クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - 対訳の目次


対訳 章: 朝章   節:

සූරා අල් ළුහා

本章の趣旨:
بيان عناية الله بنبيه في أول أمره وآخره.
අල්ලාහ් තම නබිවරයාට එතුමාගේ විෂයයෙහි ආරම්භයේ මෙන්ම එහි අවසානයේ එතුමාණන් වෙත දැක්වූ අවධානය පැහැදිලි කිරීම.

وَالضُّحٰی ۟ۙ
දහවල ආරම්භය මත දිවුරමින්.
アラビア語 クルアーン注釈:
وَالَّیْلِ اِذَا سَجٰی ۟ۙ
රාත්රිය මත දිවුරමින් එය අන්ධකාරය පතුරුවා එහි මිනිසුන් තම කාර්යයන්ගෙන් ඉවත් ව සැනසුම ලබන විට.
アラビア語 クルアーン注釈:
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰی ۟ؕ
අහෝ දූතය! දේව පණිවිඩ නතර වූ කාලයේදී දෙවිඳුන්ට ආදේශ කරන්නන් පවසා සිටියාක් මෙන් ඔබේ පරමාධිපති ඔබව අතහැරියේ නැත. එමෙන්ම ඔබ සමඟ අමනාප වූයේ ද නැත.
アラビア語 クルアーン注釈:
وَلَلْاٰخِرَةُ خَیْرٌ لَّكَ مِنَ الْاُوْلٰی ۟ؕ
මතු නිවහන මෙලොවට වඩා ඔබට උතුම්ය. හේතුව, එහි නිමක් නැති සැප සම්පත් සදා පවතින බැවිනි.
アラビア語 クルアーン注釈:
وَلَسَوْفَ یُعْطِیْكَ رَبُّكَ فَتَرْضٰی ۟ؕ
ඔබට හා ඔබේ සමූහයාට පිරිනමන දෑ පිළිබඳ ඔබ තෘප්තිමත් වන තරමට ඔබට හා ඔබේ සමූහයාට ඉමහත්වූ ප්රතිඵල මතු පිරිනමනු ඇත.
アラビア語 クルアーン注釈:
اَلَمْ یَجِدْكَ یَتِیْمًا فَاٰوٰی ۪۟
කුඩා අවදියේ පියාණන් අහිමි වූ තත්ත්වයේ ඔබ සිටියෙහිය. පසුව ඔබේ සීයා වන අබ්දුල් මුත්තලිබ්ගේ හා ඉන්පසුව ඔබේ මහප්පා වන අබූ තාලිබ්ගේ භාරයේ සෙනෙහසට පත් කොට ඔහු ඔබට පිළිසරණක් දුන්නේය.
アラビア語 クルアーン注釈:
وَوَجَدَكَ ضَآلًّا فَهَدٰی ۪۟
දේව ග්රන්ථය (කුර්ආනය) කුමක් ද, ඊමානය (දේව විශ්වාසය) කුමක්දැයි යන්න ඔබ දැන සිටියේ නැත. පසුව ඒතුළින් ඔබ නොදැන සිටි දෑ ඔහු ඔබට ඉගැන්වීය.
アラビア語 クルアーン注釈:
وَوَجَدَكَ عَآىِٕلًا فَاَغْنٰی ۟ؕ
ඔබ දිළින්ඳෙකු ලෙස සිටියෙහිය. පසුව ඔහු ඔබව ස්වයංපෝෂිත කළේය.
アラビア語 クルアーン注釈:
فَاَمَّا الْیَتِیْمَ فَلَا تَقْهَرْ ۟ؕ
එබැවින් ළමා අවදියේදී පියාණන් අහිමි වූ අනාථ දරුවන් සමඟ වූ ඇසුර පළුදු නොකරනු. ඔවුන්ව පහත් කොට නොසලකනු.
アラビア語 クルアーン注釈:
وَاَمَّا السَّآىِٕلَ فَلَا تَنْهَرْ ۟ؕ
අවශ්යතා ඉල්ලා පැමිණෙන අය පලවා නොහරිනු.
アラビア語 クルアーン注釈:
وَاَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ۟۠
ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා ඔබ තුති පුද කොට ඒවා ගැන මෙනෙහි කරනු.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
• කිසිදු නිලයක් එයට ළඟා විය නොහැකි අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු නිලය.

• شكر النعم حقّ لله على عبده.
•ගැත්තන් හට අල්ලාහ්ගේ වගකීම සම්බන්ධයෙන් වූ ආශිර්වාදයට කෘතඥ වීම.

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
•දුබල අය සමග කාරුණික ව කටයුතු කිරීමේ හා ඔවුන් සමග සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ අනිවාර්යයභාවය.

 
対訳 章: 朝章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - 対訳の目次

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

閉じる