Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 節: (79) 章: 蜜蜂章
اَلَمْ یَرَوْا اِلَی الطَّیْرِ مُسَخَّرٰتٍ فِیْ جَوِّ السَّمَآءِ ؕ— مَا یُمْسِكُهُنَّ اِلَّا اللّٰهُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
කුරුල්ලන් අහසේ පියාසර කිරීම සඳහා අල්ලාහ් උන්ට පිරිනමා ඇති අත්තටු සහ සුළඟේ පහසුවෙන් පියාසර කිරීමේ හැකියාව උන්ට වසඟ කර දී තිබීම ගැන දෙවියන්ට ආදේශ තබන්නන් නිරීක්ෂණය නොකළේද? උන්ගේ පියාපත් හකුළා ගැනීමටත් ඒවා විහිදුවන්නටත් අල්ලාහ් උන් හට ඉඩ දී ඇත. අහසෙහි උන් නොවැටෙන පරිදි උන් රඳවාගෙන සිටින්නේ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොවේ. මෙසේ වසඟ කර දීමෙහි හා උන් නොවැටෙන සේ රඳවා තැබීමේ දෙවියන් විශ්වාස කරන ජනයාට සැබැවින්ම සාධක ඇත. එම සාධක හා පාඩම් මගින් ප්රයෝජනය ලබන්නේ ඔවුන්ය.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• لله تعالى الحكمة البالغة في قسمة الأرزاق بين العباد، إذ جعل منهم الغني والفقير والمتوسط؛ ليتكامل الكون، ويتعايش الناس، ويخدم بعضهم بعضًا.
•ගැත්තන් අතර පෝෂණ සම්පත් බෙදා හැරීමේ ගැඹුරු ප්රඥාව උත්තරීතර අල්ලාහ්ට පමණක් සතුය. ඔවුන් අතර පොහොසතුන් දුප්පතුන් මෙන්ම මධ්යස්ථයින් ඔහු පත් කළේය. එය ඔවුන් එකිනෙකාගේ ලෞකික අවශ්යතා ඔවුනොවුන් සපුරා ගැනීමටත් මිනිසුන් සමග ජීවත් වීමටත් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට පිහිට වෙමින් කටයුතු කිරීමටත්ය.

• دَلَّ المثلان في الآيات على ضلالة المشركين وبطلان عبادة الأصنام؛ لأن شأن الإله المعبود أن يكون مالكًا قادرًا على التصرف في الأشياء، وعلى نفع غيره ممن يعبدونه، وعلى الأمر بالخير والعدل.
•දෙවියන්ට ආදේශ තබන්නන්ගේ මුළාව හා පිළිමවලට වන්දනාමාන කිරීමේ ව්යාජත්වය පෙන්වා දෙන උදාහරණ දෙකක් මෙම පාඨවල ගෙන හැර දක්වා ඇත. සැබැවින්ම නැමදුම් ලබන්නට සුදුසු දෙවිඳුන්ගේ කාර්යය වනුයේ ඔහු සියලු කටයුතු ක්රියාත්මක කිරීමේදී බලාධිකාරී හා පාලක ලෙස සිටිමින් ඔහුට නැමදුම් කරන අන් අයට සෙත සැලසීමත්, යහපත හා සාධාරණත්වය නියෝග කර සිටීමත්ය.

• من نعمه تعالى ومن مظاهر قدرته خلق الناس من بطون أمهاتهم لا علم لهم بشيء، ثم تزويدهم بوسائل المعرفة والعلم، وهي السمع والأبصار والأفئدة، فبها يعلمون ويدركون.
•මිනිසුන් ඔවුන්ගේ මව් කුසවල්වලින් කිසිවක් නොදන්නා තත්ත්වයෙන් මවා පසු ව ඇස් කන් හා හදවත් වැනි දැනුම හා ඥානය ලැබීමේ මාධ්යයන් ඔවුනට සපයා තිබීම අල්ලාහ්ගේ ආශිර්වාද හා ඔහුගේ බලය විද්යාමාන කරන සාධකයකි. එමගින් ඔහු දැන ගනිති. ග්රහණය කර ගනිති.

 
対訳 節: (79) 章: 蜜蜂章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる