क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - अनुवादों की सूची


अर्थों का अनुवाद सूरा: सूरा अल्-मसद   आयत:

සූරා අල් මසද්

सूरा के उद्देश्य:
بيان خسران أبي لهب وزوجه.
අබූ ලහබ් හා ඔහුගේ බිරියට අත් වූ විනාශය පැහැදිලි කිරීම.

تَبَّتْ یَدَاۤ اَبِیْ لَهَبٍ وَّتَبَّ ۟ؕ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ් නබි තුමාණන්ට වධ වේදනා ගෙන දෙමින් කටයුතු කළ බැවින් ඔහුගේ දෑත් විනාශයට පත් වේවා! ඔහුගේ උත්සාහය ද පරාජයට පත් වේවා!
अरबी तफ़सीरें:
مَاۤ اَغْنٰی عَنْهُ مَالُهٗ وَمَا كَسَبَ ۟ؕ
ඔහුගේ ධනය හෝ ඔහුගේ දරුවන් අතරින් කවර කරුණක් හෝ ඔහුව මුදවා ගන්නට ඔහුට ප්රයෝජනවත් වූයේද? ඔහුව දඬුවමින් මුදවාලන්නට ඒ දෙක ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම ඔහුට ඒ දෙක ආශිර්වාදය ගෙන දුන්නේද නැත.
अरबी तफ़सीरें:
سَیَصْلٰی نَارًا ذَاتَ لَهَبٍ ۟ۙ
අග්නි ජාලාවෙන් යුත් ගින්නට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහු පිවිසෙනු ඇත. එහි උෂ්ණයෙන් ඔහු තැවෙනු ඇත.
अरबी तफ़सीरें:
وَّامْرَاَتُهٗ ؕ— حَمَّالَةَ الْحَطَبِ ۟ۚ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යන එන මඟ කටු අතු දමමින් එතුමාණන්ව හිංසාවට ලක් කළ ඔහුගේ බිරිය වූ උම්මු ජමීල්ද නිරයට පිවිසෙනු ඇත.
अरबी तफ़सीरें:
فِیْ جِیْدِهَا حَبْلٌ مِّنْ مَّسَدٍ ۟۠
නිරයට ඇදගෙන යන ඉඳි කෙඳිවලින් අඹරා සාදන ලද කඹයක් ඇයගේ ගෙලෙහි තිබෙනු ඇත.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• المفاصلة مع الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් වෙන්ව සිටීම.

• مقابلة النعم بالشكر.
• ලැබූ ආශිර්වාදවලට කෘතවේදී ලෙසින් මුහුණ දීම.

• سورة المسد من دلائل النبوة؛ لأنها حكمت على أبي لهب بالموت كافرًا ومات بعد عشر سنين على ذلك.
• සූරා අල් මසද් නම් මෙම පරිච්ඡේදය නබිත්වයට සාක්ෂි කියන සූරා අතුරින් එකකි. හේතුව අබූ ලහබ් දේව ප්රතික්ෂේපකයකු ලෙසින්ම මියැදෙනු ඇතැයි එය තීන්දු කර තිබිණ. ඒ අනුව ඔහු වසර දහයකට පසුව එලෙසම මියැදුණේය.

• صِحَّة أنكحة الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාහයෙහි සම්මතය.

 
अर्थों का अनुवाद सूरा: सूरा अल्-मसद
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - अनुवादों की सूची

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बंद करें