Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली अनुवाद : रव्वाद अनुवाद केन्द्र । * - अनुवादहरूको सूची

PDF XML CSV Excel API
Please review the Terms and Policies

अर्थको अनुवाद सूरः: फुस्सिलत   श्लोक:
وَمِنْ اٰیٰتِهٖۤ اَنَّكَ تَرَی الْاَرْضَ خَاشِعَةً فَاِذَاۤ اَنْزَلْنَا عَلَیْهَا الْمَآءَ اهْتَزَّتْ وَرَبَتْ ؕ— اِنَّ الَّذِیْۤ اَحْیَاهَا لَمُحْیِ الْمَوْتٰی ؕ— اِنَّهٗ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
තවද මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන් ම ඒවාට ජීවය දුන් අය මළවුන්ට ද ජීවය දෙන්නාම ය. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
अरबी व्याख्याहरू:
اِنَّ الَّذِیْنَ یُلْحِدُوْنَ فِیْۤ اٰیٰتِنَا لَا یَخْفَوْنَ عَلَیْنَا ؕ— اَفَمَنْ یُّلْقٰی فِی النَّارِ خَیْرٌ اَمْ مَّنْ یَّاْتِیْۤ اٰمِنًا یَّوْمَ الْقِیٰمَةِ ؕ— اِعْمَلُوْا مَا شِئْتُمْ ۙ— اِنَّهٗ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
නියත වශයෙන් ම අපගේ වදන්වල විකෘති කරන්නන් අප වෙතින් සැඟව යන්නන් නො වෙති. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිතව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
अरबी व्याख्याहरू:
اِنَّ الَّذِیْنَ كَفَرُوْا بِالذِّكْرِ لَمَّا جَآءَهُمْ ۚ— وَاِنَّهٗ لَكِتٰبٌ عَزِیْزٌ ۟ۙ
නියත වශයෙන් ම ඔවුන් වෙත අනුශාසනාව පැමිණි කල්හි එය ප්‍රතික්ෂේප කළවුන් ද (මතු ලොවෙහි දඬුවම් කරනු ලබන්නෝ වෙති.) තවද නියත වශයෙන් ම එය අතිබලගතු ග්‍රන්ථයකි.
अरबी व्याख्याहरू:
لَّا یَاْتِیْهِ الْبَاطِلُ مِنْ بَیْنِ یَدَیْهِ وَلَا مِنْ خَلْفِهٖ ؕ— تَنْزِیْلٌ مِّنْ حَكِیْمٍ حَمِیْدٍ ۟
එය (අනුශාසනා සහිත ග්‍රන්ථය)ට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්‍ය දෑ ඒ වෙත නො පැමිණෙනු ඇත. එය මහා ප්‍රඥාවන්ත ප්‍රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි.
अरबी व्याख्याहरू:
مَا یُقَالُ لَكَ اِلَّا مَا قَدْ قِیْلَ لِلرُّسُلِ مِنْ قَبْلِكَ ؕ— اِنَّ رَبَّكَ لَذُوْ مَغْفِرَةٍ وَّذُوْ عِقَابٍ اَلِیْمٍ ۟
නුඹට පෙර සිටි ධර්ම දූතවරුන්ට පවසනු ලැබූ දෑ මිස (වෙනෙකක්) ඔබ වෙත පවසනු නො ලැබෙයි. නියත වශයෙන් ම ඔබේ පරමාධිපති සමාව දෙන්නා ය. වේදනීය දඬුවම දෙන්නා ය.
अरबी व्याख्याहरू:
وَلَوْ جَعَلْنٰهُ قُرْاٰنًا اَعْجَمِیًّا لَّقَالُوْا لَوْلَا فُصِّلَتْ اٰیٰتُهٗ ؕ— ءَاَؔعْجَمِیٌّ وَّعَرَبِیٌّ ؕ— قُلْ هُوَ لِلَّذِیْنَ اٰمَنُوْا هُدًی وَّشِفَآءٌ ؕ— وَالَّذِیْنَ لَا یُؤْمِنُوْنَ فِیْۤ اٰذَانِهِمْ وَقْرٌ وَّهُوَ عَلَیْهِمْ عَمًی ؕ— اُولٰٓىِٕكَ یُنَادَوْنَ مِنْ مَّكَانٍ بَعِیْدٍ ۟۠
තවද එය අරාබි නො වන (පිටස්තර භාෂාවෙන් යුත්) කුර්ආනයක් බවට අපි පත් කළේ නම්, “එහි වදන් විස්තර කරනු ලැබිය යුතු නො වේ ද? (නබිවරයා) අරාබිවරයෙකු ලෙස සිටිය දී එය අරාබි නො වන්නක් ද? යැයි ඔවුහු විමසනු ඇත. “එය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුවයකි. තවද විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ කන් තුළ බිහිරි භාවය ඇත. එමෙන් ම එය (කුර්ආනය) ඔවුන් වෙත අන්ධ භාවයක් මෙන් පෙනේ. දූර ස්ථානයකින් ඇරයුම් කරනු ලබන්නෝ ඔවුහු ම ය.”යැයි (නබිවරය!) නුඹ පවසනු.
अरबी व्याख्याहरू:
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ فَاخْتُلِفَ فِیْهِ ؕ— وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ وَاِنَّهُمْ لَفِیْ شَكٍّ مِّنْهُ مُرِیْبٍ ۟
තවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එවිට එහි මතභේද ඇති විය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් පෙරටු නො වී නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ (කුර්ආනය) ගැන කුතුහලයක් ඇති කරන සැකයෙහි සිටින්නන් වෙති.
अरबी व्याख्याहरू:
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهٖ ۚ— وَمَنْ اَسَآءَ فَعَلَیْهَا ؕ— وَمَا رَبُّكَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟
කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නපුරක් කළේ ද එය ඔහුට එරෙහිව ම ය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ.
अरबी व्याख्याहरू:
 
अर्थको अनुवाद सूरः: फुस्सिलत
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली अनुवाद : रव्वाद अनुवाद केन्द्र । - अनुवादहरूको सूची

यसलाई रुव्वाद अनुवाद केन्द्रको टोलीले रब्वा दावाह संघ र इस्लामी सामग्री सेवा संघको सहयोगमा अनुवाद गरिएको छ।

बन्द गर्नुस्