Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: Albaqarah   Vers:
كُتِبَ عَلَیْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ ۚ— وَعَسٰۤی اَنْ تَكْرَهُوْا شَیْـًٔا وَّهُوَ خَیْرٌ لَّكُمْ ۚ— وَعَسٰۤی اَنْ تُحِبُّوْا شَیْـًٔا وَّهُوَ شَرٌّ لَّكُمْ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟۠
සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද, නුඹලා කෙරෙහි එය නියම කරන ලදි. නුඹලා යමක් පිළිකුල් කළ හැකි ය. එහෙත් එය නුඹලාට යහපතක් විය හැකි ය. නුඹලා යමක් ප්‍රිය කළ හැකි ය. එහෙත් එය නුඹලාට හානිදායක විය හැකි ය. අල්ලාහ් (සියල්ල) දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය.
Arabische uitleg van de Qur'an:
یَسْـَٔلُوْنَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِیْهِ ؕ— قُلْ قِتَالٌ فِیْهِ كَبِیْرٌ ؕ— وَصَدٌّ عَنْ سَبِیْلِ اللّٰهِ وَكُفْرٌ بِهٖ وَالْمَسْجِدِ الْحَرَامِ ۗ— وَاِخْرَاجُ اَهْلِهٖ مِنْهُ اَكْبَرُ عِنْدَ اللّٰهِ ۚ— وَالْفِتْنَةُ اَكْبَرُ مِنَ الْقَتْلِ ؕ— وَلَا یَزَالُوْنَ یُقَاتِلُوْنَكُمْ حَتّٰی یَرُدُّوْكُمْ عَنْ دِیْنِكُمْ اِنِ اسْتَطَاعُوْا ؕ— وَمَنْ یَّرْتَدِدْ مِنْكُمْ عَنْ دِیْنِهٖ فَیَمُتْ وَهُوَ كَافِرٌ فَاُولٰٓىِٕكَ حَبِطَتْ اَعْمَالُهُمْ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— وَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වීමත් ඔහු හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අබියස අතිමහත් පාපයක් බව පවසන්න. තවද කලහකම ඝාතනයට වඩා අතිමහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ වෙත් නම් නුඹලාගේ දහමින් නුඹලාව නැවත හර වන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නො වන්නෝ ම ය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපක යෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහු මය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහු මය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
Arabische uitleg van de Qur'an:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَالَّذِیْنَ هَاجَرُوْا وَجٰهَدُوْا فِیْ سَبِیْلِ اللّٰهِ ۙ— اُولٰٓىِٕكَ یَرْجُوْنَ رَحْمَتَ اللّٰهِ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
නියත වශයෙන් ම විශ්වාස කළවුන් හා දේශය අත හැර දමා ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූවන් වන ඔවුහු මය අල්ලාහ්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන්නෝ. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
Arabische uitleg van de Qur'an:
یَسْـَٔلُوْنَكَ عَنِ الْخَمْرِ وَالْمَیْسِرِ ؕ— قُلْ فِیْهِمَاۤ اِثْمٌ كَبِیْرٌ وَّمَنَافِعُ لِلنَّاسِ ؗ— وَاِثْمُهُمَاۤ اَكْبَرُ مِنْ نَّفْعِهِمَا ؕ— وَیَسْـَٔلُوْنَكَ مَاذَا یُنْفِقُوْنَ ؕ۬— قُلِ الْعَفْوَؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُوْنَ ۟ۙ
‘(නබිවරය!) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම්
ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අතිමහත් බවත්’ පවසනු. තවද ‘තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ?’ යි ද නුඹගෙන් ඔවුහු විමසති. ‘අතිරේක දෑ (වියදම් කරනු)’ යැයි පවසනු. මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ.
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: Albaqarah
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling - Centrum van Pionier Vertalers - Index van vertaling

Vertaald door het vertaalteam van het Centrum van Pionierende Vertalers in samenwerking met de Vereniging voor Da'wa in Al-Rabwa en de Vereniging voor de Dienstverlening van Islamitische Inhoud in Talen.

Sluit