د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
24 : 48

وَهُوَ الَّذِیْ كَفَّ اَیْدِیَهُمْ عَنْكُمْ وَاَیْدِیَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ مِنْ بَعْدِ اَنْ اَظْفَرَكُمْ عَلَیْهِمْ ؕ— وَكَانَ اللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرًا ۟

හුදෙයිබිය්යා හි නුඹලාට නපුරක් කිරීමේ බලාපොරොත්තුවෙන් දේව ආදේශකයින්ගෙන් අසූවක් දෙනෙකු පමණ පිරිසක් පැමිණි විට ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වා, නුඹලාගේ අත් ඔවුන්ගෙන් වළක්වා නුඹලා ඔවුන්ව ඝාතනය නොකර, ඔවුනට හිංසාවක් නොකර මුදා හරින්නට සැළැස්වූයේ අල්ලාහ්ය. ඔවුන්ව සිරභාරයට ගැනීමට නුඹලාට බලය ලබා දීමෙන් පසුව නුඹලා ඔවුන් යන්නට ඉඩ හැරියෙහුය. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الصد عن سبيل الله جريمة يستحق أصحابها العذاب الأليم.
•අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම වරදකි. එයට අදාළ පුද්ගලයින්ට වේදනීය දඬුවම උරුම වනු ඇත. info

• تدبير الله لمصالح عباده فوق مستوى علمهم المحدود.
•තම ගැත්තන්ගේ යහපත වෙනුවෙන් සැලසුම් යෙදීම, ඔවුන්ගේ සීමා සහිත දැනුමට වඩා ඉහළින් පිහිටන්නකි. info

• التحذير من استبدال رابطة الدين بحمية النسب أو الجاهلية.
•පරම්පරානුගත සිරිතක් මගින් හෝ අඥාන යුගයේ සිරිතක් මගින් දහම හා බැඳුණු යමක් වෙනස් කිරීමෙන් ප්රවේශම් වීම. info

• ظهور دين الإسلام سُنَّة ووعد إلهي تحقق.
•ඉස්ලාම් දහම ප්රසිද්ධියට පත් වීම දේව න්යායකි. එමෙන්ම ස්තීර වූ දේව ප්රතිඥාවකි. info