Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಕಮರ್   ಶ್ಲೋಕ:
وَمَاۤ اَمْرُنَاۤ اِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ ۟
අප යම් දෙයක් සිතූ විට අපගේ නියෝගය කුන් -වනු- යැයි ප්රකාශ කිරීම පමණි. එවිට ඇසි පිය ගසන වේගයෙන් අප සිතූ දෑ සිදුවනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَلَقَدْ اَهْلَكْنَاۤ اَشْیَاعَكُمْ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟
දේව ප්රතික්ෂේපයේ සිටි නුඹලා මෙන් වූ ඉකුත් වී ගිය සමූහයන් සැබැවින්ම අපි විනාශ කළෙමු. එමගින් පාඩම් ලබා එම දේව ප්රතික්ෂේපයෙන් දුරස් වන කිසිවෙකු හෝ වෙත් ද?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَكُلُّ شَیْءٍ فَعَلُوْهُ فِی الزُّبُرِ ۟
ගැත්තන් සිදු කළ සියලු ක්රියාවන් ආරක්ෂිත ලේඛනයේ සටහන් කරනු ලබනු ඇත. ඔවුන් ගැන කිසිවක් එහි මග හැරී යන්නේ නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَكُلُّ صَغِیْرٍ وَّكَبِیْرٍ مُّسْتَطَرٌ ۟
ක්රියා හා ප්රකාශ අතරින් සියලුම සුළු හා මහා දෑ ක්රියා ලේඛනයන්හි හා ආරක්ෂිත පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. ඒ සඳහා ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّنَهَرٍ ۟ۙ
සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කළවුන් වනාහි, සුවපහසුකම් විඳින ස්වර්ග උයන් හා ගලා යන ගංගාවන් අතර සිටිති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فِیْ مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِیْكٍ مُّقْتَدِرٍ ۟۠
ඔවුන් සැබෑ සභා ගර්භයේ සිටිති. එහි කිසිදු හාස්යයක් හෝ පාපයක් හෝ නැත. සියලු දේ සතු රජු අබියසය. කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අබියසය. ඔහුගෙන් ඔවුන් ලබන සදාතනික සුවපහසුකම් ගැන විමසනු නොලබනු ඇත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• كتابة الأعمال صغيرها وكبيرها في صحائف الأعمال.
•ක්රියාවන් අතරින් සුළු හා මහා සියලු ක්රියාවන් ක්රියා ලේඛනයන්හි සටහන් කෙරේ.

• ابتداء الرحمن بذكر نعمه بالقرآن دلالة على شرف القرآن وعظم منته على الخلق به.
•අල් කුර්ආනයේ මහිමය පෙන්වා දෙන පරිදි හා ඔහු තම මැවීම්වලට පිරිනමා ඇති දායාදවල ඉමහත්කම පෙන්වා දෙන පරිදි අල් කුර්ආනය තුළින් එම ආශිර්වාද හා දායාද මෙනෙහි කරමින් මහා කාරුණිකයාණන් ආරම්භ කර ඇත.

• مكانة العدل في الإسلام.
•ඉස්ලාමය තුළ සාධාරණත්වයේ ස්ථාවරය.

• نعم الله تقتضي منا العرفان بها وشكرها، لا التكذيب بها وكفرها.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඒවා මැනවින් වටහා ගෙන ඒවාට කෘතවේදී වන ලෙසත් ඒවා බොරු කර ප්රතික්ෂේප නොකරන ලෙසත් අපගෙන් ඉල්ලා සිටියි.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಕಮರ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ