Check out the new design

क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद - अनुवाद अग्रदूत केंद्र * - अनुवादों की सूची

PDF XML CSV Excel API
Please review the Terms and Policies

अर्थों का अनुवाद सूरा: अल्-ब-क़-रा   आयत:
وَقَالُوْا كُوْنُوْا هُوْدًا اَوْ نَصٰرٰی تَهْتَدُوْا ؕ— قُلْ بَلْ مِلَّةَ اِبْرٰهٖمَ حَنِیْفًا ؕ— وَمَا كَانَ مِنَ الْمُشْرِكِیْنَ ۟
“නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ”යි ඔවුහු (යුදෙව්වන් හා කිතුනුවන්) තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්රාහීම්ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.) තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නො වීය” යැයි පවසනු.
अरबी तफ़सीरें:
قُوْلُوْۤا اٰمَنَّا بِاللّٰهِ وَمَاۤ اُنْزِلَ اِلَیْنَا وَمَاۤ اُنْزِلَ اِلٰۤی اِبْرٰهٖمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ وَالْاَسْبَاطِ وَمَاۤ اُوْتِیَ مُوْسٰی وَعِیْسٰی وَمَاۤ اُوْتِیَ النَّبِیُّوْنَ مِنْ رَّبِّهِمْ ۚ— لَا نُفَرِّقُ بَیْنَ اَحَدٍ مِّنْهُمْ ؗ— وَنَحْنُ لَهٗ مُسْلِمُوْنَ ۟
“අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන්ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද, මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද, තම පරමාධිපතිගෙන් නබිවරුන්ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකුව අපි වෙන් නො කළෙමු තවද අපි ඔහුට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු.
अरबी तफ़सीरें:
فَاِنْ اٰمَنُوْا بِمِثْلِ مَاۤ اٰمَنْتُمْ بِهٖ فَقَدِ اهْتَدَوْا ۚ— وَاِنْ تَوَلَّوْا فَاِنَّمَا هُمْ فِیْ شِقَاقٍ ۚ— فَسَیَكْفِیْكَهُمُ اللّٰهُ ۚ— وَهُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟ؕ
එබැවින් නුඹලා මෙය (ධර්මය) ගැන විශ්වාස කළාක් මෙන් ඔවුන් ද විශ්වාස කළේ නම් නියතව ඔවුන් ද යහ මඟ ලබන්නෝ ය. ඔවුහු පිටු පෑවෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු බේද යෙහි ය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹට ප්‍රමාණවත් වේ. තවද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.
अरबी तफ़सीरें:
صِبْغَةَ اللّٰهِ ۚ— وَمَنْ اَحْسَنُ مِنَ اللّٰهِ صِبْغَةً ؗ— وَّنَحْنُ لَهٗ عٰبِدُوْنَ ۟
(අපව වර්ණවත් කරවන) අල්ලාහ්ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ්ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තවද අපි ඔහුට යටහත් වන්නෝ වෙමු.
अरबी तफ़सीरें:
قُلْ اَتُحَآجُّوْنَنَا فِی اللّٰهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ ۚ— وَلَنَاۤ اَعْمَالُنَا وَلَكُمْ اَعْمَالُكُمْ ۚ— وَنَحْنُ لَهٗ مُخْلِصُوْنَ ۟ۙ
“අපගේ ද නුඹලාගේ ද පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අපගේ ක්‍රියාවන් අපටය නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට ය. තවද අපි ඔහුට අවංකයෝ වෙමු.” යැයි නුඹ පවසනු.
अरबी तफ़सीरें:
اَمْ تَقُوْلُوْنَ اِنَّ اِبْرٰهٖمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ وَالْاَسْبَاطَ كَانُوْا هُوْدًا اَوْ نَصٰرٰی ؕ— قُلْ ءَاَنْتُمْ اَعْلَمُ اَمِ اللّٰهُ ؕ— وَمَنْ اَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهٗ مِنَ اللّٰهِ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
“නැතහොත් සැබැවින් ම ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන්ගේ පරපුර යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ?” යි (නබිවරය!) අසනු. ඔහු අබියස වූ අල්ලාහ්ගේ සාධකයක් වසන් කරන්නන්ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නො වේ.
अरबी तफ़सीरें:
تِلْكَ اُمَّةٌ قَدْ خَلَتْ ۚ— لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَّا كَسَبْتُمْ ۚ— وَلَا تُسْـَٔلُوْنَ عَمَّا كَانُوْا یَعْمَلُوْنَ ۟۠
එය ඉකුත්වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එයට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලාට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නො ලබන්නෙහු ය.
अरबी तफ़सीरें:
 
अर्थों का अनुवाद सूरा: अल्-ब-क़-रा
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद - अनुवाद अग्रदूत केंद्र - अनुवादों की सूची

इसका अनुवाद, अनुवाद अग्रदूत केंद्र द्वारा नियुक्त एक समूह ने अल-रब्वाह आह्वान संस्था और भाषाओं में इस्लामिक सामग्री की सेवा करने वाली संस्था के सहयोग से किया है।

बंद करें