Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್- ಕಲಮ್   ಶ್ಲೋಕ:
خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— وَقَدْ كَانُوْا یُدْعَوْنَ اِلَی السُّجُوْدِ وَهُمْ سٰلِمُوْنَ ۟
ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය හා අපහාසය ඔවුන් වෙළාගෙන තිබේ. ඔවුන් මෙලොවෙහි සුවෙන් සිටිය දී අල්ලාහ්ට සුජූද් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීම් කරනු ලැබුවෝය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَذَرْنِیْ وَمَنْ یُّكَذِّبُ بِهٰذَا الْحَدِیْثِ ؕ— سَنَسْتَدْرِجُهُمْ مِّنْ حَیْثُ لَا یَعْلَمُوْنَ ۟ۙ
අහෝ දූතය, ඔබ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය බොරු කරන්නන් මා සමග අතහැර දමනු. සැබැවින්ම එය සැළසුම් සහගත හා පිළිවෙලෙන් ඇති වන්නක් බව ඔවුන් නොහඳුනන පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් දඬුවම වෙත ගෙන යන්නෙමු.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَاُمْلِیْ لَهُمْ ؕ— اِنَّ كَیْدِیْ مَتِیْنٌ ۟
ඔවුන් ඔවුන්ගේ පාපකමෙහි පැටලෙන්නට ටික කලක් මම ඔවුනට අවකාශය දෙමි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා බොරු කරන්නන් මත වූ මාගේ සැළසුම ඉතා බලවත්ය. එහෙයින් මගෙන් මිදීමට හෝ මාගේ දඬුවමින් නිදහස් වන්නට හෝ ඔවුනට නොහැක.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اَمْ تَسْـَٔلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَ ۟ۚ
අහෝ ධර්ම දූතය, ඔබ ඔවුන් කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සඳහා නුඹ යම් තිළිණයක් ඔවුන්ගෙන් පතා ඒ හේතුවෙන් බලවත් කරුණක් ඔවුන් උසුලා, නුඹව ඔවුන් පිටු දැකීමට එය හේතුවක් වීද? සිදු ව ඇත්තේ එයට පටහැනි දෙයකි. නුඹ ඔවුන්ගෙන් කිසිදු කුලියක් නො පතන්නෙහිය. එසේනම්, නුඹව අනුගමනය කිරීමෙන් ඔවුන් වළක්වාලන්නේ කුමක් ද?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
اَمْ عِنْدَهُمُ الْغَیْبُ فَهُمْ یَكْتُبُوْنَ ۟
එසේ නැතහොත් ඔවුනට ගුප්ත ඥානය තිබී, කවර කරුණක් ඔවුන් ඔබ සමග වාද කරන්නේ ද එවන් සාධක අතරින් ඔවුනට අනුමත කරන යමක් ඔවුහු ලියන්නෝ ද?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوْتِ ۘ— اِذْ نَادٰی وَهُوَ مَكْظُوْمٌ ۟ؕ
අහෝ දූතය, ඔවුන් පියවරෙන් පියවර හසුකර ගැනීම සඳහා ඔවුන් අතහැර දමන මෙන් ඔබේ පරමාධිපති කළ තීන්දුව ගැන ඔබ ඉවසීමෙන් සිටිනු. තම සමූහයා අතරින් ඉවත් ව ගිය මත්සය කතාවට අදාළ යූනුස් අලය්හිස් සලාම් තුමා මෙන් ඔබ නොවනු. එවිට ඔහු මත්ස කුස අඳුරෙහි හා සාගර අඳුරෙහි පීඩාවට පත්ව තම පරමාධිපති ඇමතූහ.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
لَوْلَاۤ اَنْ تَدٰرَكَهٗ نِعْمَةٌ مِّنْ رَّبِّهٖ لَنُبِذَ بِالْعَرَآءِ وَهُوَ مَذْمُوْمٌ ۟
අල්ලාහ්ගේ දයාව හා කරුණාව ඔහුට නොලැබුණේ නම් ඔහු ශාප කරනු ලැබ නිසරු භූමියකට එම මත්සයා ඔහුව ගොඩ දමන්නට තිබුණි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَاجْتَبٰىهُ رَبُّهٗ فَجَعَلَهٗ مِنَ الصّٰلِحِیْنَ ۟
ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගෙන ඔහුගේ දැහැමි ගැත්තන් අතරට පත් කළේය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَاِنْ یَّكَادُ الَّذِیْنَ كَفَرُوْا لَیُزْلِقُوْنَكَ بِاَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَیَقُوْلُوْنَ اِنَّهٗ لَمَجْنُوْنٌ ۟ۘ
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළවුන් වනාහි, ඔවුන් නුඹ වෙත තියුණු හා දරුණු බැල්මක් හෙළා නුඹව හසු කරන්නට බලති. නමුත් නුඹ වෙත පහළ කරන ලද මෙම කුර්ආනයට ඔවුන් සවන් දුන් කල්හි ඔවුන් තම ආශාවන් පිළිපදිමින් සත්ය පිටු දකිමින් මෙය ගෙන ආ දූතයා උම්මත්තකයකු යැයි පවසති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟۠
නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනය මිනිස් වර්ගයාට හා ජින් වර්ගයාට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මිස නැත.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• الصبر خلق محمود لازم للدعاة وغيرهم.
•ඉවසීම ආගමික ඇරයුම් කටයුතුවල නිරත වන්නන් හා සෙසු අයට ද අනිවාර්යය වන ප්රශංසනීය ගුණාංගයකි.

• التوبة تَجُبُّ ما قبلها وهي من أسباب اصطفاء الله للعبد وجعله من عباده الصالحين.
•පාපක්ෂමාවෙහි නිරත වීම ඊට කළින් පැවති දෑ ඉක්මවා යනු ඇත. තවද එය ගැත්තාට අල්ලාහ් තෝරා දුන් සාධකයකි. එය ඔහු ව දැහැමි ගැත්තන් අතරට පත් කරනු ඇත.

• تنوّع ما يرسله الله على الكفار والعصاة من عذاب دلالة على كمال قدرته وكمال عدله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා පාපකම් සිදු කරන්නන් හට විවිධාකාර දඬුවම් අල්ලාහ් එවන්නේය. එය ඔහුගේ බලයේ පූර්ණභාවය හා සාධාරණත්වයේ පූර්ණ භාවය පෙන්වා දෙන්නකි.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್- ಕಲಮ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ