Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 節: (32) 章: 創成者章
ثُمَّ اَوْرَثْنَا الْكِتٰبَ الَّذِیْنَ اصْطَفَیْنَا مِنْ عِبَادِنَا ۚ— فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهٖ ۚ— وَمِنْهُمْ مُّقْتَصِدٌ ۚ— وَمِنْهُمْ سَابِقٌ بِالْخَیْرٰتِ بِاِذْنِ اللّٰهِ ؕ— ذٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِیْرُ ۟ؕ
පසු ව සෙසු සමූහයන්ට වඩා අපි තෝරා ගත් මුහම්මද්ගේ සමූහයාට අල් කුර්ආනය පිරිනැමුවෙමු. ඔවුන් අතරින් තහනම් කරන ලද දෑ සිදු කොට හා අනිවාර්යය කරන ලද දෑ අතහැර දමා තමන්ටම අපරාධ කරගත් අය වෙති. එමෙන්ම ඇතැම් සතුටුදායක දෑ අතහැර දමා ඇතැම් පිළිකුල් සහගත දෑ සිදු කරනවාත් සමගම අනිවාර්යය කරන ලද දෑ සිදු කොට තහනම් කරන ලද දෑ අතහැර දමන අය ද සිටිති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුමැතියෙන් යහපත් දෑ සඳහා පෙරටුගාමී වන්නන් ද සිටිති. එනම් අනිවාර්ය කරන ලද දෑ හා සතුටුදායක දෑ ඉටු කරමින් තහනම් කරන ලද දෑ හා පිළිකුල් සහගත දෑ අතහැර දමා ක්රියා කිරීම තුළිනි. සඳහන් කරනු ලැබූ දෑ වනාහි (මෙම සමූහයා වෙනුවෙන් පිරිනමා ඇති නිදහස හා ඔවුනට පිරිනමා ඇති අල් කුර්ආනය) කිසිදු මහිමයකට ළඟා විය නොහැකි අතිමහත් භාග්යයක් වෙයි.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• فضل أمة محمد صلى الله عليه وسلم على سائر الأمم.
•සෙසු සමූහයන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයාට හිමි මහිමය.

• تفاوت إيمان المؤمنين يعني تفاوت منزلتهم في الدنيا والآخرة.
•දේව විශ්වාසීන්ගේ විශ්වාසය තුළ ඇති විෂමතාවය. එනම් මෙලොව හා මතුලොවෙහි ඔවුන්ගේ නිලයන් හී පවතින විෂමතාවයයි.

• الوقت أمانة يجب حفظها، فمن ضيعها ندم حين لا ينفع الندم.
•කාල වේලාව පැවරුනු වගකීමකි. එය ආරක්ෂා කිරීම අනිවාර්යය වේ. එහෙයින් කවරෙකු එය නාස්ති කරන්නේ ද ඔහු පසුතැවිල්ල ප්රයෝජනවත් නොවන අවස්ථාවේ පසුතැවිල්ලට පත් වෙයි.

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම.

 
対訳 節: (32) 章: 創成者章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる