ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (6) ជំពូក​: សូរ៉ោះអាល់អាន់អាម
اَلَمْ یَرَوْا كَمْ اَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِّنْ قَرْنٍ مَّكَّنّٰهُمْ فِی الْاَرْضِ مَا لَمْ نُمَكِّنْ لَّكُمْ وَاَرْسَلْنَا السَّمَآءَ عَلَیْهِمْ مِّدْرَارًا ۪— وَّجَعَلْنَا الْاَنْهٰرَ تَجْرِیْ مِنْ تَحْتِهِمْ فَاَهْلَكْنٰهُمْ بِذُنُوْبِهِمْ وَاَنْشَاْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا اٰخَرِیْنَ ۟
අපරාධකාරී සමූහයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත මෙම දේව ප්රතික්ෂේපකයෝ නොදන්නෝද? මෙම ප්රතික්ෂේපකයින් වෙත දෙනු නොලැබූ අයුරින් ඔවුනට පෙර සිටි බොහෝ සමූහයන් වෙත මහපොළොවේ වාසය කිරීමටත් පාලන කිරීමටත් අවශ්ය සාධක අල්ලාහ් පිරිනමා තිබුණ ද ඔවුන්ගේ වැරදි හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් වෙත විටින් විට වර්ෂාව ඇද හැළෙන්නට සලස්වා ඔවුන්ගේ නවාතැන් වලට පහළින් ගංගා ගලා යන්නට සැලස් වීය. නමුත් ඔවුහු අල්ලාහ්ට පිටුපෑහ. ඔවුන් සිදු කළ වැරද්ද හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයන් ඔහු බිහි කළේය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• شدة عناد الكافرين، وبيان إصرارهم على الكفر على الرغم من قيام الحجة عليهم بالأدلة الحسية.
•දේව ප්රතික්ෂේපකයින්ගේ දැඩි මුරණ්ඩුකම, භෞතික සාධක ඔවුන් වෙත ඉදිරිපත් කර තිබියදීත් ඔවුන් දේව ප්රතික්ෂේපය වෙත නොපැකිලී උත්සාහ දැරීම පිළිබඳ පැහැදිලි කිරීම.

• التأمل في سنن الله تعالى في السابقين لمعرفة أسباب هلاكهم والحذر منها.
•මුතුන් මිත්තන් අතර අල්ලාහ්ගේ ක්රියා පිළිවෙත සම්බන්ධයෙන් සිතා බැලීමෙන් ඔවුන් විනාශයට පත් වූ හේතු සාධක දැන ගැනීමටත් එයින් ප්රවේශම් වීමටත් හැකිවනු ඇත.

• من رحمة الله بعباده أن لم ينزل لهم رسولًا من الملائكة لأنهم لا يمهلون للتوبة إذا نزل.
•තම ගැත්තන් වෙත මලක්වරුන් අතුරින් දූතයකු නොඑවීමෙන් අල්ලාහ් ඔවුනට දයාව දක්වා ඇත. එසේ මලක්වරයකු පැමිණියේ නම් පාප ක්ෂමාවට පවා ඔවුනට අවකාශය නොලැබෙනු ඇත.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (6) ជំពូក​: សូរ៉ោះអាល់អាន់អាម
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - សន្ទស្សន៍នៃការបកប្រែ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

បិទ