Check out the new design

クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター * - 対訳の目次

PDF XML CSV Excel API
Please review the Terms and Policies

対訳 章: 蜘蛛章   節:
وَلَا تُجَادِلُوْۤا اَهْلَ الْكِتٰبِ اِلَّا بِالَّتِیْ هِیَ اَحْسَنُ ؗ— اِلَّا الَّذِیْنَ ظَلَمُوْا مِنْهُمْ وَقُوْلُوْۤا اٰمَنَّا بِالَّذِیْۤ اُنْزِلَ اِلَیْنَا وَاُنْزِلَ اِلَیْكُمْ وَاِلٰهُنَا وَاِلٰهُكُمْ وَاحِدٌ وَّنَحْنُ لَهٗ مُسْلِمُوْنَ ۟
තවද ධර්ම ග්‍රන්ථ ලත් අය සමඟ කවර දෙයක් යහපත් වන්නේ ද එය මඟින් මිස වෙනත් කිසිවක් මඟින් තර්ක නො කරනු. එහෙත් ඔවුන් අතරින් අපරාධ කළවුන් සමඟ හැර. (ඔවුන් සමඟ තර්ක කිරීමට සිදු වුවහොත්) ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එක ම ය. තවද අපි ඔහුට අවනත වන්නෝ වෙමු.’ යැයි නුඹලා පවසනු.
アラビア語 クルアーン注釈:
وَكَذٰلِكَ اَنْزَلْنَاۤ اِلَیْكَ الْكِتٰبَ ؕ— فَالَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ یُؤْمِنُوْنَ بِهٖ ۚ— وَمِنْ هٰۤؤُلَآءِ مَنْ یُّؤْمِنُ بِهٖ ؕ— وَمَا یَجْحَدُ بِاٰیٰتِنَاۤ اِلَّا الْكٰفِرُوْنَ ۟
තවද එලෙස අපි ඔබ වෙතට ද ධර්ම ග්‍රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය එය විශ්වාස කරති. තවද (මක්කාවාසීන් වන) මොවුන් අතුරින් ද එය විශ්වාස කරන්නන් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නො දකිති.
アラビア語 クルアーン注釈:
وَمَا كُنْتَ تَتْلُوْا مِنْ قَبْلِهٖ مِنْ كِتٰبٍ وَّلَا تَخُطُّهٗ بِیَمِیْنِكَ اِذًا لَّارْتَابَ الْمُبْطِلُوْنَ ۟
තවද මීට පෙර කිසිදු ධර්ම ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නො සිටියෙහි ය. ඔබේ දකුණතින් එය ඔබ නො ලිව්වෙහි ය. එසේ වී නම් අසත්‍යයේ නිරතව සිටින්නන් සැක පහළ කරන්නෝම ය.
アラビア語 クルアーン注釈:
بَلْ هُوَ اٰیٰتٌۢ بَیِّنٰتٌ فِیْ صُدُوْرِ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ ؕ— وَمَا یَجْحَدُ بِاٰیٰتِنَاۤ اِلَّا الظّٰلِمُوْنَ ۟
එහෙත් මෙය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන් ය. තවද අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නො දකිති.
アラビア語 クルアーン注釈:
وَقَالُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیٰتٌ مِّنْ رَّبِّهٖ ؕ— قُلْ اِنَّمَا الْاٰیٰتُ عِنْدَ اللّٰهِ ؕ— وَاِنَّمَاۤ اَنَا نَذِیْرٌ مُّبِیْنٌ ۟
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් (පෙර රසූල්වරුන්ට පහළ වූවාක් මෙන්) ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නො වේ දැ? යි ඔවුහු විමසුවෝ ය. (අහෝ නබිවරය!) ‘නියත වශයෙන් ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන් ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි නුඹ පවසනු.
アラビア語 クルアーン注釈:
اَوَلَمْ یَكْفِهِمْ اَنَّاۤ اَنْزَلْنَا عَلَیْكَ الْكِتٰبَ یُتْلٰی عَلَیْهِمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَرَحْمَةً وَّذِكْرٰی لِقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠
නියත වශයෙන් ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම ධර්ම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නො වේ ද? දේවත්වය විශ්වාස කරන ජනයාට නියත වශයෙන් ම එහි ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් ඇත.
アラビア語 クルアーン注釈:
قُلْ كَفٰی بِاللّٰهِ بَیْنِیْ وَبَیْنَكُمْ شَهِیْدًا ۚ— یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَالَّذِیْنَ اٰمَنُوْا بِالْبَاطِلِ وَكَفَرُوْا بِاللّٰهِ ۙ— اُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟
සාක්ෂිකරුවකු වශයෙන් මා අතර හා නුඹලා අතර අල්ලාහ් ප්‍රමාණවත් විය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු දනී. අසත්‍යය විශ්වාස කොට අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මය අලාභවන්තයෝ යැයි (නබිවරය!) නුඹ පවසනු.
アラビア語 クルアーン注釈:
 
対訳 章: 蜘蛛章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター - 対訳の目次

ルゥワード翻訳事業センターとラブワ招待協会およびイスラームコンテンツサービス協会の共訳

閉じる