Check out the new design

पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । * - अनुवादहरूको सूची


अर्थको अनुवाद सूरः: वाकियह   श्लोक:
اِنَّهٗ لَقُرْاٰنٌ كَرِیْمٌ ۟ۙ
අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලා වෙත පාරායනය කරනු ලැබූ අල් කුර්ආනය වනාහි එහි ඇති අතිමහත් ප්රයෝජන හේතුවෙන් එය ගෞරවනීය පාරායනයකි.
अरबी व्याख्याहरू:
فِیْ كِتٰبٍ مَّكْنُوْنٍ ۟ۙ
මිනිස් දෑසට නොපෙනන සේ ආරක්ෂා කරන ලද ලේඛනයෙහි විය. එය ‘ලව්හුල් මහ්ෆූල්’ හෙවත් ආරක්ෂක පුවරුවයි.
अरबी व्याख्याहरू:
لَّا یَمَسُّهٗۤ اِلَّا الْمُطَهَّرُوْنَ ۟ؕ
අඩුපාඩු හා පාපකම්වලින් පිවිතුරු මලක්වරුන් මිස වෙනත් කිසිවෙකු එය ස්පර්ශ කරන්නේ නැත.
अरबी व्याख्याहरू:
تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟
සියලු මැවීම්හි පරමාධිපති වෙතින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද්දකි.
अरबी व्याख्याहरू:
اَفَبِهٰذَا الْحَدِیْثِ اَنْتُمْ مُّدْهِنُوْنَ ۟ۙ
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! මෙම දිව්යමය වදන නුඹලා තහවුරු නොකරන, බොරු කරන්නන් ලෙස සිටින්නෙහු ද?
अरबी व्याख्याहरू:
وَتَجْعَلُوْنَ رِزْقَكُمْ اَنَّكُمْ تُكَذِّبُوْنَ ۟
අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදයන් සඳහා ඔහුට නුඹලා කරන කෘතවේදීත්වය සැබැවින්ම නුඹලා ඔහුව බොරු කරන්නක් බවට පත් කර ගත්තෙහුය. වර්ෂාව වෙනත් යම් දෙයකට ආරෝපණය කරමින් මේ හේතුවෙන් අපට වර්ෂාව ලැබුණි මේ නිසා අපට වර්ෂාව ලැබුණි යැයි නුඹලා පවසන්නෙහුද?.
अरबी व्याख्याहरू:
فَلَوْلَاۤ اِذَا بَلَغَتِ الْحُلْقُوْمَ ۟ۙ
ප්රාණය උගුරු දණ්ඩ දක්වා ලඟා වූ විට, එහි තත්ත්වය කෙසේ නම් විය හැකි ද?
अरबी व्याख्याहरू:
وَاَنْتُمْ حِیْنَىِٕذٍ تَنْظُرُوْنَ ۟ۙ
එම වේලාවෙහි නුඹලා අතර සම්මුඛ වන දෑ නුඹලා දැක ගන්නෙහුය.
अरबी व्याख्याहरू:
وَنَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْكُمْ وَلٰكِنْ لَّا تُبْصِرُوْنَ ۟
අපගේ දැනුමෙන් අපගේ බලයෙන් හා අපගේ මලක්වරුන්ගෙන් අපි නුඹලා අතර මිය යන පුද්ගලයාට වඩාත් සමීපයෙන් සිටින්නෙමු. නමුත් නුඹලා එම මළක්වරුන් දකින්නේ නැත.
अरबी व्याख्याहरू:
فَلَوْلَاۤ اِنْ كُنْتُمْ غَیْرَ مَدِیْنِیْنَ ۟ۙ
නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනැමීමට නුඹලා යළි අවදි කරනු නොලබන්නේ යැයි නුඹලා විශ්වාස කරන පරිදි නුඹලා සිටියේ නම්, තත්ත්වය කෙසේ නම් වනු ඇත් ද!
अरबी व्याख्याहरू:
تَرْجِعُوْنَهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
නුඹලා සත්යවාදීන් නම් නුඹලා අතර මිය ගිය තැනැත්තාගෙන් බැහැර වූ ප්රාණය නුඹලා නැවත ගෙන එනු. එයට නුඹලා ශක්තිය නොදරනු ඇත.
अरबी व्याख्याहरू:
فَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُقَرَّبِیْنَ ۟ۙ
මිය ගිය තැනැත්තා යහපත් දේ වෙත පෙරටුගාමීව කටයුතු කළවුන් අතරින් වී නම්,
अरबी व्याख्याहरू:
فَرَوْحٌ وَّرَیْحَانٌ ۙ۬— وَّجَنَّتُ نَعِیْمٍ ۟
ඉන් පසු ඔහුට වෙහෙසක් නැති සැනසුම ද යහපත් ආහාර ද ආශිර්වාදය ද ඇත. එමෙන්ම ඔහු කැමති පරිදි භුක්ති විඳින ස්වර්ග උයන් ද ඇත.
अरबी व्याख्याहरू:
وَاَمَّاۤ اِنْ كَانَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟ۙ
මිය ගිය තැනැත්තා දකුණු පස සගයින් අතරින් කෙනෙකු වී නම්, ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු නැත. හේතුව සැබැවින්ම ඔවුනට සැනසුම හා ආරක්ෂාව හිමිවන බැවිණි.
अरबी व्याख्याहरू:
فَسَلٰمٌ لَّكَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟
මිය ගිය තැනැත්තා දකුණු පස සගයින් අතරින් කෙනෙකු වී නම්, ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු නැත. හේතුව සැබැවින්ම ඔවුනට සැනසුම හා ආරක්ෂාව හිමිවන බැවිණි.
अरबी व्याख्याहरू:
وَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُكَذِّبِیْنَ الضَّآلِّیْنَ ۟ۙ
මිය ගිය තැනැත්තා, දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑ බොරු කොට; ඍජු මාර්ගයෙන් නොමග ගිය අයකු වී නම්,
अरबी व्याख्याहरू:
فَنُزُلٌ مِّنْ حَمِیْمٍ ۟ۙ
ජලයෙන් පිළිගන්වනු ලබන ඔහුගේ සත්කාරය දැඩි උණුසුම් සහිත ලෝ දියයි.
अरबी व्याख्याहरू:
وَّتَصْلِیَةُ جَحِیْمٍ ۟
නිරා ගින්නෙන් පිළිස්සීම ඔහු සතු වන්නේය.
अरबी व्याख्याहरू:
اِنَّ هٰذَا لَهُوَ حَقُّ الْیَقِیْنِ ۟ۚ
අහෝ දූතය! සැබැවින්ම නුඹ වෙත අප පවසා සිටි මේ කතාව කිසිදු සැකයකින් තොර ස්ථීර සත්ය කතාවකි.
अरबी व्याख्याहरू:
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠
එහෙයින් සර්වබලධාරියාණන් වූ නුඹේ පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු. සියලු අඩුපාඩුවලින් ඔහු ශුද්ධ කරනු.
अरबी व्याख्याहरू:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
•‘සක්රාතුල් මව්ත්’ හෙවත් මරණ මංචකයේ බිහිසුණුකම හා එය වැළක්වීමට මිනිසාගේ නොහැකියාව.

• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
•යම් කිසි ප්රඥාවක් හේතුවෙන් අල්ලාහ් අභිමත කළහොත් මිස මිනිසා විසින් මලක්වරුන් දැකිය නොහැකිවීම මූලික ධර්මතාවකි.

• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
•(අල් අව්වල් -මූලාරම්භකයා, අල් ආකිර් -අවසානයා, අල් ළාහිර්- විද්යාමානයා, අල් බාතින් -අභ්යන්තරයා) යනාදී අල්ලාහ්ගේ නාමයන් අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමටත් බාහිර හා අභ්යන්තර කටයුතුවලදී ඔහු ගැන මතකයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යය කරයි.

 
अर्थको अनुवाद सूरः: वाकियह
अध्यायहरूको (सूरःहरूको) सूची رقم الصفحة
 
पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद । - अनुवादहरूको सूची

मर्क्ज तफ्सीर लिद्दिरासात अल-कुर्आनियह द्वारा प्रकाशित ।

बन्द गर्नुस्