पवित्र कुरअानको अर्थको अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - अनुवादहरूको सूची


अर्थको अनुवाद श्लोक: (29) सूरः: सूरतुन्निसा
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَاْكُلُوْۤا اَمْوَالَكُمْ بَیْنَكُمْ بِالْبَاطِلِ اِلَّاۤ اَنْ تَكُوْنَ تِجَارَةً عَنْ تَرَاضٍ مِّنْكُمْ ۫— وَلَا تَقْتُلُوْۤا اَنْفُسَكُمْ ؕ— اِنَّ اللّٰهَ كَانَ بِكُمْ رَحِیْمًا ۟
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, ගනුදෙනු කරුවන් දෙදෙනකුගේ එකඟතාවෙන් සිදුවන ව්යාපාරයකින් ලැබෙන ධනයක් වී නම් මිස සොරකම, මංකොල්ලය, අල්ලස් වැනි නිත්යනුකූල නොවන අයුරින් නුඹලා තවකෙනෙකුගේ ධනය සූරා නොගනන්න. එසේ නිත්යනුකූල ව ඉපැයූ ධනය අනුභව කිරීමත්, එහි ගනුදෙනු කිරීමත් නුඹලාට අනුමැතිය ඇත. නුඹලා තවකෙකු ඝාතනය නොකරන්න. එමෙන්ම නුඹලා අතරින් කිසිවකු ඔහුවම ඝාතනය කර නොගත යුතුය. විනාශ මුඛය කරා එමගින් ඔහු සේන්දු නොවිය යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මහා කාරුණිකය. නුඹලාගේ ජීවිත, නුඹලාගේ ධනය හා නුඹලාගේ මානය සුරක්ෂා කිරීම ඔහුගේ කරුණාගුණයෙන් යුක්ත වූවකි.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• سعة رحمة الله بعباده؛ فهو سبحانه يحب التوبة منهم، والتخفيف عنهم، وأما أهل الشهوات فإنما يريدون بهم ضلالًا عن الهدى.
•අල්ලාහ් තම ගැත්තන්හට දක්වන ආශිර්වාදයේ විශාලත්වය. සුවිශුද්ධ වූ ඔහු ඔවුන් පතන පාප ක්ෂමාවට ප්රිය කරන අතරම එය ඔවුන්ගෙන් සැහැල්ලු කිරීමට ප්රිය කරයි. ආශාවන්ට වහල්වූවන් වනාහි ඔවුන් යහමගින් නොමග වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි.

• حفظت الشريعة حقوق الناس؛ فحرمت الاعتداء على الأنفس والأموال والأعراض، ورتبت أعظم العقوبة على ذلك.
•ෂරීආ හෙවත් ආගමික නීතිරාමු මිනිසාගේ අයිතිවාසිකම් රකියි. එහෙයින් ජීවිත දේපළ හා මානය සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම තහනම් කර ඇති අතර ඒ සඳහා මහත් දඬුවම් පනවා ඇත.

• الابتعاد عن كبائر الذنوب سبب لدخول الجنة ومغفرة للصغائر.
•මහා පාපයන්ගෙන් ඉවත් ව සිටීම ස්වර්ගයට පිවිසීමටත් සුළු පාපයන් සඳහා සමාව ලැබීමටත් හේතු වන්නේය.

• الرضا بما قسم الله، وترك التطلع لما في يد الناس؛ يُجنِّب المرء الحسد والسخط على قدر الله تعالى.
•අල්ලාහ් වෙන්කර දී ඇති දෑ පිළිගෙන මිනිසුන් සතු ව ඇති දෑ පැතීමෙන් වැළකී සිටීම අල්ලාහ්ගේ නියමය අනුව ඊර්ෂ්යාවෙන් හා ක්රෝධයෙන් මිනිසා වළක්වාලන්නේය.

 
अर्थको अनुवाद श्लोक: (29) सूरः: सूरतुन्निसा
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - अनुवादहरूको सूची

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

बन्द गर्नुस्