Check out the new design

ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮುದ್ದಸ್ಸಿರ್   ಶ್ಲೋಕ:
فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشّٰفِعِیْنَ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මලක්වරුන් නබිවරුන් හා දැහැමියන්ගේ මැදිහත් වීම ඔවුනට ප්රයෝජනවත් නො වන්නේය. ඊට හේතුව මැදිහත් වීම පිළිගැනීමේ කොන්දේසි අතරින් මැදිහත් වනු ලබන්නා ගැන තෘප්තිය ද පිහිටිය යුතු බැවිණි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِیْنَ ۟ۙ
දෙවියන්ට ආදේශ තබන මොවුන් අල් කුර්ආනය පිටුපාන්නන් බවට පත් කළේ කවර කරුණක් ද?
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَاَنَّهُمْ حُمُرٌ مُّسْتَنْفِرَةٌ ۟ۙ
ඔවුන්ගේ පිටු දැකීම හා පලා යෑම දැඩිසේ බියෙන් පලා යන කැලෑ බූරුවන් මෙන් පවතී.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَرَّتْ مِنْ قَسْوَرَةٍ ۟ؕ
උන් සිංහයාට බිය වී උගෙන් පලා යති.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
بَلْ یُرِیْدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ اَنْ یُّؤْتٰی صُحُفًا مُّنَشَّرَةً ۟ۙ
එම ආදේශ තබන්නන් සෑම කෙනෙකුම, ‘සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් වේ’ යැයි දන්වා සිටින දිගු හරින ලද ලේඛනයක් තම හිස අබියස මතු විය යුතු යැයි අපේක්ෂා කරති. එය සාක්ෂි අඩුකම හේතුවෙන් හෝ සාධක දුර්වලකම හේතුවෙන් නොව, ඔවුන්ගේ මුරණ්ඩුකම හා අහංකාරකම හේතුවෙනි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَلَّا ؕ— بَلْ لَّا یَخَافُوْنَ الْاٰخِرَةَ ۟ؕ
කරුණ එසේ නොව, එයට හේතුව ඔවුන්ගේ මුළාවෙහි ඔවුන් මුරණ්ඩුකමින් සිටි බැවිනි. සැබැවින්ම ඔවුන් මතුලොව දඬුවම පිළිබඳ විශ්වාස නොකරති. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටියෝය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
كَلَّاۤ اِنَّهٗ تَذْكِرَةٌ ۟ۚ
දැනගන්න. සැබැවින්ම අල් කුර්ආනය උපදෙසක් මෙන්ම මතක් කිරීමකි.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
فَمَنْ شَآءَ ذَكَرَهٗ ۟ؕ
අල් කුර්ආනය කියවා එමගින් උපදෙස් ලබන්නට අභිමත කරන්නන් එමගින් උපදෙස් ලබත්වා!
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
وَمَا یَذْكُرُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ— هُوَ اَهْلُ التَّقْوٰی وَاَهْلُ الْمَغْفِرَةِ ۟۠
ඔවුන් උපදෙස් ලබන්නට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුන් උපදෙස් නොලබනු ඇත. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසුවීමට ඔහුම සුදුස්සා වේ. එමෙන්ම තම ගැත්තන් ඔහු වෙත පාපක්ෂමාව අයැද සිටින විට, ඔවුන්ගේ පාපකම්වලට සමාව දීමට ඔහුම වඩාත් සුදුස්සා වේ.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
•මිනිසාගේ අභිමතය බැදී පවතිනුයේ අල්ලාහ්ගේ අභිමතය සමගය.

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
•තමන් වෙත එවන ලද දේව පණිවිඩ කටපාඩම් කර ගැනීම සඳහා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට තිබූ ආශාව හා උනන්දුව. කිසිවක් අමතක නොවන පරිදි ඔහුගේ සිත් තුළ එක් තැන් කිරීමේ හා එය ධාරණය කරවීමේ වගකීම අල්ලාහ් භාර ගෙන තිබීම.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಅಧ್ಯಾಯ: ಅಲ್ -ಮುದ್ದಸ್ಸಿರ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

ಪ್ರಕಾಶನ - ಕುರ್‌ಆನ್ ತಫ್ಸೀರ್ ಸ್ಟಡಿ ಸೆಂಟರ್

ಮುಚ್ಚಿ