Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮುಅ್ ಮಿನೂನ್   ಶ್ಲೋಕ:

අල් මුඃමිනූන්

ಅಧ್ಯಾಯದ ಉದ್ದೇಶಗಳು:
بيان فلاح المؤمنين وخسران الكافرين.
දේවත්වය විශ්වාස කරන්නන් සතු ජය හා දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සතු පරාජය පැහැදිලි කිරීම.

قَدْ اَفْلَحَ الْمُؤْمِنُوْنَ ۟ۙ
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දහම අනුව කටයුතු කළවුන් වනාහි, ඔවුන් පතන දෑ හිමි කර ගෙන, ඔවුන් බියට පත් වූ දැයින් මිදී සැබැවින්ම ඔවුන් ජය ලැබුවෝය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
الَّذِیْنَ هُمْ فِیْ صَلَاتِهِمْ خٰشِعُوْنَ ۟ۙ
ඔවුන්ගේ සලාතයේ දී ඉතා යටහත් පහත්ව කටයුතු කරන්නෝ වෙති. එහිදී ඔවුන්ගේ අවයව තැන්පත්ව තබා ගනිති. ඔවුන්ගේ සිත් කාර්යබහුලත්වයෙන් හිස් කර ගනිති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَالَّذِیْنَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُوْنَ ۟ۙ
ඔවුන් වනාහි, නිෂ්ඵල දැයින්, පුහු දැයින් හා පාපය ඇති කරන ක්රියාවන් හා ප්රකාශවලින් වැළකී සිටින්නෝ වෙති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَالَّذِیْنَ هُمْ لِلزَّكٰوةِ فٰعِلُوْنَ ۟ۙ
ඔවුන් වනාහි, ඔවුන්ගේ ආත්මාවන් පහත් ගතිගුණවලින් පිවිතුරු කිරීම සඳහාත් ඔවුන්ගේ ධනය පිරිසිදු කිරීම සඳහා ඒ සඳහා දිය යුතු සකාත් නිකුත් කරමින් කටයුතු කරන්නෝ වෙති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَالَّذِیْنَ هُمْ لِفُرُوْجِهِمْ حٰفِظُوْنَ ۟ۙ
දුරාචාරය, සමලිංගික සේවනය හා අශීලාචාර කාමුක හැසිරීම් වැනි දැයින් ඔවුන්ගේ ලිංගේන්ද්රියන් දුරස් කරමින් ඒවා ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුන් පතිවත රකින පිවිතුරුවූවන් වෙති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِلَّا عَلٰۤی اَزْوَاجِهِمْ اَوْ مَا مَلَكَتْ اَیْمَانُهُمْ فَاِنَّهُمْ غَیْرُ مَلُوْمِیْنَ ۟ۚ
ඔවුන්ගේ බිරියන් කෙරෙහි හෝ ඔවුන් සතු කරගත් වහලියන් කෙරෙහි හෝ හැර. ඔවුන් සමග සංසර්ගයේ නිරත වෙමින් හෝ වෙනත් අයුරකින් හෝ පහස විඳීමෙහි ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَمَنِ ابْتَغٰی وَرَآءَ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْعٰدُوْنَ ۟ۚ
එහෙයින් කවරෙකු බිරියන් හෝ ඔවුන් සතු වූ වහලියන් හෝ සමග හැර වෙනත් ආකාරයකින් පහස විඳීමට සොයන්නේ ද ඔහු අනුමත කළ පහස විඳීම් ඉක්මවා තහනම් කළ දෑ වෙත යමින් අල්ලාහ්ගේ සීමාවන් අබිබවා ගිය අයකු වන්නේය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَالَّذِیْنَ هُمْ لِاَمٰنٰتِهِمْ وَعَهْدِهِمْ رٰعُوْنَ ۟ۙ
ඔවුන් වනාහි, අල්ලාහ් ඔවුනට යමක් පැවරූ කල්හි හෝ ඔහුගේ ගැත්තන් ඔවුනට යමක් පැවරූ කල්හි ඔවුන්ගේ ගිවිසුම් කඩ නොකර ඒවා නිසි අයුරින් ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුහු ඒවා ඉටු කරති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَالَّذِیْنَ هُمْ عَلٰی صَلَوٰتِهِمْ یُحَافِظُوْنَ ۟ۘ
ඔවුන්ගේ සලාතය අඛණ්ඩ ව ඉටු කරමින් එය ආරක්ෂා කරති. නියමිත වේලාවන්හි එහි මූලිකාංගයන් අනිවාර්යය ක්රියාවන් හා සතුටුදායක ක්රියාවන් පිළිපදිමින් ඉටු කිරීමට වගබලා ගනිති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اُولٰٓىِٕكَ هُمُ الْوٰرِثُوْنَ ۟ۙ
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහුමය උරුමක්කරුවෝ වනුයේ.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
الَّذِیْنَ یَرِثُوْنَ الْفِرْدَوْسَ ؕ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
ඔවුහු උසස් ස්වර්ගය උරුම කර ගනිති. ඔවුහු එහි සදා රැඳී සිටිති. එහි ඔවුනට හිමි සැප පහසුකම් කිසිවිටෙක කප්පාදු කරනු නොලබති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ سُلٰلَةٍ مِّنْ طِیْنٍ ۟ۚ
මිනිස් පියාණන් වන ආදම් ව සැබැවින්ම අපි පසින් මැව්වෙමු. එය පොළොවේ පස් සමග මිශ්ර වූ ජලයෙන් මතු කර ගන්නා ලද පිරිසිදු පසින් ගන්නා ලද්දක් විය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ جَعَلْنٰهُ نُطْفَةً فِیْ قَرَارٍ مَّكِیْنٍ ۪۟
ඉන්පසු අපි ඔහුගේ පරපුර පරම්පරාවෙන් පරම්පරාවට, ප්රසූත වන අවස්ථාව දක්වාම ගර්භාෂයේ රැඳී පවතින ශුක්රාණුවෙන් මැව්වෙමු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظٰمًا فَكَسَوْنَا الْعِظٰمَ لَحْمًا ۗ— ثُمَّ اَنْشَاْنٰهُ خَلْقًا اٰخَرَ ؕ— فَتَبٰرَكَ اللّٰهُ اَحْسَنُ الْخٰلِقِیْنَ ۟ؕ
එම ශුක්රාණවෙන් පසුව ගර්භාෂයේ රැඳී පවතින රතු පැහැති ලේ කැටියක් මැව්වෙමු. පසුව එම රතු පැහැති ලේ කැටිය විකා දමන ලද මස් කැබැල්ලක් මෙන් මැව්වෙමු. පසුව එම මස් කැබැල්ලට එකිනෙකට බැඳුණු අස්ථි මැව්වෙමු. පසුව එම අස්ථි මසින් ඇන්ඳෙව්වෙමු. පසුව ඒ තුළට ප්රාණය පිඹිමින් එය ජීවී ව බැහැර කරමින් වෙනත් මැවීමක් ලෙස අපි නිර්මාණය කළෙමු. නිර්මාණකරුවන්ගෙන් වඩාත් අලංකාර මැවුම්කරු වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ اِنَّكُمْ بَعْدَ ذٰلِكَ لَمَیِّتُوْنَ ۟ؕ
අහෝ මිනිසුනි! සැබැවින්ම නුඹලා මෙම අදියරයන් පසු කළ පසු ව, නුඹලාගේ ආයු කාලය අවසන් වන අවස්ථාවේ නුඹලා මරණයට පත්වනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ثُمَّ اِنَّكُمْ یَوْمَ الْقِیٰمَةِ تُبْعَثُوْنَ ۟
අනතුරුව සැබැවින්ම නුඹලා මරණයට පත්වීමෙන් පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා මෙලොව කළ ක්රියාවන් සඳහා විනිශ්චය කරනු පිණිස නුඹලාගේ මිණිවලවල්වලින් නුඹලා යළි අවදි කරනු ලබනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآىِٕقَ ۖۗ— وَمَا كُنَّا عَنِ الْخَلْقِ غٰفِلِیْنَ ۟
අහෝ ජනයිනි! නුඹලාට ඉහළින් අහස් හතක් ඉකිනෙකට ඉහළින් පිහිටන සේ මැව්වෙමු. අපගේ මැවීම් පිළිබඳ අපි අනවධානීන් ලෙස නොසිටියෙමු. එමෙන්ම ඒවා අමතක කරන්නන් ලෙස නොසිටියෙමු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• للفلاح أسباب متنوعة يحسن معرفتها والحرص عليها.
•ජයග්රහණය සඳහා විවිධ හේතූන් ඇත. ඒවා හදුනා ගැනීමත් ඒ ගැන ආශාව ඇති කර ගැනීමත් යහපත් වනු ඇත.

• التدرج في الخلق والشرع سُنَّة إلهية.
•මැවීම්හි පියවරෙන් පියවර මැවීමත් ආගමික පිළිවෙත් පියවරෙන් පියවර නියම කිරීමත් දේව න්යායයකි.

• إحاطة علم الله بمخلوقاته.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ ඔහුගේ දැනුම සර්ව ප්රකාරයෙන් ආවරණය වන්නකි.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮುಅ್ ಮಿನೂನ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ