ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (47) ជំពូក​: សូរ៉ោះអាន់នូរ
وَیَقُوْلُوْنَ اٰمَنَّا بِاللّٰهِ وَبِالرَّسُوْلِ وَاَطَعْنَا ثُمَّ یَتَوَلّٰی فَرِیْقٌ مِّنْهُمْ مِّنْ بَعْدِ ذٰلِكَ ؕ— وَمَاۤ اُولٰٓىِٕكَ بِالْمُؤْمِنِیْنَ ۟
කුහකයෝ, "සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු. තවද අපි දූතයාණන් ද විශ්වාස කළෙමු. එමෙන්ම අල්ලාහ්ට අපි අවනත වූයෙමු. දූතයාණන්ට ද අවනත වූයෙමු" යැයි පවසති. පසු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියෝ ය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන බවටත් ඔවුන් දෙදෙනාට අවනත වන බවටත් ඔවුහු අධිෂ්ඨාන කළ පසු ව, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා වෙනත් කටයුතුවලදී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත නොවෙති. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමට පිටුපෑ ඔවුන් සැබැවින්ම තමන් දේව විශ්වාසීන් යැයි පැවසුව ද ඔවුහු එසේ දේව විශ්වාසීහු නොවෙති.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• تنوّع المخلوقات دليل على قدرة الله.
•මැවීම්වල විවිධත්වය අල්ලාහ්ගේ බලය පෙන්වා දෙයි.

• من صفات المنافقين الإعراض عن حكم الله إلا إن كان الحكم في صالحهم، ومن صفاتهم مرض القلب والشك، وسوء الظن بالله.
•අල්ලාහ්ගේ නීතිය තමන්ට වාසිදායක වූවා නම් මිස එය හෙළා දැකීම කුහකයින්ගේ ගුණාංගයකි. එමෙන්ම හදවතෙහි බැඳී ඇති රෝගය, සැකය, අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ද ඔවුන්ගේ ගුණාංග අතරින් සමහරකි.

• طاعة الله ورسوله والخوف من الله من أسباب الفوز في الدارين.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීම අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීම මෙලොව හා මතුලොව ජයග්රහණයට හේතු කාරණා වනු ඇත.

• الحلف على الكذب سلوك معروف عند المنافقين.
•බොරුව මත දිවුරා සිටීම කුහකයින් ළඟ පවතින ප්රසිද්ධ මාධ්යයකි.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (47) ជំពូក​: សូរ៉ោះអាន់នូរ
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - សន្ទស្សន៍នៃការបកប្រែ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

បិទ