Check out the new design

クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター * - 対訳の目次

PDF XML CSV Excel API
Please review the Terms and Policies

対訳 章: 識別章   節:
وَلَا یَاْتُوْنَكَ بِمَثَلٍ اِلَّا جِئْنٰكَ بِالْحَقِّ وَاَحْسَنَ تَفْسِیْرًا ۟ؕ
තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන ආව ද සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් සැබැවින් ම නුඹ වෙත අපි ගෙන එන්නෙමු.
アラビア語 クルアーン注釈:
اَلَّذِیْنَ یُحْشَرُوْنَ عَلٰی وُجُوْهِهِمْ اِلٰی جَهَنَّمَ ۙ— اُولٰٓىِٕكَ شَرٌّ مَّكَانًا وَّاَضَلُّ سَبِیْلًا ۟۠
තම මුහුණු මතින් (ඇඳගෙන ගොස්) නිරය වෙත රැස් කරනු ලබන්නන් වන ඔවුහු මය නවාතැනින් නපුරු දනන් වන්නෝ, තවද මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් වන්නෝ.
アラビア語 クルアーン注釈:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ وَجَعَلْنَا مَعَهٗۤ اَخَاهُ هٰرُوْنَ وَزِیْرًا ۟ۚۖ
තවද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමඟ ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු.
アラビア語 クルアーン注釈:
فَقُلْنَا اذْهَبَاۤ اِلَی الْقَوْمِ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ؕ— فَدَمَّرْنٰهُمْ تَدْمِیْرًا ۟ؕ
එවිට අපි අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. පසුව අපි ඔවුන් සහමුලින් ම විනාශ කළෙමු.
アラビア語 クルアーン注釈:
وَقَوْمَ نُوْحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ اَغْرَقْنٰهُمْ وَجَعَلْنٰهُمْ لِلنَّاسِ اٰیَةً ؕ— وَاَعْتَدْنَا لِلظّٰلِمِیْنَ عَذَابًا اَلِیْمًا ۟ۚۙ
තවද නූහ්ගේ ජනයා ද ඔවුන් එම ධර්ම දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු.
アラビア語 クルアーン注釈:
وَّعَادًا وَّثَمُوْدَاۡ وَاَصْحٰبَ الرَّسِّ وَقُرُوْنًا بَیْنَ ذٰلِكَ كَثِیْرًا ۟
තවද ආද් ජනයා, සමූද් ජනයා, රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)
アラビア語 クルアーン注釈:
وَكُلًّا ضَرَبْنَا لَهُ الْاَمْثَالَ ؗ— وَكُلًّا تَبَّرْنَا تَتْبِیْرًا ۟
තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සෑම කෙනෙකුවම අපි සහමුලින් ම විනාශ කර දැමුවෙමු.
アラビア語 クルアーン注釈:
وَلَقَدْ اَتَوْا عَلَی الْقَرْیَةِ الَّتِیْۤ اُمْطِرَتْ مَطَرَ السَّوْءِ ؕ— اَفَلَمْ یَكُوْنُوْا یَرَوْنَهَا ۚ— بَلْ كَانُوْا لَا یَرْجُوْنَ نُشُوْرًا ۟
තවද ශාපකාරී වැසි වස්සනු ලැබූ ගම්මානය ඔස්සේ සැබැවින් ම ඔවුහු පැමිණියහ. එවිට ඔවුහු එය නො දුටුවෝ ද? නමුත් (මරණින් පසු) නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුහු අපේක්ෂා නො කරන්නන් ලෙස සිටියහ.
アラビア語 クルアーン注釈:
وَاِذَا رَاَوْكَ اِنْ یَّتَّخِذُوْنَكَ اِلَّا هُزُوًا ؕ— اَهٰذَا الَّذِیْ بَعَثَ اللّٰهُ رَسُوْلًا ۟
තවද ඔවුන් නුඹව දුටු විට ‘දූතයකු වශයෙන් අල්ලාහ් එවා සිටියේ මොහුව දැ?’ යි (පවසමින්) සරදමක් ලෙසින් මිස ඔවුහු නුඹව නො ගනිති.
アラビア語 クルアーン注釈:
اِنْ كَادَ لَیُضِلُّنَا عَنْ اٰلِهَتِنَا لَوْلَاۤ اَنْ صَبَرْنَا عَلَیْهَا ؕ— وَسَوْفَ یَعْلَمُوْنَ حِیْنَ یَرَوْنَ الْعَذَابَ مَنْ اَضَلُّ سَبِیْلًا ۟
අප අපගේ දෙවිවරුන් මත (ස්ථීර ලෙස) රැඳී නො සිටියා නම් ඔහු ඔවුන්ගෙන් අප නොමඟ යවන්නට තිබුණි. (යැයි ඔවුහු පවසති.) එම දඬුවම ඔවුන් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් කවුරුන් දැ? යි ඔවුහු මතු දැන ගනු ඇත.
アラビア語 クルアーン注釈:
اَرَءَیْتَ مَنِ اتَّخَذَ اِلٰهَهٗ هَوٰىهُ ؕ— اَفَاَنْتَ تَكُوْنُ عَلَیْهِ وَكِیْلًا ۟ۙ
තම ආශාවන් තම දෙවියන් ලෙස ගත් අය නුඹ නුදුටුවෙහි ද? එවිට නුඹ ඔහු වෙත භාරකරුවකු වන්නෙහි ද?
アラビア語 クルアーン注釈:
 
対訳 章: 識別章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター - 対訳の目次

ルゥワード翻訳事業センターとラブワ招待協会およびイスラームコンテンツサービス協会の共訳

閉じる