Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙደሲር   አንቀጽ:
فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشّٰفِعِیْنَ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මලක්වරුන් නබිවරුන් හා දැහැමියන්ගේ මැදිහත් වීම ඔවුනට ප්රයෝජනවත් නො වන්නේය. ඊට හේතුව මැදිහත් වීම පිළිගැනීමේ කොන්දේසි අතරින් මැදිහත් වනු ලබන්නා ගැන තෘප්තිය ද පිහිටිය යුතු බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِیْنَ ۟ۙ
දෙවියන්ට ආදේශ තබන මොවුන් අල් කුර්ආනය පිටුපාන්නන් බවට පත් කළේ කවර කරුණක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَاَنَّهُمْ حُمُرٌ مُّسْتَنْفِرَةٌ ۟ۙ
ඔවුන්ගේ පිටු දැකීම හා පලා යෑම දැඩිසේ බියෙන් පලා යන කැලෑ බූරුවන් මෙන් පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَرَّتْ مِنْ قَسْوَرَةٍ ۟ؕ
උන් සිංහයාට බිය වී උගෙන් පලා යති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ یُرِیْدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ اَنْ یُّؤْتٰی صُحُفًا مُّنَشَّرَةً ۟ۙ
එම ආදේශ තබන්නන් සෑම කෙනෙකුම, ‘සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් වේ’ යැයි දන්වා සිටින දිගු හරින ලද ලේඛනයක් තම හිස අබියස මතු විය යුතු යැයි අපේක්ෂා කරති. එය සාක්ෂි අඩුකම හේතුවෙන් හෝ සාධක දුර්වලකම හේතුවෙන් නොව, ඔවුන්ගේ මුරණ්ඩුකම හා අහංකාරකම හේතුවෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّا ؕ— بَلْ لَّا یَخَافُوْنَ الْاٰخِرَةَ ۟ؕ
කරුණ එසේ නොව, එයට හේතුව ඔවුන්ගේ මුළාවෙහි ඔවුන් මුරණ්ඩුකමින් සිටි බැවිනි. සැබැවින්ම ඔවුන් මතුලොව දඬුවම පිළිබඳ විශ්වාස නොකරති. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටියෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّاۤ اِنَّهٗ تَذْكِرَةٌ ۟ۚ
දැනගන්න. සැබැවින්ම අල් කුර්ආනය උපදෙසක් මෙන්ම මතක් කිරීමකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ شَآءَ ذَكَرَهٗ ۟ؕ
අල් කුර්ආනය කියවා එමගින් උපදෙස් ලබන්නට අභිමත කරන්නන් එමගින් උපදෙස් ලබත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یَذْكُرُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ— هُوَ اَهْلُ التَّقْوٰی وَاَهْلُ الْمَغْفِرَةِ ۟۠
ඔවුන් උපදෙස් ලබන්නට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුන් උපදෙස් නොලබනු ඇත. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසුවීමට ඔහුම සුදුස්සා වේ. එමෙන්ම තම ගැත්තන් ඔහු වෙත පාපක්ෂමාව අයැද සිටින විට, ඔවුන්ගේ පාපකම්වලට සමාව දීමට ඔහුම වඩාත් සුදුස්සා වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
•මිනිසාගේ අභිමතය බැදී පවතිනුයේ අල්ලාහ්ගේ අභිමතය සමගය.

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
•තමන් වෙත එවන ලද දේව පණිවිඩ කටපාඩම් කර ගැනීම සඳහා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට තිබූ ආශාව හා උනන්දුව. කිසිවක් අමතක නොවන පරිදි ඔහුගේ සිත් තුළ එක් තැන් කිරීමේ හා එය ධාරණය කරවීමේ වගකීම අල්ලාහ් භාර ගෙන තිබීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙደሲር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት