Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ರುವ್ವಾದ್ ಭಾಷಾಂತರ ಕೇಂದ್ರ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮುನಾಫಿಕೂನ್   ಶ್ಲೋಕ:
وَاِذَا قِیْلَ لَهُمْ تَعَالَوْا یَسْتَغْفِرْ لَكُمْ رَسُوْلُ اللّٰهِ لَوَّوْا رُءُوْسَهُمْ وَرَاَیْتَهُمْ یَصُدُّوْنَ وَهُمْ مُّسْتَكْبِرُوْنَ ۟
තවද “නුඹලා එනු. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් සමාව අයැදිනු ඇතැයි” ඔවුනට කියනු ලැබූ විට ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. ඔවුන් උඩඟු වූවන් ලෙස සිටිමින් (අල්ලාහ්ගේ මාර්ගයෙන්) ඔවුන් අවහිර කිරීම නුඹ දකිනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
سَوَآءٌ عَلَیْهِمْ اَسْتَغْفَرْتَ لَهُمْ اَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ ؕ— لَنْ یَّغْفِرَ اللّٰهُ لَهُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الْفٰسِقِیْنَ ۟
නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නො ඇයද සිටිය ද ඔවුන් වෙත එක සමාන ය. අල්ලාහ් ඔවුනට සමාව නො දෙන්නේ ම ය. නියත වශයෙන් ම අල්ලාහ් පාපතර ජනයාට මග නො පෙන්වයි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
هُمُ الَّذِیْنَ یَقُوْلُوْنَ لَا تُنْفِقُوْا عَلٰی مَنْ عِنْدَ رَسُوْلِ اللّٰهِ حَتّٰی یَنْفَضُّوْا ؕ— وَلِلّٰهِ خَزَآىِٕنُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلٰكِنَّ الْمُنٰفِقِیْنَ لَا یَفْقَهُوْنَ ۟
ඔවුන් වනාහි ‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් කෙරෙහි ඔවුන් වෙන්ව යන තුරු නුඹලා වියදම් නො කරනු’ යැයි (අන් අයට) පවසන්නෝ වෙති. අහස් හා මහපොළොවෙහි සම්පත් අල්ලාහ් සතු ය. එනමුත් කුහකයින් වටහා නො ගනිති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
یَقُوْلُوْنَ لَىِٕنْ رَّجَعْنَاۤ اِلَی الْمَدِیْنَةِ لَیُخْرِجَنَّ الْاَعَزُّ مِنْهَا الْاَذَلَّ ؕ— وَلِلّٰهِ الْعِزَّةُ وَلِرَسُوْلِهٖ وَلِلْمُؤْمِنِیْنَ وَلٰكِنَّ الْمُنٰفِقِیْنَ لَا یَعْلَمُوْنَ ۟۠
“අප මදීනාව වෙත හැරී ආවේ නම් උසස් අය පහත් අයව එයින් පිටුවහල් කරනු ඇතැ”යි ඔවුහු පවසති. සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය. තවද ඔහුගේ දූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් සතු ය. එහෙත් කුහකයින් අවබෝධ කර නො ගනිති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تُلْهِكُمْ اَمْوَالُكُمْ وَلَاۤ اَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللّٰهِ ۚ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නො කරත්වා! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහු මය අලාභවන්තයෝ.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَاَنْفِقُوْا مِنْ مَّا رَزَقْنٰكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَ اَحَدَكُمُ الْمَوْتُ فَیَقُوْلَ رَبِّ لَوْلَاۤ اَخَّرْتَنِیْۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ۙ— فَاَصَّدَّقَ وَاَكُنْ مِّنَ الصّٰلِحِیْنَ ۟
තවද නුඹලා අතරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. “මාගේ පරමාධිපතියාණනි! මද කලකට ඔබ මා ප්‍රමාද කළ යුතු නො වේ ද? එවිට මම පරිත්‍යාග කරමි. තවද දැහැමියන් අතරින් කෙනෙකු වෙමි” යැයි ඔහු පවසයි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَنْ یُّؤَخِّرَ اللّٰهُ نَفْسًا اِذَا جَآءَ اَجَلُهَا ؕ— وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟۠
තවද අවසන් කාලය පැමිණි විට කිසිදු ආත්මයක් අල්ලාහ් ප්‍රමාද නො කරන්නේ ම ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮುನಾಫಿಕೂನ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ರುವ್ವಾದ್ ಭಾಷಾಂತರ ಕೇಂದ್ರ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ರಬ್ವಾಹ್ನಲ್ಲಿರುವ ದಾವಾ ಸಂಸ್ಥೆ ಮತ್ತು ಭಾಷೆಗಳಲ್ಲಿ ಇಸ್ಲಾಮಿಕ್ ವಿಷಯವನ್ನು ಸೇವಿಸುವ ಸಂಸ್ಥೆಯ ಸಹಕಾರದೊಂದಿಗೆ ರುವ್ವಾದ್ ಅನುವಾದ ಕೇಂದ್ರದ ತಂಡದಿಂದ ಅನುವಾದಿಸಲಾಗಿದೆ.

ಮುಚ್ಚಿ