Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली अनुवाद : रव्वाद अनुवाद केन्द्र । * - अनुवादहरूको सूची

PDF XML CSV Excel API
Please review the Terms and Policies

अर्थको अनुवाद सूरः: श्शुअरा   श्लोक:
وَاجْعَلْ لِّیْ لِسَانَ صِدْقٍ فِی الْاٰخِرِیْنَ ۟ۙ
තවද පසුව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!
अरबी व्याख्याहरू:
وَاجْعَلْنِیْ مِنْ وَّرَثَةِ جَنَّةِ النَّعِیْمِ ۟ۙ
තවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව!
अरबी व्याख्याहरू:
وَاغْفِرْ لِاَبِیْۤ اِنَّهٗ كَانَ مِنَ الضَّآلِّیْنَ ۟ۙ
තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන් ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය.
अरबी व्याख्याहरू:
وَلَا تُخْزِنِیْ یَوْمَ یُبْعَثُوْنَ ۟ۙ
තවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නො කරනු මැනව!
अरबी व्याख्याहरू:
یَوْمَ لَا یَنْفَعُ مَالٌ وَّلَا بَنُوْنَ ۟ۙ
(එය) ධනය හෝ දරුවන් හෝ ප්‍රයෝජනවත් නො වන දිනකි.
अरबी व्याख्याहरू:
اِلَّا مَنْ اَتَی اللّٰهَ بِقَلْبٍ سَلِیْمٍ ۟ؕ
එහෙත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
अरबी व्याख्याहरू:
وَاُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِیْنَ ۟ۙ
තවද බිය බැතිමතුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
अरबी व्याख्याहरू:
وَبُرِّزَتِ الْجَحِیْمُ لِلْغٰوِیْنَ ۟ۙ
තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.
अरबी व्याख्याहरू:
وَقِیْلَ لَهُمْ اَیْنَ مَا كُنْتُمْ تَعْبُدُوْنَ ۟ۙ
(අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේ දැ? යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
अरबी व्याख्याहरू:
مِنْ دُوْنِ اللّٰهِ ؕ— هَلْ یَنْصُرُوْنَكُمْ اَوْ یَنْتَصِرُوْنَ ۟ؕ
අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝ ද?
अरबी व्याख्याहरू:
فَكُبْكِبُوْا فِیْهَا هُمْ وَالْغَاوٗنَ ۟ۙ
එවිට එහි ඔවුහු හා සීමාව ඉක්මවූවෝ මුණින් අතට හෙළනු ලබති.
अरबी व्याख्याहरू:
وَجُنُوْدُ اِبْلِیْسَ اَجْمَعُوْنَ ۟ؕ
ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද (මුණින් අතට) හෙළනු ලබති.
अरबी व्याख्याहरू:
قَالُوْا وَهُمْ فِیْهَا یَخْتَصِمُوْنَ ۟ۙ
තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.
अरबी व्याख्याहरू:
تَاللّٰهِ اِنْ كُنَّا لَفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟ۙ
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.
अरबी व्याख्याहरू:
اِذْ نُسَوِّیْكُمْ بِرَبِّ الْعٰلَمِیْنَ ۟
සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලාව පත් කළ අවස්ථාවේ…(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.)
अरबी व्याख्याहरू:
وَمَاۤ اَضَلَّنَاۤ اِلَّا الْمُجْرِمُوْنَ ۟
තවද එවන් අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අපව නොමග නො යැවී ය.
अरबी व्याख्याहरू:
فَمَا لَنَا مِنْ شَافِعِیْنَ ۟ۙ
එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.
अरबी व्याख्याहरू:
وَلَا صَدِیْقٍ حَمِیْمٍ ۟
තවද (උණු වන හදවතක් ඇති) සමීප මිතුරෙකු හෝ නොමැත.
अरबी व्याख्याहरू:
فَلَوْ اَنَّ لَنَا كَرَّةً فَنَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟
එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු.
अरबी व्याख्याहरू:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.
अरबी व्याख्याहरू:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත.
अरबी व्याख्याहरू:
كَذَّبَتْ قَوْمُ نُوْحِ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
නූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝ ය.
अरबी व्याख्याहरू:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ نُوْحٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
अरबी व्याख्याहरू:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
නියත වශයෙන් ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.
अरबी व्याख्याहरू:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
अरबी व्याख्याहरू:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ۚ
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත.
अरबी व्याख्याहरू:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ؕ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.)
अरबी व्याख्याहरू:
قَالُوْۤا اَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْاَرْذَلُوْنَ ۟ؕ
පහත් අය නුඹව අනුගමනය කරමින් සිටියදී අපි නුඹව විශ්වාස කරන්නෙමු දැ? යි ඔවුහු විමසුවෝ ය.
अरबी व्याख्याहरू:
 
अर्थको अनुवाद सूरः: श्शुअरा
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली अनुवाद : रव्वाद अनुवाद केन्द्र । - अनुवादहरूको सूची

यसलाई रुव्वाद अनुवाद केन्द्रको टोलीले रब्वा दावाह संघ र इस्लामी सामग्री सेवा संघको सहयोगमा अनुवाद गरिएको छ।

बन्द गर्नुस्