Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙደሲር   አንቀጽ:
فَقُتِلَ كَیْفَ قَدَّرَ ۟ۙ
එහෙයින් ඔහු ශාප කරනු ලැබීය. සැලසුම් කළ ආකාරයටම දඬුවම් කරනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ قُتِلَ كَیْفَ قَدَّرَ ۟ۙ
එහෙයින් ඔහු ශාප කරනු ලැබීය. සැලසුම් කළ අකාරයටම දඬුවම් කරනු ලැබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ نَظَرَ ۟ۙ
පසුව ඔහු පවසන දෑහි නැවත යොමු වී අධීක්ෂණයෙන් යුතුව බලා පරිස්සම් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ عَبَسَ وَبَسَرَ ۟ۙ
පසුව අල් කුර්ආනයේ දොස් නගන්නට කිසිවක් ඔහුට නොලැබුණු අවස්ථාවේ ඔහුගේ මුහුණ රවන්නට විය. රළු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ اَدْبَرَ وَاسْتَكْبَرَ ۟ۙ
පසුව දේව විශ්වාසයෙන් පසුබැස නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ව පිළිපැදීමට උඩඟු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَقَالَ اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ یُّؤْثَرُ ۟ۙ
පසුව, "මුහම්මද් කවර කරුණක් ගෙන ආවේ ද එය දේව වදනක් නොවන්නේය. එය වෙනත් අය විසින් ලබා දන්වා සිටින හූනියමකිි" යැයි ඔහු පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنْ هٰذَاۤ اِلَّا قَوْلُ الْبَشَرِ ۟ؕ
මෙය අල්ලාහ්ගේ වදනක් නොවන්නේය. මෙය මිනිස් වදනකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَاُصْلِیْهِ سَقَرَ ۟
මෙම දේව ප්රතික්ෂේපකයාව නිරයේ ස්තරයන් අතරින් එක් ස්තරයකට ඇතුළත් කරමි. එය සකර් නම් උණුසුම දරා සිටින්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَاۤ اَدْرٰىكَ مَا سَقَرُ ۟ؕ
අහෝ මුහම්මද් සකර් යනු කුමක්දැයි ඔබට දැනුම් දුන්නේ කුමක් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا تُبْقِیْ وَلَا تَذَرُ ۟ۚ
එහි දඬුවම් ලබන කිසිවක් ඒ වෙත දඬුවම පැමිණීමෙන් මිස ඉතිරි වන්නේ නැත. ඔහු ව අතහැර දමන්නේ ද නැත. පසු ව ඔහු සිටි තත්ත්වයටම නැවත පත්වෙයි. පසුව නැවතත් එම දඬුවම පැමිණෙයි. මෙසේ වාරයන් දිගටම පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَوَّاحَةٌ لِّلْبَشَرِ ۟ۚ
දැඩි ලෙස දවාලන, සම් විකෘති කරන්නකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَلَیْهَا تِسْعَةَ عَشَرَ ۟ؕ
එහි සුර දූතවරු දහනව දෙනෙක් වෙති. ඔවුහු එහි භාරකරුවෝ වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا جَعَلْنَاۤ اَصْحٰبَ النَّارِ اِلَّا مَلٰٓىِٕكَةً ۪— وَّمَا جَعَلْنَا عِدَّتَهُمْ اِلَّا فِتْنَةً لِّلَّذِیْنَ كَفَرُوْا ۙ— لِیَسْتَیْقِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَیَزْدَادَ الَّذِیْنَ اٰمَنُوْۤا اِیْمَانًا وَّلَا یَرْتَابَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَالْمُؤْمِنُوْنَ ۙ— وَلِیَقُوْلَ الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ وَّالْكٰفِرُوْنَ مَاذَاۤ اَرَادَ اللّٰهُ بِهٰذَا مَثَلًا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَمَا یَعْلَمُ جُنُوْدَ رَبِّكَ اِلَّا هُوَ ؕ— وَمَا هِیَ اِلَّا ذِكْرٰی لِلْبَشَرِ ۟۠
නිරයේ භාරකරුවන් ලෙස මලක්වරුන් මිස වෙනත් කිසිවෙකු අපි පත් නො කළෙමු. එහෙයින් මිනිස් වර්ගයාට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කිසිදු ශක්තියක් නැත. ඔවුන්ගේ සංඛ්යාව අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් හට පරීක්ෂණයක් ලෙසින් මිස පත් නො කළෙමු. එය ඔවුන් පවසන දෑ පවසා ඒ හේතුවෙන් ඔවුන් මත දඬුවම ගුණ කර දෙනු ලබන පිණිසය. තවද තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන්ගේ එම ග්රන්ථ තහවුරු කරමින් අල් කුර්ආනය පහළ වන අවස්ථාවේ ඔවුන් දැඩි සේ විශ්වාස කරනු පිණිසය. තවද දෙවියන් විශ්වාස කරන්නන් ආගම් ලත් ජනයා සමග අනුගත වන විට ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වී යුදෙව්වන් කිතුනුවන් හා දෙවියන් විශ්වාස කරන්නන් ඒ ගැන සැක ඇති කර නො ගනු පිණිසය. දේව විශ්වාසය තුළ දෙගිඩියාවෙන් පෙළෙන්නන් හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්, ‘මෙම සුලබ සංඛයාවකින් අල්ලාහ් අපේක්ෂා කරනුයේ කුමක් ද?' යැයි විමසා සිටිනු පිණිසය. මෙම සංඛ්යාව පිටු දකින්නා නොමග යෑමත්, එය තහවුරු කරන්නාට මග ලැබීමත්, මෙහි උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් නොමග යැවීමට අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරිනු ඇත. එමෙන්ම යහමග පෙන්වීමට අපේක්ෂා කරන්නන් යහමග යොමු කරනු ඇත. ඔබේ පරමාධිපතිගේ සේනාවේ අධිකත්වය ඔහු හැර වෙනත් කිසිවෙකු නො දනී. නිරා ගින්න මිනිස් වර්ගයාට මෙනෙහි කිරීමක් මිස නැත. එමගින් ඔවුහු පාරිශුද්ධ වූ අල්ලාහ්ගේ බල මහිමය හඳුනා ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّا وَالْقَمَرِ ۟ۙ
සැබැවින්ම තමන් නිරයේ භාරකරුවන් වළක්වන තරමට ඔවුනට ප්රමාණවත් බව දෙවියන්ට ආදේශ තබන ඇතැමුන් කල්පනය කරන්නාක් මෙන් එම ප්රකාශය නැත. අල්ලාහ් සඳු මත දිවුරා පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّیْلِ اِذْ اَدْبَرَ ۟ۙ
රාත්රිය ගෙවී යන අවස්ථාවේ ඒ මත දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالصُّبْحِ اِذَاۤ اَسْفَرَ ۟ۙ
උදෑසන ආලෝකය විහිදුවන විට එම උදෑසන කාලය මත දිවුරමින්.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهَا لَاِحْدَی الْكُبَرِ ۟ۙ
සැබැවින්ම නිරා ගින්න අති බිහිසුණු අභාග්යයන්ගෙන් එකකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَذِیْرًا لِّلْبَشَرِ ۟ۙ
මිනිසුනට ත්රස්තය හා බිය ගැන්වීමක් වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ یَّتَقَدَّمَ اَوْ یَتَاَخَّرَ ۟ؕ
අහෝ ජනයිනි! එය අල්ලාහ්ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන්හි නිරත වී, ඉදිරියට යෑමට හෝ දේව ප්රතික්ෂේපය හා පාපකම් ඉටු කර පසුබසින්නට කැමැත්තන් හටය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِیْنَةٌ ۟ۙ
සෑම ආත්මයක්ම ඔවුනොවුන් උපයාගත් ක්රියාවන් අනුව ග්රහණය කරනු ලැබේ. එනම් එම ආත්මයගේ ක්රියාදාමයන් එය විනාශ කරන්නක් ලෙසින් හෝ එය නිදහස් කොට විනාශයෙන් මුදවන්නක් ලෙසින් හෝ පිහිටනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّاۤ اَصْحٰبَ الْیَمِیْنِ ۟ؕۛ
නමුත් දේවත්වය විශ්වාස කරන්නන් හැර. සැබැවින්ම ඔවුන්ගේ වැරදි හේතුවෙන් ඔවුන් ග්රහණය කරනු නො ලබති. ඔවුන් සතුව දැහැමි ක්රියාවන් ඇති බැවින් ඒ සඳහා සමාව දෙනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فِیْ جَنّٰتٍ ۛ۫— یَتَسَآءَلُوْنَ ۟ۙ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග උයන්හි එකිනෙකා පිළිබඳ ඔවුනොවුන් විමසා ගනිමින් සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَنِ الْمُجْرِمِیْنَ ۟ۙ
පාපකම් සිදු කිරීම තුළින් තමන්වම විනාශ කර ගත්, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳවය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا سَلَكَكُمْ فِیْ سَقَرَ ۟
නිරයට නුඹලා ඇතුළත් කළේ කුමක්දැයි ඔවුන්ගෙන් විමසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْا لَمْ نَكُ مِنَ الْمُصَلِّیْنَ ۟ۙ
එවිට දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට පිළිතුරු දෙමින්, 'මෙලොව ජීවිතයේ අනිවාර්යය සලාතය ඉටු කරන්නන් ලෙස අපි නොසිටියෙමු' යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِیْنَ ۟ۙ
අල්ලාහ් අපට පිරිනැමූ දැයින් දිළිඳුන් හට ආහාර සපයන්නන් ලෙස අපි නොසිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكُنَّا نَخُوْضُ مَعَ الْخَآىِٕضِیْنَ ۟ۙ
අපි ව්යාජත්වයේ පසුවන්නන් සමග සිටියෙමු. ඔවුන් යන යන තැන අපි ද ගියෙමු. නොමග ගියවුන් හා පොළඹවන්නන් සමග අපි කතා කරමින් සිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكُنَّا نُكَذِّبُ بِیَوْمِ الدِّیْنِ ۟ۙ
ප්රතිඵල පිරිනමනු ලබන දිනය අපි බොරු කරමින් සිටියෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَتّٰۤی اَتٰىنَا الْیَقِیْنُ ۟ؕ
මරණය අප වෙත පැමිණෙන තෙක් බොරු කිරීමෙහි අපි අඛණ්ඩ ව සිටියෙමු. එහෙයින් අප අතර හා තව්බාව නොහොත් පාපක්ෂමාව අතර තිරයක් වැටුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
•අල් වලීද් ඉබ්නු අල් මුගීරාට සත්යය පැහැදිළි වූවායින් පසු, දේව විශ්වාසයෙන් පෙරළි ගිය මොහොතේ ඔහුට ඇති වූ අහංකාර කමේ අන්තරාව.

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොවෙහි මිනිසාගේ ක්රියාකාරකම් සඳහා ඔහුම වගඋත්තරකරුවා වෙයි.

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
•අවශ්ය අයට ආහාර නොසැපයීම නිරා ගින්නට පිවිසීමේ හේතූන් අතරින් එක් හේතුවකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙደሲር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት