Check out the new design

क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का सिंहली अनुवाद * - अनुवादों की सूची


अर्थों का अनुवाद आयत: (88) सूरा: अन्-निसा
فَمَا لَكُمْ فِی الْمُنٰفِقِیْنَ فِئَتَیْنِ وَاللّٰهُ اَرْكَسَهُمْ بِمَا كَسَبُوْا ؕ— اَتُرِیْدُوْنَ اَنْ تَهْدُوْا مَنْ اَضَلَّ اللّٰهُ ؕ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَلَنْ تَجِدَ لَهٗ سَبِیْلًا ۟
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාට කුමක් වීද? කුහකයින් සමග කටයුතු කිරීමේදී නුඹලා මතභේදාත්මක කණ්ඩායම් දෙකක් බවට පත් ව ඇත. පිරිසක් ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසා ඔවුන් සමග සටන් කළ යුතු යැයි පවසන අතර, තවත් පිරිසක් ඔවුන්ගේ විශ්වාසය නිසා ඔවුන් සමග සටන් කිරීම අතහැර දැමිය යුතු යැයි පවසති. ඔවුන්ගේ විෂයයෙහි නුඹලා වෙන්වීමට අවශ්ය නැත. ඔවුන්ගේ ක්රියාවන් අනුව අල්ලාහ් ඔවුන් දේව ප්රතික්ෂේපය හා නොමග වෙතට යොමු කිරීමෙන් ඔවුනට ප්රතිචාර දක්වනු ඇත. සත්ය වෙත යොමුවන්නට අල්ලාහ් ආශිර්වාද නොකළවුනට ඔබ මග පෙන්වන්නට සිතන්නෙහිද? අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද, ඔහු යහමග වෙත කිසිදු මාර්ගයක් නොලබනු ඇත.
अरबी तफ़सीरें:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• خفاء حال بعض المنافقين أوقع الخلاف بين المؤمنين في حكم التعامل معهم.
•ඇතැම් කුහකයින්ගේ තත්ත්වය සැඟවීම. ඔවුන් සමග කටයුතු කිරීමේ නීතිය සම්බන්ධයෙන් දෙවියන් විශ්වාස කරන්නන් අතර ආරවුල් හා මතභේද ඇති කරනු ඇත.

• بيان كيفية التعامل مع المنافقين بحسب أحوالهم ومقتضى المصلحة معهم.
කුහකයින්ගේ තත්ත්වයන්ට අනුව ඔවුන් සමග කටයුතු කළ යුතු ආකාරය හා ඔවුන් සමග යහපත් ලෙස තීන්දු තීරණ ගැනීමේ ආකාරය පැහැදිලි කිරීම.

• عدل الإسلام في الكف عمَّن لم تقع منه أذية متعدية من المنافقين.
•සීමාව ඉක්මවීමක් හෝ හිංසා පීඩාවක් හෝ ඇති නොකරන කුහකයින් සමග සටන් නොකරන මෙන් පවසන ඉස්ලාමයේ යුක්තිය.

• يكشف الجهاد في سبيل الله أهل النفاق بسبب تخلفهم عنه وتكلُّف أعذارهم.
•දේව මාර්ගයේ අරගල කිරීමේදී කුහකකමේ ජනයා හෙළි වනු ඇත. එය ඔවුන් එසේ කිරීමට පසුබට වීම සහ ඔවුන්ගේ නිදහසට කරුණු පවසා සිටින හේතුවෙනි.

 
अर्थों का अनुवाद आयत: (88) सूरा: अन्-निसा
सूरों की सूची पृष्ठ संख्या
 
क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का सिंहली अनुवाद - अनुवादों की सूची

कुरआनिक अध्ययन के लिए कार्यरत व्याख्या केंद्र द्वारा निर्गत।

बंद करें