クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 節: (147) 章: 婦人章
مَا یَفْعَلُ اللّٰهُ بِعَذَابِكُمْ اِنْ شَكَرْتُمْ وَاٰمَنْتُمْ ؕ— وَكَانَ اللّٰهُ شَاكِرًا عَلِیْمًا ۟
ඔබ අල්ලාහ්ට කෘතඥ වී, ඔහු ව තරයේ විශ්වාස කළේ නම් ඔබ ව දඬුවමට ලක් කිරීමට කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. ඔහු ඉතා දයානුකම්පිතය. මහා කරුණාභරිතය. සැබැවින්ම ඔහු ඔබ දඬුවමට ලක් කරනුයේ ඔබ කරන පාපකම් හේතුවෙනි. ඔබ කරන ක්රියාවන් විධිමත් ව සිදු කොට ඔහුගේ ආශිර්වාද සඳහා ඔබ ඔහුට කෘතඥ වී බාහිර ව මෙන්ම අභ්යන්තරයෙන්ද ඔහු ව තරයේ විශ්වාස කරන්නෙහු නම් ඔහු ඔබට දඬුවම් නොකරන්නේමය. තම ආශිර්වාදයන් පිළිගත් අයට අල්ලාහ් කෘතවේදී වෙයි. ඒ සඳහා ඔහු ඔවුනට තිළිණ පිරිනමයි. ඔහුගේ මැවීම් තුළ ඇති විශ්වාසය ඔහු මැනවින් දන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• بيان صفات المنافقين، ومنها: حرصهم على حظ أنفسهم سواء كان مع المؤمنين أو مع الكافرين.
කුහකයන්ගේ ගති ලක්ෂණ පැහැදිලි කිරීම, දේව විශ්වාසීන් සමඟ හෝ දේව ප්රතික්ෂේපකයින් සමග හෝ වේවා ඔවුනට වඩා තමන් වාසනාවන්ත වීමට ඔවුන් දක්වන උනන්දුව ඉන් එකකි.

• أعظم صفات المنافقين تَذَبْذُبُهم وحيرتهم واضطرابهم، فلا هم مع المؤمنين حقًّا ولا مع الكافرين.
කුහකයින්ගේ ගුණාංග අතුරින් තවත් ප්රධානතම ගුණාංගයක් වනුයේ ඔවුන්ගේ ව්යාකූලත්වය, කැළඹීම හා කුතුහලයයි. එහෙයින් ඔවුන් දේව විශ්වාසීන් සමගද නැත. දේව ප්රතික්ෂේපකයින් සමගද නැත.

• النهي الشديد عن اتخاذ الكافرين أولياء من دون المؤمنين.
දේව විශ්වාසීන් හැර දමා දේව ප්රතික්ෂේපකයින් තම මිතුරන් හා භාරකරුවන් ලෙස ගැනීමේ දැඩි තහනම.

• أعظم ما يتقي به المرء عذاب الله تعالى في الآخرة هو الإيمان والعمل الصالح.
මතුලොවෙහි උත්තරීතර අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා විය හැකි ප්රධානතම කරුණ වනුයේ දේව විශ්වාසය හා දැහැමි ක්රියාවයි.

 
対訳 節: (147) 章: 婦人章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる