Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቀለም   አንቀጽ:
خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— وَقَدْ كَانُوْا یُدْعَوْنَ اِلَی السُّجُوْدِ وَهُمْ سٰلِمُوْنَ ۟
ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය හා අපහාසය ඔවුන් වෙළාගෙන තිබේ. ඔවුන් මෙලොවෙහි සුවෙන් සිටිය දී අල්ලාහ්ට සුජූද් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීම් කරනු ලැබුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذَرْنِیْ وَمَنْ یُّكَذِّبُ بِهٰذَا الْحَدِیْثِ ؕ— سَنَسْتَدْرِجُهُمْ مِّنْ حَیْثُ لَا یَعْلَمُوْنَ ۟ۙ
අහෝ දූතය, ඔබ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය බොරු කරන්නන් මා සමග අතහැර දමනු. සැබැවින්ම එය සැළසුම් සහගත හා පිළිවෙලෙන් ඇති වන්නක් බව ඔවුන් නොහඳුනන පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් දඬුවම වෙත ගෙන යන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاُمْلِیْ لَهُمْ ؕ— اِنَّ كَیْدِیْ مَتِیْنٌ ۟
ඔවුන් ඔවුන්ගේ පාපකමෙහි පැටලෙන්නට ටික කලක් මම ඔවුනට අවකාශය දෙමි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා බොරු කරන්නන් මත වූ මාගේ සැළසුම ඉතා බලවත්ය. එහෙයින් මගෙන් මිදීමට හෝ මාගේ දඬුවමින් නිදහස් වන්නට හෝ ඔවුනට නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ تَسْـَٔلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَ ۟ۚ
අහෝ ධර්ම දූතය, ඔබ ඔවුන් කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සඳහා නුඹ යම් තිළිණයක් ඔවුන්ගෙන් පතා ඒ හේතුවෙන් බලවත් කරුණක් ඔවුන් උසුලා, නුඹව ඔවුන් පිටු දැකීමට එය හේතුවක් වීද? සිදු ව ඇත්තේ එයට පටහැනි දෙයකි. නුඹ ඔවුන්ගෙන් කිසිදු කුලියක් නො පතන්නෙහිය. එසේනම්, නුඹව අනුගමනය කිරීමෙන් ඔවුන් වළක්වාලන්නේ කුමක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ عِنْدَهُمُ الْغَیْبُ فَهُمْ یَكْتُبُوْنَ ۟
එසේ නැතහොත් ඔවුනට ගුප්ත ඥානය තිබී, කවර කරුණක් ඔවුන් ඔබ සමග වාද කරන්නේ ද එවන් සාධක අතරින් ඔවුනට අනුමත කරන යමක් ඔවුහු ලියන්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوْتِ ۘ— اِذْ نَادٰی وَهُوَ مَكْظُوْمٌ ۟ؕ
අහෝ දූතය, ඔවුන් පියවරෙන් පියවර හසුකර ගැනීම සඳහා ඔවුන් අතහැර දමන මෙන් ඔබේ පරමාධිපති කළ තීන්දුව ගැන ඔබ ඉවසීමෙන් සිටිනු. තම සමූහයා අතරින් ඉවත් ව ගිය මත්සය කතාවට අදාළ යූනුස් අලය්හිස් සලාම් තුමා මෙන් ඔබ නොවනු. එවිට ඔහු මත්ස කුස අඳුරෙහි හා සාගර අඳුරෙහි පීඩාවට පත්ව තම පරමාධිපති ඇමතූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوْلَاۤ اَنْ تَدٰرَكَهٗ نِعْمَةٌ مِّنْ رَّبِّهٖ لَنُبِذَ بِالْعَرَآءِ وَهُوَ مَذْمُوْمٌ ۟
අල්ලාහ්ගේ දයාව හා කරුණාව ඔහුට නොලැබුණේ නම් ඔහු ශාප කරනු ලැබ නිසරු භූමියකට එම මත්සයා ඔහුව ගොඩ දමන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاجْتَبٰىهُ رَبُّهٗ فَجَعَلَهٗ مِنَ الصّٰلِحِیْنَ ۟
ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගෙන ඔහුගේ දැහැමි ගැත්තන් අතරට පත් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ یَّكَادُ الَّذِیْنَ كَفَرُوْا لَیُزْلِقُوْنَكَ بِاَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَیَقُوْلُوْنَ اِنَّهٗ لَمَجْنُوْنٌ ۟ۘ
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළවුන් වනාහි, ඔවුන් නුඹ වෙත තියුණු හා දරුණු බැල්මක් හෙළා නුඹව හසු කරන්නට බලති. නමුත් නුඹ වෙත පහළ කරන ලද මෙම කුර්ආනයට ඔවුන් සවන් දුන් කල්හි ඔවුන් තම ආශාවන් පිළිපදිමින් සත්ය පිටු දකිමින් මෙය ගෙන ආ දූතයා උම්මත්තකයකු යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟۠
නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනය මිනිස් වර්ගයාට හා ජින් වර්ගයාට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصبر خلق محمود لازم للدعاة وغيرهم.
•ඉවසීම ආගමික ඇරයුම් කටයුතුවල නිරත වන්නන් හා සෙසු අයට ද අනිවාර්යය වන ප්රශංසනීය ගුණාංගයකි.

• التوبة تَجُبُّ ما قبلها وهي من أسباب اصطفاء الله للعبد وجعله من عباده الصالحين.
•පාපක්ෂමාවෙහි නිරත වීම ඊට කළින් පැවති දෑ ඉක්මවා යනු ඇත. තවද එය ගැත්තාට අල්ලාහ් තෝරා දුන් සාධකයකි. එය ඔහු ව දැහැමි ගැත්තන් අතරට පත් කරනු ඇත.

• تنوّع ما يرسله الله على الكفار والعصاة من عذاب دلالة على كمال قدرته وكمال عدله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා පාපකම් සිදු කරන්නන් හට විවිධාකාර දඬුවම් අල්ලාහ් එවන්නේය. එය ඔහුගේ බලයේ පූර්ණභාවය හා සාධාරණත්වයේ පූර්ණ භාවය පෙන්වා දෙන්නකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቀለም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት