Check out the new design

क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद - अनुवाद अग्रदूत केंद्र * - अनुवादों की सूची

PDF XML CSV Excel API
Please review the Terms and Policies

अर्थों का अनुवाद सूरा: सबा   आयत:
قُلْ جَآءَ الْحَقُّ وَمَا یُبْدِئُ الْبَاطِلُ وَمَا یُعِیْدُ ۟
“සත්‍යය පැමිණ ඇත. අසත්‍යය (දෙවිවරු) කිසිවක් මැව්වේ නැත. නැවතත් එය මවන්නට යන්නේ ද නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
अरबी तफ़सीरें:
قُلْ اِنْ ضَلَلْتُ فَاِنَّمَاۤ اَضِلُّ عَلٰی نَفْسِیْ ۚ— وَاِنِ اهْتَدَیْتُ فَبِمَا یُوْحِیْۤ اِلَیَّ رَبِّیْ ؕ— اِنَّهٗ سَمِیْعٌ قَرِیْبٌ ۟
“මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන් ම නොමග යනුයේ මට ම එරෙහිව ය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය. වඩාත් සමීපය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
अरबी तफ़सीरें:
وَلَوْ تَرٰۤی اِذْ فَزِعُوْا فَلَا فَوْتَ وَاُخِذُوْا مِنْ مَّكَانٍ قَرِیْبٍ ۟ۙ
තවද ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝ ය.
अरबी तफ़सीरें:
وَّقَالُوْۤا اٰمَنَّا بِهٖ ۚ— وَاَنّٰی لَهُمُ التَّنَاوُشُ مِنْ مَّكَانٍ بَعِیْدٍ ۟ۚ
තවද “අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර බැහැර ස්ථානයකින් (යමක්) ලබා ගැනීම ඔවුනට කෙසේ නම් විය හැකි ද?
अरबी तफ़सीरें:
وَقَدْ كَفَرُوْا بِهٖ مِنْ قَبْلُ ۚ— وَیَقْذِفُوْنَ بِالْغَیْبِ مِنْ مَّكَانٍ بَعِیْدٍ ۟
තවද මීට පෙර ද සැබැවින් ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය. තවද ඔවුහු දූර බැහැර ස්ථානයක සිට අදෘශ්‍යමාන දෑ පිළිබඳ සැක පහළ කරති.
अरबी तफ़सीरें:
وَحِیْلَ بَیْنَهُمْ وَبَیْنَ مَا یَشْتَهُوْنَ كَمَا فُعِلَ بِاَشْیَاعِهِمْ مِّنْ قَبْلُ ؕ— اِنَّهُمْ كَانُوْا فِیْ شَكٍّ مُّرِیْبٍ ۟۠
තවද මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබී ය. නියත වශයෙන් ම ඔවුහු අන්ත සැකයෙහි සිටියෝ ය.
अरबी तफ़सीरें:
 
अर्थों का अनुवाद सूरा: सबा
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद - अनुवाद अग्रदूत केंद्र - अनुवादों की सूची

इसका अनुवाद, अनुवाद अग्रदूत केंद्र द्वारा नियुक्त एक समूह ने अल-रब्वाह आह्वान संस्था और भाषाओं में इस्लामिक सामग्री की सेवा करने वाली संस्था के सहयोग से किया है।

बंद करें