Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቀለም   አንቀጽ:
اِنَّا بَلَوْنٰهُمْ كَمَا بَلَوْنَاۤ اَصْحٰبَ الْجَنَّةِ ۚ— اِذْ اَقْسَمُوْا لَیَصْرِمُنَّهَا مُصْبِحِیْنَ ۟ۙ
සැබැවින්ම දුප්පත් ජනයාට ආහාර නොලැබෙන පරිදි හදිසියේම තමන් උදෑසනම ඵල නෙළන්න ගිය වතු වාසීන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් දෙවියන්ට ආදේශ තබන මොවුන්වද නියඟය හා සාගතයෙන් අපි පරීක්ෂාවට ලක් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا یَسْتَثْنُوْنَ ۟
ඔවුන් ඔවුන්ගේ සපථය තුළ ඉන්ෂා අල්ලාහ් යන ප්රකාශය වෙන් කර පැවසුවේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَطَافَ عَلَیْهَا طَآىِٕفٌ مِّنْ رَّبِّكَ وَهُمْ نَآىِٕمُوْنَ ۟
ඒ වෙත අල්ලාහ් ගින්නක් එවීය. එහි හිමිකරුවන් නිදමින් සිටිය දී ගින්න එම වතු විනාශ කර දැමීය. ඇවිළෙන ගින්න වළක්වා ගැනීමට ඔවුනට නොහැකි විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَصْبَحَتْ كَالصَّرِیْمِ ۟ۙ
එය අඳුරු රාත්රිය මෙන් කළු වී ගියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَتَنَادَوْا مُصْبِحِیْنَ ۟ۙ
උදෑසන කාලයේ ඔවුන් ඇතැමෙක් ඇතැමෙකු අමතන්නට විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنِ اغْدُوْا عَلٰی حَرْثِكُمْ اِنْ كُنْتُمْ صٰرِمِیْنَ ۟
"නුඹලා එහි අස්වැනු නෙළන්නට යන්නෙහු නම් දිළිඳුන් පැමිණීමට පෙර නුඹලාගේ අස්වැනු වෙත උදෑසනින්ම පිටත්ව යන්නැ"යි පවසා සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَانْطَلَقُوْا وَهُمْ یَتَخَافَتُوْنَ ۟ۙ
ඔවුහු ඇතැමෙක් ඇතැමෙකු සමග ඉතා පහත් හඬින් කතා කරමින් ඔවුන්ගේ ගොවිබිම වෙත විගස ගියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنْ لَّا یَدْخُلَنَّهَا الْیَوْمَ عَلَیْكُمْ مِّسْكِیْنٌ ۟ۙ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ට, "අද දින කිසිදු දුප්පතෙකු නුඹලා සමග වතුයායට නොවිපිසිය යුතු යැ"යි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّغَدَوْا عَلٰی حَرْدٍ قٰدِرِیْنَ ۟
ඔවුන්ගෙන් අස්වනු වළක්වා ගත හැකිය යන විශ්වාසය මත ඔවුහු උදෑසනම යුහුසුළුව ගියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَمَّا رَاَوْهَا قَالُوْۤا اِنَّا لَضَآلُّوْنَ ۟ۙ
එය ගිනිබත් වී තිබෙනු ඔවුන් දෑසින් දුටු කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට, "එහි මාර්ගය අපට වැරදී ඇතැ"යි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟
"එසේ නොව, අපට හිමි අස්වැන්නෙන් අපි දුප්පතුන් වළක්වාලීමට තීරණය කළ බැවින් එහි ඵලදාව නෙළා ගැනීමෙන් අප වළක්වනු ලැබූවෙමු."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ اَوْسَطُهُمْ اَلَمْ اَقُلْ لَّكُمْ لَوْلَا تُسَبِّحُوْنَ ۟
ඔවුන් අතර සිටි උදාර පුද්ගලයෙක්: 'ඒවා දිළිඳුන්ට තහනම් කිරීමට නුඹලා තීරණය කළ අවස්ථාවේ නුඹලා අල්ලාහ් ව සුවිශුද්ධ කර, ඔහු වෙත නුඹලා පාපක්ෂමාවෙහි නිරත විය යුතු නොවේද?' යැයි මම නුඹලාට නොපැවසුවෙම්ද?"යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا سُبْحٰنَ رَبِّنَاۤ اِنَّا كُنَّا ظٰلِمِیْنَ ۟
"අපගේ පරමාධිපති සුවිශුද්ධය.අපේ වතු ඵලදාවෙන් දුප්පත් දිළිඳු ජනතාව වැළැක්වීමට අපි තීරණය කළ අවස්ථාවේ සැබැවින්ම අපි අපටම අපරාධ කර ගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَقْبَلَ بَعْضُهُمْ عَلٰی بَعْضٍ یَّتَلَاوَمُوْنَ ۟
අපහාසාත්මක ලෙසින් ඔවුන් එකිනෙකාට කතා හුවමාරු කර ගනිමින් ඉදිරියට ආවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا یٰوَیْلَنَاۤ اِنَّا كُنَّا طٰغِیْنَ ۟
ඔවුන් කනස්සල්ලෙන්, "අහෝ අපට සිදු වූ අලාභහානිය. දුප්පත් දිළිඳු ජනතාවගේ උරුමය තහනම් කිරීමෙන් අපි සීමාව ඉක්මවා කටයුතු කර ඇත්තෙමු" යැයි පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَسٰی رَبُّنَاۤ اَنْ یُّبْدِلَنَا خَیْرًا مِّنْهَاۤ اِنَّاۤ اِلٰی رَبِّنَا رٰغِبُوْنَ ۟
අපගේ පරමාධිපතියාණන් මෙම වත්තට වඩා යහපත් දෙයක් අපට පෙරළා දිය හැකිය. සැබැවින්ම අපි අල්ලාහ් වෙත පමණක් කැමැත්තෙන් යොමු වෙමු. ඔහුගෙන් අපි සමාව අපේක්ෂා කරමු. ඔහුගෙන් යහපත පතමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ الْعَذَابُ ؕ— وَلَعَذَابُ الْاٰخِرَةِ اَكْبَرُ ۘ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟۠
පොෂණ සම්පත් වැළැක්වීමෙන් මෙම දඬුවම ඔවුනට අත්වූවාක් මෙන් අපට පිටුපාන්නන්හට ද දඬුවම් කරන්නෙමු. මතුලොව දඬුවම අති බිහිසුණුය. එහි බිහිසුණුකම හා සදාතනිකත්වය වටහා ගන්නේ නම් මැනවි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ لِلْمُتَّقِیْنَ عِنْدَ رَبِّهِمْ جَنّٰتِ النَّعِیْمِ ۟
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මුත්තකීන්වරුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් එහි භුක්ති විදින සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. ඔවුන්ගේ සුවපහසුකම් විසන්ධි වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَنَجْعَلُ الْمُسْلِمِیْنَ كَالْمُجْرِمِیْنَ ۟ؕ
මක්කාවාසී අදේශ කරන්නන් සිතනවාක් මෙන් ප්රතිඵල පිරිනැමීමෙහි දෙවියන් ප්රතික්ෂේ කරන්නන් මෙන් මුස්ලිම්වරුන්ව අප පත් කරන්නෙමු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا لَكُمْ ۫— كَیْفَ تَحْكُمُوْنَ ۟ۚ
අහෝ දෙවියන්ට ආදේශ තබන අයවලුනි! නුඹලාට කුමක් වීද? මෙම වංක හා වැරදි තීන්දුව නුඹලා තීරණය කරනුයේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَكُمْ كِتٰبٌ فِیْهِ تَدْرُسُوْنَ ۟ۙ
අවනත වන්නා හා පිටුපාන්නා අතර සමානකම් ඇති බවට නුඹලා කියවන පුස්තකයක් එහි නුඹලාට තිබේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ لَكُمْ فِیْهِ لَمَا تَخَیَّرُوْنَ ۟ۚ
මතුලොවෙහි නුඹලා වෙනුවෙන් නුඹලා තෝරා ගන්නා යමක් එම පුස්තකයේ සැබැවින්ම නුඹලාට තිබේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَكُمْ اَیْمَانٌ عَلَیْنَا بَالِغَةٌ اِلٰی یَوْمِ الْقِیٰمَةِ ۙ— اِنَّ لَكُمْ لَمَا تَحْكُمُوْنَ ۟ۚ
නුඹලා වෙනුවෙන් නුඹලාට තීන්දු දිය හැකි යමක් නුඹලා සතු ව ඇතැයි අප වෙත තීන්දු කරන ලද ස්ථීර ගිවිසුම් නුඹලාට තිබේ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَلْهُمْ اَیُّهُمْ بِذٰلِكَ زَعِیْمٌ ۟ۚۛ
අහෝ දූතය, මෙම ප්රකාශය පවසන්නන්ගෙන්, ‘ඒ පිළිබඳ භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවරෙකු දැ'යි විමසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَهُمْ شُرَكَآءُ ۛۚ— فَلْیَاْتُوْا بِشُرَكَآىِٕهِمْ اِنْ كَانُوْا صٰدِقِیْنَ ۟
ප්රතිඵල පිරිනැමීමේ දී දෙවියන් විශ්වාස කරන්නන් සමග ඔවුන් සමානුපාතිකව පිරිනමන අල්ලාහ් නොවන වෙනත් හවුල්කරුවන් ඔවුනට සිටීද? එසේ නම් ප්රතිඵල පිරිනැමීමේදී දේව විශ්වාසීන් සමග ඔවුනට සමානුපාතිකව පිරිනමන හවුල් කරුවන් ඇතැයි වාද කරන ඔවුන් සත්යවාදීහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ගෙන එත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یُكْشَفُ عَنْ سَاقٍ وَّیُدْعَوْنَ اِلَی السُّجُوْدِ فَلَا یَسْتَطِیْعُوْنَ ۟ۙ
මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ අර්බුද හට ගැනේ. අපගේ පරමාධිපති ඔහුගේ කෙණ්ඩය නිරාවරණය කරයි. සුජූද් කිරීම සඳහා ජනයාට ඇරයුම් කරනු ලබයි. එවිට දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් සුජූද් කරන අතර දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකයින් සුජූද් කිරීමට නොහැකිව රැඳී සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• منع حق الفقير سبب في هلاك المال.
•දුප්පත් දිළිඳුන්ගේ උරුමය වළක්වා ලීම ධනය විනාශවී යෑමට හේතුවකි.

• تعجيل العقوبة في الدنيا من إرادة الخير بالعبد ليتوب ويرجع.
•මෙලොවෙහි දඬුවම ඉක්මන් කිරීම යනු ගැත්තා පශ්චාත්තාපයේ යෙදී පාපයෙන් මිදීම යන යහපත අපේක්ෂා කිරීමක් වේ.

• لا يستوي المؤمن والكافر في الجزاء، كما لا تستوي صفاتهما.
•දෙවියන් විශ්වාස කරන්නා හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා යන දෙදෙනාගේ ගතිගුණ එක හා සමාන නොවන්නාක් මෙන්ම ප්රතිඵල පිරිනැමීමේදී ද ඔවුන් දෙදෙනා සමාන නොවෙති.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቀለም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት