क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद * - अनुवादों की सूची

PDF XML CSV Excel API
Please review the Terms and Policies

अर्थों का अनुवाद सूरा: सूरा अल्-आला   आयत:

සූරා අල් අඃලා

سَبِّحِ اسْمَ رَبِّكَ الْاَعْلَی ۟ۙ
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
अरबी तफ़सीरें:
الَّذِیْ خَلَقَ فَسَوّٰی ۟
ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේ ය.
अरबी तफ़सीरें:
وَالَّذِیْ قَدَّرَ فَهَدٰی ۟
තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේ ය.
अरबी तफ़सीरें:
وَالَّذِیْۤ اَخْرَجَ الْمَرْعٰی ۟
තවද උලා කන තණ බිම් පිට කළේ ඔහු ය.
अरबी तफ़सीरें:
فَجَعَلَهٗ غُثَآءً اَحْوٰی ۟ؕ
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේ ය.
अरबी तफ़सीरें:
سَنُقْرِئُكَ فَلَا تَنْسٰۤی ۟ۙ
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත.
अरबी तफ़सीरें:
اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— اِنَّهٗ یَعْلَمُ الْجَهْرَ وَمَا یَخْفٰی ۟ؕ
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නො කරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
अरबी तफ़सीरें:
وَنُیَسِّرُكَ لِلْیُسْرٰی ۟ۚۖ
තවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු.
अरबी तफ़सीरें:
فَذَكِّرْ اِنْ نَّفَعَتِ الذِّكْرٰی ۟ؕ
එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
अरबी तफ़सीरें:
سَیَذَّكَّرُ مَنْ یَّخْشٰی ۟ۙ
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
अरबी तफ़सीरें:
وَیَتَجَنَّبُهَا الْاَشْقَی ۟ۙ
තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.
अरबी तफ़सीरें:
الَّذِیْ یَصْلَی النَّارَ الْكُبْرٰی ۟ۚ
ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
अरबी तफ़सीरें:
ثُمَّ لَا یَمُوْتُ فِیْهَا وَلَا یَحْیٰی ۟ؕ
පසු ව ඔහු එහි මරණයට පත් නො වෙයි. ජීවත් ද නො වෙයි.
अरबी तफ़सीरें:
قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰی ۟ۙ
සැබැවින් ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේ ය.
अरबी तफ़सीरें:
وَذَكَرَ اسْمَ رَبِّهٖ فَصَلّٰی ۟ؕ
තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේ ය.
अरबी तफ़सीरें:
بَلْ تُؤْثِرُوْنَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۚۖ
නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහු ය.
अरबी तफ़सीरें:
وَالْاٰخِرَةُ خَیْرٌ وَّاَبْقٰی ۟ؕ
(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
अरबी तफ़सीरें:
اِنَّ هٰذَا لَفِی الصُّحُفِ الْاُوْلٰی ۟ۙ
සත්‍ය වශයෙන් ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
अरबी तफ़सीरें:
صُحُفِ اِبْرٰهِیْمَ وَمُوْسٰی ۟۠
ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි.
अरबी तफ़सीरें:
 
अर्थों का अनुवाद सूरा: सूरा अल्-आला
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद - अनुवादों की सूची

पवित्र क़ुरआन के अर्थों का सिंहली अनुवाद, अनुवादक : रुव्वाद अनुवाद केंद्र, वेबसाइट इस्लाम हाउस www.islamhouse.come के सहयोग से।

बंद करें