ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (45) ಅಧ್ಯಾಯ: ಸೂರ ಫುಸ್ಸಿಲತ್
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ فَاخْتُلِفَ فِیْهِ ؕ— وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ وَاِنَّهُمْ لَفِیْ شَكٍّ مِّنْهُ مُرِیْبٍ ۟
සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. නමුත් එහි මතභේද හට ගැනිණ. ඔවුන් අතරින් එය විශ්වාස කරන්නන් සිටි අතර එය ප්රතික්ෂේප කරන්නන් ද සිටියහ. ඔවුන් කවර විෂයක මතභේද ඇති කර ගත්තේද, එම විෂයයෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් අතර වෙන් කරන බවට අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් නොවී නම් එසේ මතභේද ඇති කරගත්තන්හට තව්රාතයේම තීන්දුවක් ගෙන සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන් දැයි පැහැදිලි කරන්නට තිබුණි. එවිට සත්යවාදිය ගෞරවයට පත් කරනු ලැබ අසත්යවාදියා අපහාසයට ලක්වනු ඇත. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් අල් කුර්ආනය විෂයයෙහි දැඩි සැකයෙහි පසුවෙති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• حَفِظ الله القرآن من التبديل والتحريف، وتَكَفَّل سبحانه بهذا الحفظ، بخلاف الكتب السابقة له.
•අල් කුර්ආනය වෙනස් කිරීමෙන් හා විකෘති කිරීමෙන් අල්ලාහ් එය ආරක්ෂා කළේය. ඔහු සතු පෙර පහළ වූ දිව්යමය ග්රන්ථවලට වෙනස් ව අල් කුර්ආනය ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් භාරගත්තේය.

• قطع الحجة على مشركي العرب بنزول القرآن بلغتهم.
•අල් කුර්ආනය අරාබිවරුන්ගේ බසින් පහළ කිරීම තුළින් අරාබි අදේශකයින්ගේ සාධක මැඩලීම.

• نفي الظلم عن الله، وإثبات العدل له.
•අසාධාරණකම අල්ලාහ්ට නැති බවත් සාධාරණකම ඔහුට ස්ථාවර බවත් සහතික කිරීම.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (45) ಅಧ್ಯಾಯ: ಸೂರ ಫುಸ್ಸಿಲತ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ಮುಚ್ಚಿ