Check out the new design

કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર * - ભાષાંતરોની અનુક્રમણિકા

PDF XML CSV Excel API
Please review the Terms and Policies

શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ અઅરાફ   આયત:
قَالَ ادْخُلُوْا فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ فِی النَّارِ ؕ— كُلَّمَا دَخَلَتْ اُمَّةٌ لَّعَنَتْ اُخْتَهَا ؕ— حَتّٰۤی اِذَا ادَّارَكُوْا فِیْهَا جَمِیْعًا ۙ— قَالَتْ اُخْرٰىهُمْ لِاُوْلٰىهُمْ رَبَّنَا هٰۤؤُلَآءِ اَضَلُّوْنَا فَاٰتِهِمْ عَذَابًا ضِعْفًا مِّنَ النَّارِ ؕ۬— قَالَ لِكُلٍّ ضِعْفٌ وَّلٰكِنْ لَّا تَعْلَمُوْنَ ۟
ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතරින් නුඹලාට පෙර ඉකුත් වී ගිය; නිරයේ වෙසෙන සමූහයන් අතරට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක් ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ල ම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහිව අපගේ පරමාධිපතියාණනි! අපව නොමඟ හැරියේ මොවුහු ය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමනු මැනව! යැයි පවසති. සෑම කෙනෙකුට ම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නො දන්නෙහුය යැයි ඔහු පවසයි.
અરબી તફસીરો:
وَقَالَتْ اُوْلٰىهُمْ لِاُخْرٰىهُمْ فَمَا كَانَ لَكُمْ عَلَیْنَا مِنْ فَضْلٍ فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْسِبُوْنَ ۟۠
එමෙන් ම ‘අපට වඩා කිසිදු මහිමයක් නුඹලාට නො වීය. එබැවින් නුඹලා ද නුඹලා උපයමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුන්ගෙන් මුල් අය ද ඔවුන්ගෙන් පසු අය දෙස බලා පවසති.
અરબી તફસીરો:
اِنَّ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَاسْتَكْبَرُوْا عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ اَبْوَابُ السَّمَآءِ وَلَا یَدْخُلُوْنَ الْجَنَّةَ حَتّٰی یَلِجَ الْجَمَلُ فِیْ سَمِّ الْخِیَاطِ ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُجْرِمِیْنَ ۟
සැබැවින් ම අපගේ වදන් බොරු කොට ඒ ගැන උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නො ලැබේ. ඔටුවා ඉඳි කටු සිදුර තුළට පිවිසෙන තෙක් (එය නො සිදු වන්නේ කෙසේද එසේ ම) ඔවුහු (ද) ස්වර්ගයට නො පිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.
અરબી તફસીરો:
لَهُمْ مِّنْ جَهَنَّمَ مِهَادٌ وَّمِنْ فَوْقِهِمْ غَوَاشٍ ؕ— وَكَذٰلِكَ نَجْزِی الظّٰلِمِیْنَ ۟
ඔවුනට නිරයෙන් වූ යහනක් ඇත. එමෙන් ම ඔවුනට ඉහළින් ආවරණයක් ද ඇත. තවද එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.
અરબી તફસીરો:
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَا نُكَلِّفُ نَفْسًا اِلَّا وُسْعَهَاۤ ؗ— اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ හැකියාව අනුව මිස වගකීම් නො පැවැරුවෙමු. ඔවුහු මය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
અરબી તફસીરો:
وَنَزَعْنَا مَا فِیْ صُدُوْرِهِمْ مِّنْ غِلٍّ تَجْرِیْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ ۚ— وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِیْ هَدٰىنَا لِهٰذَا ۫— وَمَا كُنَّا لِنَهْتَدِیَ لَوْلَاۤ اَنْ هَدٰىنَا اللّٰهُ ۚ— لَقَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ؕ— وَنُوْدُوْۤا اَنْ تِلْكُمُ الْجَنَّةُ اُوْرِثْتُمُوْهَا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුනට පහළින් ගංගා ගලා බසිති. තවද "මේ සඳහා අපට මඟ පෙන්වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. අල්ලාහ් අපට (යහ) මඟ නො පෙන්වූයේ නම් අප යහ මඟ ලබන්නන් නො වීමු. අපගේ පරමාධිපතිගේ දූතවරු සත්‍යයම ගෙන ආහ" යැයි ඔවුන් පවසනු ඇත. එමෙන් ම "නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ" යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති.
અરબી તફસીરો:
 
શબ્દોનું ભાષાંતર સૂરહ: અલ્ અઅરાફ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર - ભાષાંતરોની અનુક્રમણિકા

રુવાદ ભાષાંતર કેન્દ્રની ટીમ દ્વારા અને રબ્વાહ ઇસ્લામિક પ્રચાર કાર્યાલય અને વિવિધ ભાષાઓમાં ઇસ્લામની સામગ્રી પ્રસ્તુત કરતું સંગઠનના સહયોગથી

બંધ કરો