ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (18) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಲ್ -ಫುರ್ಕಾನ್
قَالُوْا سُبْحٰنَكَ مَا كَانَ یَنْۢبَغِیْ لَنَاۤ اَنْ نَّتَّخِذَ مِنْ دُوْنِكَ مِنْ اَوْلِیَآءَ وَلٰكِنْ مَّتَّعْتَهُمْ وَاٰبَآءَهُمْ حَتّٰی نَسُوا الذِّكْرَ ۚ— وَكَانُوْا قَوْمًا بُوْرًا ۟
නැමදුමට ලක්වූවෝ, "අපගේ පරමාධිපතියාණනි, ඔබට හවුල්කරුවකු වීමෙන් ඔබ පිවිතුරු ය. අපගේ භාරකාරත්වය පැවරීම සඳහා ඔබ හැර අන් කිසිවකු අප ගැනීම සුදුසු කාර්යයක් නොවීය. එසේ තිබියදී ඔබ අතහැර දමා අප නමදින මෙන් ඔබේ ගැත්තන්හට අප ඇරයුම් කර සිටිය හැක්කේ කෙසේද? නමුත් මෙම දේව ආදේශකයින්හට ඔබේ මතකය අමතක වී ඔබ සමග වෙනත් කෙනෙකු ඔවුන් නමදින තුරු ඔවුන් පියවරෙන් පියවර මෙලොව ආශාවන්ගෙන් භුක්ති විඳින්නට ඔබ සැලැස්වූයෙහිය. ඔවුනට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන්හටද භුක්ති විඳින්නට සැලැස්වූයෙහිය. ඔවුන්ගේ අභාග්යවන්තකම නිසා ඔවුහු විනාශ වී ගිය පිරිසක් බවට පත් වූහ." යැයි පවසන්නෝය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• الجمع بين الترهيب من عذاب الله والترغيب في ثوابه.
•අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වැද්දීම හා ඔහුගේ තිළිණ ගැන ආශාව ඇති කිරීම අතර ඒකාබද්ධ කිරීම.

• متع الدنيا مُنْسِية لذكر الله.
•මෙලොව වින්දනය අල්ලාහ් ව පවා මෙනෙහි කිරීම අමතක කර දමන්නකි.

• بشرية الرسل نعمة من الله للناس لسهولة التعامل معهم.
•ජනයා දූතවරුන් සමග කටයුතු කිරීමට පහසු වනු පිණිස එම දූතවරුන්ගේ ශුභාරංචිය ඔවුන් වෙනුවෙන් අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයකි.

• تفاوت الناس في النعم والنقم اختبار إلهي لعباده.
•(සුව පහසුකම්, සැප සම්පත් වැනි) භාග්යයන් හා (දුක් කරදර, අනතුරු ආබාධ වැනි) අභාග්යයන් තුළ මිනිසුන් අතර පවතින වෙනස්කම් ගැත්තන් සඳහා වූ දේව පරීක්ෂණයකි.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (18) ಅಧ್ಯಾಯ: ಸೂರ ಅಲ್ -ಫುರ್ಕಾನ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ಮುಚ್ಚಿ