قَالَ نَعَمْ وَاِنَّكُمْ لَمِنَ الْمُقَرَّبِیْنَ ۟
එසේ ය. තවද නුඹලා (මට) සමීපතයින් අතරිනි යැයි ඔහු පැවසුවේ ය.
અરબી તફસીરો:
قَالُوْا یٰمُوْسٰۤی اِمَّاۤ اَنْ تُلْقِیَ وَاِمَّاۤ اَنْ نَّكُوْنَ نَحْنُ الْمُلْقِیْنَ ۟
අහෝ මූසා! (විජ්ජාවන්) නුඹ දමන්නෙහි ද නැතිනම් අපි ම දමන්නන් වන්නෙමු දැ? යි ඔවුහු ඇසුවෝ ය.
અરબી તફસીરો:
قَالَ اَلْقُوْا ۚ— فَلَمَّاۤ اَلْقَوْا سَحَرُوْۤا اَعْیُنَ النَّاسِ وَاسْتَرْهَبُوْهُمْ وَجَآءُوْ بِسِحْرٍ عَظِیْمٍ ۟
නුඹලා දමනු යැයි ඔහු පැවසුවේ ය. ඔවුහු එය දැමූ කල්හි ජනයාගේ ඇස් බැන්දුම් කොට ඔවුන්ව බිය වැද්දූහ. තවද ඔවුහු මහත් හූනියම් (විජ්ජාවක්) ගෙන ආහ.
અરબી તફસીરો:
وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اَنْ اَلْقِ عَصَاكَ ۚ— فَاِذَا هِیَ تَلْقَفُ مَا یَاْفِكُوْنَ ۟ۚ
තවද ‘නුඹ නුඹේ සැරයටිය බිම දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමී ය.
અરબી તફસીરો:
فَوَقَعَ الْحَقُّ وَبَطَلَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟ۚ
තවද සත්‍ය පැහැදිලි විය. ඔවුන් කරමින් සිටි දේ නිෂ්ඵල විය.
અરબી તફસીરો:
فَغُلِبُوْا هُنَالِكَ وَانْقَلَبُوْا صٰغِرِیْنَ ۟ۚ
එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදි. තවද ඔවුහු අවමානයට ලක් වූවන් බවට පෙරළුණෝ ය.
અરબી તફસીરો:
وَاُلْقِیَ السَّحَرَةُ سٰجِدِیْنَ ۟ۙ
තවද හූනියම්කරුවන් සිරස නමන්නන් ලෙස බිම ඇද දමන ලදි.
અરબી તફસીરો:
 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ અઅરાફ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર - ભાષાંતરોની અનુક્રમણિકા

રુવાદ ભાષાંતર કેન્દ્રની ટીમ દ્વારા અને રબ્વાહ ઇસ્લામિક પ્રચાર કાર્યાલય અને વિવિધ ભાષાઓમાં ઇસ્લામની સામગ્રી પ્રસ્તુત કરતું સંગઠનના સહયોગથી

બંધ કરો